Spread the News

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමේ
චැනල් 4 කික්‌ස්‌ ටාටර් මෙහෙයුම

source:

* කැනඩාවේ “පෙන්ටා” කොටි සමුළුවෙන් කැල්ලම් මැක්‌රේට උපහාර

* කොළඹ හිටපු බී.බී.සී. වාර්තාකාරිය වූ ප්‍රැන්සස්‌ හැරිසන් ද
ශ්‍රී ලංකාව වරදකරු යෑයි කියා සිටී

* මොන්ටි්‍රයල්හි මුරුගන් හෝටලේ දී ත්‍රිධරන්ට අරමුදල්?

* සෙබළුන් 26 ක්‌ පෝලිම් ගස්‌සා වෙඩි තබා මරා
පිළිස්‌සූ දර්ශන් හා සුලක්‍ෂන් නමැති කොටි මිනීමරුවන්ට නඩු පැවරේ

“ප්‍රභාකරන්ගේ කතාව ඔබේ දරුවන්ට කියා දෙන්න. ශ්‍රී ලංකාව තුළ අපිට යුද්ධයක්‌ ආරම්භ කරන්න බැහැ. යුද්ධයක්‌ ආරම්භ කළ හැක්‌කේ ඔබලාට පමණයි.”
– ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සිවඥණම් ශ්‍රීධරන් ජුලි 10 කැනඩාවේ මොන්ටි්‍රයල්හි
මුරුගන් කෝවිලේදී ශ්‍රී ලාංකික ඊළම්වාදීන් අමතමින් (Tell them Prabhakarans story
We Cannot start a war. Only you can start it – S. Sridaran)


කැනඩාවේ පෙන්ටා කොටි සමුළුවේදී කැල්ලම් මැක්‌රේට සළුවක්‌ පොරවා සම්මාන දී ගොනාට ඇන්දවූ අයුරු.

ශ්‍රීධරන් පෙන්ටා සමුළුවේදී

පෙන්ටා සමුළු වේදී ප්‍රාන්සස්‌ හැරිසන් ද ශ්‍රී ලංකාව වරදකරු කරමින්

පස්‌වැනි ඊළාම් යුද්ධය ආරම්භ කරන්නැයි කැනඩාවට ගොස්‌ ඊළාම්වාදීන්ගෙන් ඉල්ලා සිටි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් වෙනින් කවුරුත් නොව යාපනයේ හිටපු කොටි හමුදා නායක මිනීමරුවකු වූ වේලායුදපිල්ලේ බතිරන්කුමාර් හෙවත් තීපන්ගේ සමීපතම ඥතියෙකි. ශ්‍රීධරන්ගේ සොහොයුරිය විවාහ වී සිටියේ තීපන් සමගය. පසුගිය සතියේදී ශ්‍රීධරන් කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවැති කොටි හිතවාදී උතුරු ඇමරිකානු ද්‍රවිඩ සංගම් සම්මේලනය හෙවත් පෙන්ටා (Feබඒ) සංවිධානයේ 26 වැනි සමුළුවටට සහභාගි විය.

ටොරොන්ටෝ නුවර සිටින කොටි ඩයස්‌පෝරාව පැමිණ සිටි මේ සමුළුවට මුදල් වැය කළේ ද කොටි සමාගම් දහයකි. පෙන්ටා සමුළුවට සහභාගි වූ කැනඩාවේ කොටි හිතවාදී ද්‍රවිඩ මන්ත්‍රීවරිය රාධිකා සිතාසබේසන් සමග ද සාකච්ඡා කළ ශ්‍රධරන් ජුලි 10 වැනිදා මොන්ටි්‍රයල් නුවර මුරුගන් කෝවිලට පැමිණ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ද්වේශ සහගත ප්‍රකාශයක්‌ කර ඇත. “ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ තරුණියන් 200 ක්‌ රැගෙන ගොස්‌ අතවර කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේ මම මැදිහත්වී ඔවුන්ව බේරාගත්තා”යෑයි ඔහු කියා සිටියේය.

ශ්‍රීධරන් ද මෙසේ ප්‍රකාශ කර තිබේ. “වසර 30 ක්‌ තිස්‌සේ පැවැති ආණ්‌ඩු සමග ප්‍රභාකරන් සටන් වැදුනා. සිංහලයන් නිසා ද්‍රවිඩ ප්‍රජාවට හැමදේම අහිමි වුණා. අපට දැන් ශ්‍රී ලංකාව තුළ මුකුත් කරන්න බැහැ. ඔබලා දරුවන්ට කියන්න ද්‍රවිඩ සංවිධානයක්‌ ආරම්භ කරන්න කියා. ප්‍රභාකරන්ගේ කතාව ඔවුන්ට කියා දෙන්න. යුද්ධයක්‌ ආරම්භ කළ හැක්‌කේ ඔබලාට පමණයි. මම ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරයෙක්‌ ලෙස කටයුතු කළහොත් ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාව රැක ගැනීමට හැකි වෙනවා. කොටි වෙනුවෙන් සටන් වැදී ආබාධිත වූ අයව මම බලාගන්නවා.”

මෙම ප්‍රකාශයෙන් පසු රැස්‌ව සිටි ඊළාම්වාදීහු ශ්‍රීධරන්ට හා ඔහුගේ සගයන් දෙදෙනාට අරමුදල් පරිත්‍යාග කර ඇත. මුරුගන් කෝවිලේ පැවැති රැස්‌වීම ඇමතූ විභූෂන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හිටපු කොටියකු පැවසුවේ කැනඩාවේ සිට යුද්ධයක්‌ ආරම්භ කළ යුතු නම් වහාම කැනඩාවට එන්නැයි ශ්‍රීධරන්ගෙන් ඉල්ලා සිටින බවයිs. ශ්‍රීධරන්ගේ මේ කතාව කැනඩා රහස්‌ පොලිසියේ විමර්ශනයට ද ලක්‌විය.

නැවත වරක්‌ ශ්‍රී ලංකාව තුළ යුද්ධයක්‌ ආරම්භ කරන බව ශ්‍රීධරන් ප්‍රකාශ කළ මුල් වතාව මෙය නොවේ. පසුගිය නොවැම්බර් මාසයේ ලන්ඩනයේ පැවැති බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය මෙහෙය වූ කොටි සමුළුව අමතමින් ඔහු මෙලෙස පවසා ඇත. “අපේ ප්‍රජාව වෙනුවෙන් නිදහස්‌ අරගලයක්‌ දියත් කිරීම සඳහා සංක්‍රමණික රටවල සිටින තරුණ කණ්‌ඩායම් අලුතින් අපට එක්‌වෙනවා.”

මෙලෙස යුද හමුදාව ද්‍රවිඩ තරුණියන් 200 කට අතවර කිරීමට උත්සාහ කළ බවට බරපතළ චෝදනාවක්‌ එල්ල වූයේ මුල් වරටය. කිසිම රටක්‌ එවන් චෝදනාවක්‌ එල්ල කර නොතිබියදී තීපන් කොටියාගේ සමීපතම ඥතියා වූ ශ්‍රීධරන් නගා ඇත්තේ සාවද්‍ය චෝදනාවක්‌ බව සනාථ නොවන්නේද?

මෙම පසුබිම යටතේ කැනඩාවේ ටොරොන්ටෝහි පැවැති “පෙන්ටා” සංවිධානයේ කොටි සමුළුවට තවත් කොටි හිතවාදී චරිත දෙකක්‌ ද එක්‌විය. එA බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ සහ කොළඹ හිටපු බී.බී.සී. වාර්තාකාරිය වූ ප්‍රාන්සස්‌ හැරිසන්ය.

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යායුතුයි” යෑයි මේ දෙදෙනාම පවසද්දී සමුළුවට සහභාගි වූ කොටි හිතවාදීහු ප්‍රීතිඝෝෂා කළහ. (Sරස ඛ්බන් සි චමඑ සබ එයෑ dදජන)

“ශ්‍රී ලංකාවේ නායකයන් යුද අපරාධ සිදු කළ බවට පැහැදිලි සාක්‍ෂි තියෙනවා” යෑයි මැක්‌රේ තවදුරටත් කියා සිටියේය. (ඵ්ජර්e saසා එයෑසර ආs a ජකැaර ජමඑ ජ්se දෙර ආර ජරසපැs aට්‌සබිඑ එයෑ Sරස ඛ්බන්බ රමකැරි)

කොටි අරමුදල් මත යෑපෙන කැල්ලම් මැක්‌රේ එම ප්‍රකාශයෙන් කියා සිටියේ ජනාධිපති, ආරක්‍ෂක ලේකම් හා වන්නි හමුදා නායකයන් හේග්හි අන්තර්ජාතික අධිකරණය වෙතට ගෙන යා යුතු බවයි.

මැක්‌රේගේ ප්‍රකාශය අනුමත කරමින් ප්‍රාන්සස්‌ හැරිසන් ද ශ්‍රී ලංකාවේ පාලකයන් ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කළ යුතු බව කියා සිටියේය. මෙහිදී පෙන්ටා සංවිධානය විසින් කැල්ලම් මැක්‌රේට සළුවක්‌ පොරවා උපහාර දක්‌වනු ලැබීය. සර්බියානු නායකයාව සිටි මිලොසවික්‌ව මෙන් මෙරට ජනාධිපතිව යුද අධිකරණයට ගෙන යැම මැක්‌රේගේ අභිලාෂයයි.

චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂවරයා මෙන් හිටපු බී.බී.සී. වාර්තාකාරිය දැන් රඟ දක්‌වන්නේ මාධ්‍යවේදී චරිත නොව කොටි ඩයස්‌පෝරාව වෙනුවෙන් සාවද්‍ය ප්‍රචාරක කටයුතු මෙහෙයවීමයි. එය සනාථ වන්නේ ශ්‍රී ලංකාවේ නායකයන්ව අන්තර්ජාතික අධිකරණය වෙත ගෙන යැම සඳහා මැක්‌රේ කික්‌ස්‌ටාර්ටර් නමින් මෙහෙයුමක්‌ ආරම්භ කිරීමයි. (ණසජනිඒරඑeර) මෙම මෙහෙයුම යටතේ උතුරු නැගෙනහිර ද්‍රවිඩයන්ට ස්‌වයංපාලනය ලබාදීම නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක්‌ බවත් එමගින් ද්‍රවිඩයන්ට ආරක්‍ෂාව ලැබෙන බවද ඔහු කියා සිටී.

මැක්‌රේ එසේ මෙසේ බොරු කාරයෙක්‌ නොවේ. ශ්‍රී ලංකාවේ රජය මාධ්‍ය බිහිසුණු ලෙස නිහඬ කළ බවත් දුසිම් ගණන් මාධ්‍ය සේවකයන් මරා දැමූ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ඔහු නිර්මාණය කළ නෝපයර් සෝන් චිත්‍රපටය බ්‍රිතාන්‍යයේ සිට ප්‍රංශයටත් අනතුරුව ජිනීවා හා නිව්යෝර්ක්‌ දක්‌වා ද ඉන් පසු කැනඩාවට හා මැලේසියාවට ද ගෙන ගිය මැක්‌රේට එකී ක්‍රියාදාමය සඳහා අරමුදල් සපයා ඇත්තේ කොටි ඩයස්‌පෝරාව බව අනාවරණය වේ.

මේ අතර ලබන නොවැම්බර් මස කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගිවීමේ මුවාවෙන් මැක්‌රේ මෙරටට පැමිණීමට උත්සාහ කරන බව හෙළි විය.

ඔහුගේ පැමිණීම අපේක්‍ෂාවෙන් රාජ්‍ය නොවන සංවිධාන හතරක්‌ හා යාපනය වව්නියාව හිටපු කොටි හිතවාදීන් සූදානම්ව සිටින බව ද්‍රවිඩ ආරංචි මාර්ග දක්‌වයි.

මැක්‌රේ මෙරටට එන්නේ ශ්‍රී ලංකාවට එරෙහි සිය ඊළඟ චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා තවත් අමුද්‍රව්‍ය සොයා ගැනීමේ අරමුණෙනි. චැනල් 4 රූපවාහිනි අධ්‍යක්‍ෂ මැක්‌රේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට දරන දීන උත්සාහය හමුවේ ඔහුට මෙරටට පැමිණීමට වීසා බලපත්‍රයක්‌ ලැබෙන්නේ නැතැයි ඔස්‌ටේ්‍රලියාවේ කොන්සල් ජනරාල්වරයා ප්‍රකාශ කිරීම නිසා මැක්‌රේගේ කොළඹ සගයෝ අන්දමන්ද වූහ. මේ සතියේ දිනෙක මාධ්‍ය අමාත්‍යවරයා වෙත යොමුවූ ප්‍රශ්නයක්‌ වූයේ මැක්‌රේට සහ ප්‍රැන්සස්‌ හැරිසන්ට පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට වාර්තා කිරීමට මෙරටට ඒමට ඉඩ දෙන්නේද යන්නයි.

කැල්ලම් මැක්‌රේට හා කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ අභ්‍යන්තර සහ (ෂබඉදමබා දචැර්එදරි aබා දමඑඉදමබා දච) හා පිටස්‌තර මෙහෙයුම්කරුවන් මෙරට ක්‍රියාත්මක වේ.

කොටි හිතවාදී මැක්‌රේ සහ ප්‍රාන්සස්‌ හැරිසන්ව ශ්‍රී ලංකාවට එවීම සඳහා මාධ්‍යවේදීන් රැක ගැනීමේ කමිටුව නමැති රාජ්‍ය නොවන සංවිධානය ද පොදු රාජ්‍ය මණ්‌ඩල මහලේකම් කමලේශ් ශර්මාට ලිපියක්‌ යවමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට මාධ්‍යවේදීන් එවීමේ අවසරය ඇත්තේ මහලේකම් කාර්යාලයට යෑයි පවසා ඇත.

එහෙත් බ්‍රිතාන්‍ය රජය ඉස්‌ලාමීය විරෝධී අදහස්‌ ඇති වෙබ් අඩවි මෙහෙයවන්නා වූ පැමේලා ෙ-ලර් සහ රොබට්‌ ස්‌පෙන්සර්ට එරටට පැමිණීම තහනම් කර තිබිණි.

එසේම ඉන්දීය රජය ද ඉන්දියාවේ පැවැත්වෙන ආගමික සමුළුවක්‌ ඇමතීම සඳහා බී.බී.සී. වාර්තාකාරියකට වීසා බලපත්‍ර ලබාදීම ප්‍රතික්‍ෂේප කළේය.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවේ නායකයන් හා හමුදා ප්‍රධානීන් අන්තර්ජාතික අධිකරණයට ගෙනයන බවට ප්‍රසිද්ධියේ පැවසූ චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේට සහය වන ෙද්‍රdaහීන් කවුදැයි 2011 ජුලි මස 10 දා චැනල් 4 සහ බර්ලිනයේ ක්‍රෙම්ටනර් වීදියේ කුමන්ත්‍රණය මැයෙන් අපි විශේෂයෙන් (eංජකමිසඩැ) හෙළි කළෙමු.

ඒ ප්‍රධාන පෙළේ කොටි හිතවාදියකු වූ රෝහිත භාෂණ අබේවර්ධන නමැත්තායි. මොහු ජර්මනියට පැන ගොස්‌ ෙ-.ඩී.එස්‌. නමින් සංවිධානයක්‌ අටවාගෙන තිබිණි. “කැල්ලම් මැක්‌රේට ශ්‍රී ලංකාව හමුදාවට එරෙහිව වීඩියෝ දර්ශන යෑව්වේ අපියි” යෑයි ඔහු වරක්‌ කියා සිටියේය. මෙම ෙ-.ඩී.එස්‌. සංවිධානය සඳහා බර්ලිනයේ ක්‍රෙම්මනර් වීදියේ නිවසක ලිපියක්‌ භාවිතා විය. එම නිවසේ හිමිකරු 1971 කැරලිකරුවකු වූ රංජිත් හෙන්නායක ලොහ්බිලර් හෙවත් බඩල්ගම බර්ටියි. චැනල් 4 අපවාදයෙන් බේරීම සඳහා තම නිවසේ ලිපිනය දුන්නේ තාවකාලිකව යෑයි බඩල්ගම බර්ටි කියා සිටියේය.

එහෙත් ජර්මනියේ ක්‍රෙම්මනර් වීදියට ගිය අපි බඩල්ගම බර්ටිගේත් ෙ-.ඩී.එස්‌. සංවිධානයේත් ලිපිනය එක යෑයි හෙළි කළෙමු. 2011 ජුනි මස 19 වැනි ඉරිදා ශ්‍රී ලංකාව යුද අපරාධකරුවන් කිරීමේ පවුම් මිලියන ගණනක කොටි කොන්ත්‍රාත්තුව චැනල් 4 භාරගෙන යෑයි ආරක්‍ෂක විශේෂාංගයෙන් හෙළි කළ අවස්‌ථාවේ ආරක්‍ෂක බලධාරීහු චැනල් 4 මෙහෙයුමේ බරපතළ තත්ත්වය අවබෝධ කරගත්තේ නැත.

2011 ජුනි මස දිනෙක කැල්ලම් මැක්‌රේ මෙලෙස ප්‍රකාශ කර තිබිණි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ බිහිසුණු සිංහල රජය ද්‍රවිඩ කොටින්ව සදහටම විනාශ කිරීමේ බලපත්‍රයක්‌ තමන්ට ඇතැයි යන්න විශ්වාස කළා.

කොටි ඝාතක සමාගම විනාශ කිරීම ද වැරද්දක්‌ ලෙස මැක්‌රේ හඳුන්වද්දී චැනල් 4 රූපවාහිනියේ ජොනතන් මිලර් නමැත්තා ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවරට ගොස්‌ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය කාර්යාලයේ සිට එන ස්‌ථානයේ රැක සිටියේය.

58 වැනි සේනාංකයේ සිටි බව කියමින් ව්‍යාජ හමුදා නිලධාරීන්ගේ ප්‍රකාශ චැනල් 4 වීඩියෝ පටයේ පිළිබිඹු කෙරෙනවා යෑයි ශවේන්ද්‍ර සිල්වා ප්‍රතිචාරයක්‌ දක්‌වමින් මිලර්ට කීවේය.

මේ ජොනතන් මිලර් 2009 සැප්තැම්බර් මස සංචාරකයකු වේශයෙන් මෙරටට පැමිණ හිටපු කොටි හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හමුවී ලන්ඩනයට ගියේය.

මිලර් මෙරටට ඇවිත් ආපසු යනතුරු අපේ බුද්ධි සේවා දැන සිටියේ නැත. ලන්ඩනයේ පැවති සමුළුවකදී මිලර් පැවසුවේ උතුරේ ද්‍රවිඩයන් දුක්‌විඳින බවයි. සමුළුවට සහභාගි වූ ශ්‍රී ලාංකිකයන් නුඹ එA බව දැන්නේ කෙසේදැයි විමසීය. මිලර්ට කට වැරදුනි. තමා හොරෙන් ශ්‍රී ලංකාවට ගිය බව ඔහු පිළිගත්තේය.

මේ අතර 2011 ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සමුළු ශාලාවට පැමිණි මැක්‌රේ පසුපස කොටි හිතවාදීහු මැක්‌රේ යෑයි හඬ නගමින් දිවයන අයුරු අපි දුටුවෙමු.

මේ තත්ත්වය මැද සිය කික්‌ස්‌ටාර්ටර් (ණසජනිඒරඑeර) මෙහෙයුම යටතේ අරමුදල් එකතු කරමින් ක්‍රියාත්මක මැක්‌රේ තවදුරටත් මෙලෙස ප්‍රකාශ කර ඇත. “කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට තව ඇත්තේ පැය කීපයක්‌. රාජ්‍ය නායකයන් ඉලක්‌ක කර අපි මාධ්‍ය ප්‍රචාර මෙහෙය වන්නෙමු.”

මේ අතර ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය නිපදවූ සම්පත් පුෂ්පකුමාර නමැත්තාට රොටර්ඩෑම් හියුබට්‌ බැල්ස්‌ අරමුදලින් මුදල් ලැබුණේ කෙසේදැයි රජය විමර්ශනයට ලක්‌ කළ යුතුය. රාජ්‍ය රූපවාහිනි සේවාවක ගොවි වැඩසටහනක්‌ මෙහෙය වූ අයකු රොටර්ඩෑම් බලධාරීන් සමග සබඳකම් පැවැත්වීමේ පසුබිම කුමක්‌ද?

ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් 18 ක්‌ හා නාවික හමුදා භටයන් 8 ක්‌ පෝලිම් ගස්‌සා වෙඩි තබා මරා ඔවුන්ගේ සිරුරු පුළුස්‌සා දැමූ මදරායන් සුලක්‍ෂන් හා ගනේෂන් දර්ශන් නමැති කොටි මිනීමරුවන් දෙදෙනාට එරෙහිව මේ සතියේදී නඩු පැවරුනි.

මෙම හමුදා සෙබළුන්ව පුදුකුඩිඉරිප්පුහි වික්‌ටර් කොටි කඳවුරේ රඳවා තිබිණි. මෙම කොටි කඳවුර භාරව සිටි රත්නම් මාස්‌ටර් විසින් සෙබළුන් 26 දෙනා මරන්නැයි නියෝග කර ඇතැයි පරීක්‍ෂණවලදී හෙළි විය.

උතුරේ පළාත් සභා මැතිවරණයට පෙර නිදහස්‌ කරන ලෙස ද්‍රවිඩ සන්ධානය ඉල්ලන්නේ මෙවැනි කොටි මිනීමරුවන්ය.

කීර්ති වර්ණකුලසූරිය