ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමේ අරමුණින් බෑන් කී මූන්ගෙන් තවත් මණ්‌ඩලයක්‌

Spread the News

ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමේ අරමුණින්
බෑන් කී මූන්ගෙන් තවත් මණ්‌ඩලයක්‌

කීර්ති වර්ණකුලසූරිය source;

වන්නි මෙහෙයුමේදී සිවිල් වැසියන් මියගිය බව දක්‌වමින් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් තවත් මණ්‌ඩලයක්‌ පත් කිරීමට තීරණය කර ඇත. මෙය ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමේ උත්සාහයක්‌ වේ. මෙම මණ්‌ඩලයට පැවරී ඇත්තේ පසුගියදා ප්‍රකාශයට පත්වූ එක්‌සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියා කිරීමය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් බෑන් කී මූන් විසින් පත්කරන තෙවැනි මණ්‌ඩලය මෙයයි.

එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ මෙම තීරණය ඒකපාක්‌ෂිකව ශ්‍රී ලංකාව යුද අපරාධ චෝදනාවලට වැරැදිකරු කිරීමේ උත්සාහයක්‌ වේ.

බෑන් කී මූන් විසින් පත්කළ එක්‌සත් ජාතීන්ගේ නිලධාරියකු වන චාල්ස්‌ පෙට්‌රිගේ පිටු 128 ක වාර්තාවෙන් කොටි නායකත්වය මරාදමා ඇති බවට දක්‌වා තිබිණි.

ඒ බවට සාක්‌කි ඇති බවද සඳහන් වී ඇත.

මේ විමර්ශන වාර්තාව කල්තියාම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙතින් විවිධ රාජ්‍ය නොවන සංවිධාන වෙත ලැබී තිබේ.

කොටි පරාජය වීමේ පළිය ගැනීමට බටහිර රටවල් උත්සාහ කරනවා. කොටින්ට යටත්වීමට ඉඩදෙන ලෙස ශ්‍රී ලංකා රජයට දැන් බලපෑම් එල්ල කිරීමටද කොළඹ විදේශ තානාපතිවරු රැසක්‌ රජයට බලපෑම් කිරීමට සූදානම්ව සිටි බවද විමර්ශන වාර්තාවේ සඳහන් වෙනවා යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.