Sat. Jan 18th, 2025
Spread the News

පැරණිම හා හොඳම උදාහරණය බෝල්ෂෙවික්-ලෙනිනිස්ට් පක්ෂයේ නායක කොල්වින් ආර් ද සිල්වා කම්කරු ව්‍යාපාර මෙහෙයවන අතරේම බ්‍රිතාන්‍ය පාලකයන් සමඟත් එක්තරා සහයෝගිතා උපක්‍රමය ද භාවිතා කිරීමයි. ලන්ඩනයේ LSC විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධි දෙකක්ම කොල්වින් ආර් ද සිල්වා ලබාගෙන ඇත. (ඔළුව එංගලන්තයේ , කකුළ ලංකාවේ)

ශ්‍රී ලංකා ධනේශ්වර සමාජයේ දූෂිත ම
පුද්ගලයා වන ජේ.ආර්.ජයවර්ධන සමගද කොල්වින් ආර් ද සිල්වා පවත්වාගෙන ගියේ ඉතාමත් සුහද මිත්‍රත්වයක්.

1970 සමගි පෙරමුණ ආණ්ඩුවේ
මැති ඇමතිකම් දරමින් ලංකා සම සමාජ පක්ෂය (පසුව නෙරපා දමන තුරුම), ලංකා කොමියුනිස්ට් පක්ෂය අගමැතිනි සිරිමා බණ්ඩාරණායක සමග පවත්වාගෙන ගියේ සහයෝගිතා වැඩපිළිවෙලක්.
නෙරපා දැමීමෙන් පසුව පමණක් මැතිනියගේ රජය ධනේශ්වර බව, දූෂිත බව කියන්න එන්.එම්.පෙරේරා
පෙළඹුණා.

හරිනි අමරසූරිය කියන්නෙත් ලංකාවේ ඉහළම පෙළේ ධනේෂ්වර පවුලකින් පැවැතගෙන එන, ධනේශ්වර පන්තියේ දියණියන් ඉගෙන ගත් කොළඹ බිෂොප් විද්‍යාලය වැනි වරප්‍රසාද ලත් පාසැලක ඉගෙන ගත් කාන්තාවක්. හිත වෙන කතාවක් කිව්වත් අවිඥානික මනසේ හෝ රැඳී ඇති ජාන ශක්තිය නිලීනව හෝ ක්‍රියාත්මක වීම ඇයට නවතාළිය නොහැකියි.

Fredrick Engels හා Karl Marx අතර තිබුණු සම්බන්ධය හා අවබෝධය සුවිශේෂී තත්ත්වයන් යටතේ ඇතිවුණු පුද්ගල බැඳීමට එහා ගිය ඓතිහාසික සංසිද්ධියක්.

එවැන්නක් ශ්‍රී ලංකාවේ කිසිදාක සිදුවන්නේ නැත. 1948 බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය අවසන් වුවත් අද දක්වාත් ශ්‍රී ලංකාවේ යටත් විජිත වහල් මානසික තත්ත්වය අවසන් වී නැත.

ජනතා පරමාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කොතරම් පුරසාරම් දෙඩෙව්වත්, ක්‍රියාවට නැංවීමේදී බොහෝ දේ ජනතාවගෙන් උදුරාගෙන තිබුණි.

සුද්දා යටත් විජිත වැසියන් රැවටුවද බ්‍රිතාන්‍ය වැසියන් හෝ පාර්ලිමේන්තු සගයන් රැවටුවේ නැත. එසේ කළේ නම් ඔවුන්ගේ ක්‍රමය කඩා වැටෙන බව ඔවුන් නිසැකයෙන්ම දැන සිටියා.

බ්‍රිතාන්‍යයන් අපට වෙස්ට්මිනිස්ටර් ක්‍රමය හඳුන්වා දුන්නත් එය අපට ආගන්තුක දෙයක්.

ව්‍යවස්ථා සංශෝධනයකදී, අපට ගැළපෙන පාලන ක්‍රමයක් හඳුන්වාදීමට 1948 සිට අද දක්වාත් ලංකාව පාලනය කළ කිසිම කණ්ඩායමකට කර ගැනීමට නොහැකි වූයේ යටත් විජිත වහල් මානසික තත්ත්වය ලංකාවේ සම සමාජ හා කොමියුනිස්ට් පක්ෂ වලට පමණක් නොව රෝහණ විජේවීරගෙන් පසු ජනතා විමුක්ති පෙරමුණටත් උරුම වීම ගැන හාංකවිසියක් ජනතාව නොදැන සිටි නිසයි.

1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කිරීම පවා බෝල්⁣ෂෙවික්-
ලෙනින්වාදී එක පයක් එංගලන්තයේ සහ එක පයක් ලංකාවේ
තබාගෙන සිටි ඊනියා න්‍යායාචාර්ය කොල්වින් ආර් ද සිල්වාට බාරදීම තවත් හොඳ උදාහරණයක්.

1962 කතෝලික හමුදා කුමන්ත්‍රණයේ චූදිතයින් එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලය විසින් නිදහස් කිරීම නිසා ඇතිවුණු තුවාලය සනීප කරගැනීමේ අරමුණින් ව්‍යවස්ථා සංශෝධනය කිරීම
දේශපාලනයේ තවත් එක් දුබල අවස්ථාවක් නිරූපණය කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවට ඩොමිනියන් තත්ත්වය ලැබුණු මොහොතේම කළ යුතුව තිබුණු බ්‍රිතාන්‍ය අධිකරණයේ බලපෑමෙන් නිදහස් විය යුතු බව 1972දක්වා කල් තැබීමට සිදුවූයේ ශ්‍රී ලංකාවේ කසිකබල් පක්ෂ දේශපාලනයේ දුර්දාන්ත බව නිසාමයි.

මේ පව් ගෙවා දැමීම සඳහා තව කොපමණ කාලයක් ලක්වැසියනට අවශ්‍ය වේවිද?

අනාගතයේදී බිහිවන සැබෑ බුද්ධිමත් පරපුරකට
මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම බාර කරමි.

-තෙවැනි ඇස-
27.11.2024

Protected by Security by CleanTalk