ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල නායකත්ව සමුළුව කඩාකප්පල් කිරීමේ තැතක්‌

Spread the News

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල නායකත්ව සමුළුව කඩාකප්පල් කිරීමේ තැතක්‌
source:
සුජීව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායකයන්ගේ සමුළුව කඩාකප්පල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට විරුද්ධව ක්‍රියාකිරීමට ජාත්‍යන්තර සංවිධාන දැනටමත් වැඩපිළිවෙළක්‌ ආරම්භ කර තිබේ.

මේ වසරේ නොවැම්බර් මාසයේ ජිනීවා හි එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මගින් ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු සොයා බලන සැසිවාරයේදී එයට බලපෑම් එල්ල කිරීම ද ඔවුන්ගේ අරමුණ වී ඇත.

පසුගිය ඔක්‌තෝබර් 5 වැනිදා ලන්ඩනයේ ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයේදී (ඇමිනස්‌ට්‌ ඉන්ටර්නැෂනල්) “ස්‌ටිල් කවුන්ටින් ද ඩේඩ්” (STILL COUNTING THE
DEAD) පොත එළි දැක්‌වූ අවස්‌ථාවේදීය. මෙම වැඩපිළිවෙළ සම්බන්ධව තොරතුරු අනාවරණය විය.

යුද්ධයෙන් බේරී පලා ආ දෙමළ ජනයා හා පැවැත්වූ සාකච්ඡා ඇසුරෙන් මෙම පොත ලියා පළකර තිබුණේ යුද සමයේ ශ්‍රී ලංකාවේ සිටි බි. බී. සී. වාර්තාකාරිණිය වූ µ්‍රeන්සිස්‌ හැරිසන් විසිනි.

මෙම පොත එළිදැක්‌වීමේ අවස්‌ථාවට “ශ්‍රී ලංකා කිලිං µSල්ඩ්ස්‌” යනුවෙන් බ්‍රිතාන්‍යයේ “චැනල් 4” රූපවාහිනියට වාර්තා වැඩසටහන් දෙකක්‌ නිපදවූ කැලම් මැක්‌රේ, යුද්ධය සමයේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සේවය කළ බෙන්ජමින් චික්‌ස්‌ සහ නාට්‍ය නිෂ්පාදිකාවක්‌ වන ක්‍රිස්‌ටීන් බේකන්ද සහභාගි වූහ.

කැලම් මැක්‌රේ කියා සිටියේ ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායකයන්ගේ සමුළුව මූලික කර ගනිමින් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය පිළිබඳවත් එම යුද්ධයේදී ශ්‍රී ලංකා රජය කරන ලද යුද අපරාධ හුවා දක්‌වමින් චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන බවයි.

පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නායකයන් දැනුවත් කිරීම සඳහා මෙම චිත්‍රපටය එම රටවල ප්‍රදර්ශනය කරන බව මැක්‌රේ පැවැසීය. එහි අරමුණ එම රටවල නායකයන් ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමට උසිගැන්වීමය.

එසේම ක්‍රිස්‌ටීන් බේයන් බේයන් කියා සිටියේ µ්‍රeන්සිස්‌a හැරිසන්ගේ පොත ඇසුරෙන් නාට්‍යයක්‌. නිපදවන බවයි. එම නාට්‍යද පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුව සහ එක්‌සත් ජාතීන්ගේ සමුළුව ඉලක්‌ක කරගෙන නිෂ්පාදනය කෙරෙන බව ද ඇය කියා සිටියාය.

එම නාට්‍යය පළමුව ලන්ඩනයේ රඟදක්‌වා ඉන්පසු අනෙක්‌ රටවල වේදිකාගත කිරීම ඔවුන්ගේ අරමුණයි.