“ශ්‍රී ලංකාව දෙකඩ කරනවා”

Spread the News

“ශ්‍රී ලංකාව දෙකඩ කරනවා”

තමිල්නාඩුවේ වයිකෝ source:

1. වයිකෝ සහ ප්‍රභාකරන් රංගනය සනාථ වූ අයුරු

2. ශ්‍රී ලංකාව යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ කරන හිටපු බී.බී.සී. වාර්තාකාරිනිය වූ ප්‍රැන්සස්‌ හැරිසන්

3. ද්‍රවිඩ පළාත් සභා මන්ත්‍රී ජෙනා – එදා සහ අද

4. කොටි හිතවාදී මාධ්‍ය පාර්ශ්ව ආනන්දපුරම්හි මිනී වළවල් හෑරීමට සූදානම් වේ.

තමිල් සෙල්වන් වෙනුවෙන් කඳුළු සැලූ ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්වයක්‌ මැණික්‌ෆාම් ප්‍රදේශයේ සැරිසරයි

මුල්ලිවෙල්ලිවයික්‌කාල්හි මිනී වළවල් හෑරීමට උත්සාහ කරන අබිරහස්‌ මාධ්‍ය කණ්‌ඩායමක්‌

සිංගප්පූර් ව්‍යාජ යුද මහාචාර්ය යළි මතුවී ජාතික හෙළ උරුමය තහනම් කරන්න යෑයි කේවට්‌ට උපදෙස්‌ දේ

පුලිතේවන් කොටියාට සිය සාදයට ඇරයුම් කළ හිටපු බී.බී.සී. වාර්තාකාරී ප්‍රැන්සස්‌ හැරිසන් ද ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරු කිරීමට උත්සාහ කරයි

ද්‍රවිඩ සන්ධාන මඩකලපු පළාත් සභා මන්ත්‍රී “ජෙනා” බ්‍රිතාන්‍ය පුරවැසි බව ලත් අයෙක්‌ යෑයි හෙළිවේ

රන්දෙවොල මෙහෙයුම දියත් කළ ඉන්දීය හමුදා නිලධාරියාට එල්ල වූ පිහි ඇනුම මෙරට හමුදා නිලධාරීන්ට කළ අනතුරු ඇඟවීමක්‌

“ස්‌වාමීනි· කොටි සංවිධානයට අවශ්‍ය ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර ස්‌වාධීන රාජ්‍යයක්‌ බිහි කිරීමටයි. තමිල් ඊළම් යනු ඊළම් ද්‍රවිඩයන්ගේ යුක්‌ති සහගත ඉල්ලීමක්‌.”

– තමිල්නාඩුවේ එම්. සී. එම්. කේ. පක්‍ෂයේ නායක වයිකෝ

ඉන්දීය රජය විසින් කොටි සංවිධානය තවදුරටත් තහනම් කරමින් නිකුත් කළ නියෝගය ඉවත් කර ගැනීම සඳහා පසුගියදා තමිල්නාඩුවේ මහ කොටියා වූ වයිකෝ නවදිල්ලි විනිශ්චය සභාව හමුවට පැමිණියේය. ස්‌වාමීනි· ඉන්දීය රජය ඊළාම් ද්‍රවිඩයන්ට ද්‍රෝහී වුණා යෑයි කියමින් වයිකෝ කොටි හඬ නගමින් සිය දේශනය ආරම්භ කළේය. “මම අගමැති මන්මෝහන් සිංට ලිපියක්‌ යවමින් මේ බව කියා සිටියා. ඊට ප්‍රතිචාර දක්‌වමින් අගමැතිවරයා මා වෙත ලිපියක්‌ එව්වා. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය රැක ගැනීමට ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට හමුදා ආධාර දුන් බව එම ලිපියේ සඳහන් වුණා. ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළම පිහිටුවීම තමයි කොටි සංවිධානයේ අරමුණ වුණේ යෑයි වයිකෝ තවදුරටත් කියා සිටියේය. මෙහිදී විනිසුරු වික්‍රම්සින් සෙන් ප්‍රශ්නයක්‌ නගමින් වයිකෝ මහත්මයා, තමිල්නාඩුව හෝ ඉන්දියාවේ කොටසක්‌ තමිල් ඊළමට අත්පත් කර ගැනීමට කොටි සංවිධානයට අවශ්‍ය වුණා නේද යෑයි විමසුවේය.

ස්‌වාමීනි· තමිල් ඊළම් රාජ්‍යයට තමිල්නාඩුව ඈ¹ ගැනීමට කොටි සංවිධානයට අවශ්‍ය වූයේ නැහැ. තමිල්නාඩුව තමිල් ඊළම් රාජ්‍යයට සම්බන්ධ කරගන්නා බවට කොටි සංවිධානය කිසිම විටෙක සඳහන් කර නැහැ. ඉන්දියාවේ ඒකීයභාවයට ද කොටි සංවිධානය තර්ජනයක්‌ එල්ල කළේ නැහැ. කොසවෝ, නැගෙනහිර ටිමෝරය සහ පලස්‌තීන යන රටවල ජනතාව විමුක්‌ති අරගලවලට සහාය දැක්‌වූවා. කොහොම වුණත් ඉන්දියාව ඊළාම් ද්‍රවිඩයන්ට ද්‍රෝහී වුණා යෑයි වයිකෝ වැඩිදුරටත් පළ කළේය. ඉන්දියාව ද්‍රවිඩයන්ට ද්‍රෝහි වුණා යෑයි කියන්නේ කවුද යෑයි විනිසුරු සෙන් මෙහිදී ප්‍රශ්න කළේය. මමයි කියන්නේ. කොටි තහනම දීර්ඝ කිරීම නිසා ද්‍රවිඩයන් ජාත්‍යන්තර අනාථයන් බවට පත්වී සිටිනවා. මේ නිසා ඉන්දීය රජය ද්‍රවිඩයන්ව බියකරු තත්ත්වයකට ඇද දමා තිබෙනවා. කොටි සංවිධානය පරාජය වුණේ ඉන්දීය දේශපාලන නායකයන් සහ නිලධාරීන් දියත් කළ ප්‍රචාර නිසා. මේ පරාජයට ඔවුන් වගකිවයුතු යෑයි ප්‍රභාකරන්ගේ අතිජාත මිත්‍රයා වූ වයිකෝ කියා සිටියේය.

මෙහිදී තමා කොටි සංවිධානයේ නිලධාරියකු හෝ කොටි සංවිධානය විසින් බලය පැවරූ අයකු නොවන බව විනිසුරු සෙන් විසින් වයිකෝ අමතා පවසා ඇත. මෙයට ප්‍රතිචාර දැක්‌වූ වයිකෝ කොටි තහනම තමාට ද බලපා ඇතැයි ද තමාට එරෙහිව නඩු දෙකක්‌ ඇතැයි ද වයිකෝ සඳහන් කළේය.

මෙහිදී විනිශ්චය සභාව හමුවේ තමිල්නාඩු විමර්ශන ඒකකයේ නිලධාරී සම්පත් කුමාර් විසින් තමිල්නඩුව තුළ කොටි තවමත් ක්‍රියාත්මක වන බවට සනාථ කරන ලියවිලි ඉදිරිපත් කෙරිණි. ටැමිල් නැෂනල් රිටි්‍රවල් ගෲප්, ටැමිල්නාඩු ලිබරේෂන් ප්‍රන්ට්‌ සහ ටැමිල්නාඩු ලිබරේෂන් ආමි යන සංවිධාන තමිල්නාඩුව තුළ ක්‍රියාත්මක වන අතර එකී සංවිධානවල අරමුණ බෙදුම්වාදය බවත් කොටි විසින් පුහුණු කරන තමිල්නාඩුව එවා ඇති බවත් එම පොලිස්‌ නිලධාරියා හෙළි කළේය.

මේ අවස්‌ථාවේදී කොටින්ගේ ලිබරේෂන් ටයිගර්ස්‌ ඔෆ් පීපල්ස්‌ ප්‍රන්ට්‌ නමැති දේශපාලන ඒකකය 1991 දී අහෝසි කර ඇති බව දන්නේ දැයි වයිකෝ විසින් පොලිස්‌ නිලධාරි සම්පත්කුමාර් ගෙන් විමසා ඇත. “කොටින්ගේ දේශපාලන ඒකකය නිල වශයෙන් විසුරුවා නැහැ. ඒ බව කොටි නායකයන් පවා දැනුම් දීමක්‌ කර තිබුණේ නැහැ”යෑයි සම්පත්කුමාර් විසින් ප්‍රතිචාර දැක්‌වීම නිසා වයිකෝට කටඋත්තර නැති විය. අනතුරුව ඉන්දීය අභ්‍යන්තර කටයුතු අධ්‍යක්‍ෂ ආර්. කේ. සුමන් විනිශ්චය සභාව හමුවේ කරුණු දක්‌වමින් හිටපු කොටි නායකයන් හා සාමාජිකයන් නැවත වරක්‌ ඒකරාශීවීමටත් තමිල්නාඩුව තුළ ඇති ත්‍රස්‌ත කණ්‌ඩායම්වලට පණදීමටත් උත්සාහ කරන බව කීවේය. “හමුදා පරාජයෙන් පසුත් තමිල් ඊළාම් සංකල්පය අත්හැරීමට කොටි සංවිධානය ක්‍රියා කර නැහැ. ඉන්දියාවේ ඒකීයභාවය තවදුරටත් තර්ජනයක්‌ එල්ල කිරීමට කොටි සංවිධානය ක්‍රියා කරනවා. ඒ සඳහා වේදිකාව ලෙස තමිල්නාඩුව යොදා ගැනීමට ක්‍රියා කරනවා යෑයි හෙතෙම පළ කළේය.

විනිසුරු වී. කේ. ෙ-න් හමුවේ තවදුරටත් කරුණු දැක්‌වූ ආර්. කේ. සුමන් ශ්‍රී ලංකාව තුළ දී කොටි පරාජය වුවත් ඉන්දියාවට එල්ලවී ඇති තර්ජනය තවමත් පවතින බව බුද්ධි අංශ විසින් වාර්තා කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

මෙහිදී වයිකෝ ප්‍රතිචාර දක්‌වමින් පැවසුවේ ඉන්දීය රජය විසින් කොටි සංවිධානයට මඩ ගසන බවයි. කොටි සංවිධානයේ පරාජයට ඉන්දීය දේශපාලකයන් වගකිවයුතු යෑයි ද්‍රවිඩ ඩයස්‌පෝරාව අන්තර්ජාලය ඔස්‌සේ විවිධ ප්‍රකාශ කිරීම නිසා ඉන්දීය ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ වී ඇති බවට ඉන්දීය රජය කර ඇති ප්‍රකාශයට තවදුරටත් ප්‍රතිචාර දැක්‌වූ වයිකෝ රටවල් රැසක මානව හිමිකම් ක්‍රියාකාරීන් සිය ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් සමූල ඝාතනය වී ඇති බව පවසා ඇතැයි සඳහන් කළේය.

ඒ සඳයා වයිකෝ නිදසුන් වශයෙන් අයර්ලන්තයේ ඩබ්ලින් නුවර මහජන අධිකරණය නමින් පැවැත්වූ රාජ්‍ය නොවන සංවිධාන අධිකරණය විසින් ශ්‍රී ලංකාව යුද අපරාධකර ඇති බව තීරණය කර ඇතැයි ද එම විනිශ්චය සභාවේ විනිසුරු මණ්‌ඩලයට නවදිල්ලි මහාධිකරණයේ හිටපු විනිසුරු අයත් වූ බවද වයිකෝ පළ කළේය. මේ මහජන විනිශ්චය සභාව නමැති හොර අධිකරණය පවත්වනු ලැබුවේ වසර කීපයකට පෙර මෙරටින් අයර්ලන්තයට පැනගිය ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැති එන්.ජී.ඕ. ක්‍රියාකාරියායි. ඔහු පැය හතරක්‌ තුළදී මෙම මහජන විනිශ්චය සභාව ලවා ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් බවට තීන්දු කළේය. එසේ වුවත් ශ්‍රී ලංකා හමුදා සෙබළුන් කොටි බංකරයක තිබී ප්‍රභාකරන් හා වයිකෝගේ සබඳතාව දැක්‌වෙන ඡායාරූප රැසක්‌ සොයාගනු ලැබීමෙන් පසු වයිකෝගේ වෙස්‌මුහුණු ගැලවී බිම වැටුණි.

මේ අතර කොටි හිතවාදී පිළිවෙතක්‌ අනුගමනය කළ මෙරට හිටපු බී.බී.සී. වාර්තාකාරිනිය වූ ප්‍රාන්සස්‌ හැරිසන් මේ සතියේදී යළි මතු විය. ලෝකය අමතක කළ යුද්ධය නමින් ග්‍රන්ථයක්‌ ප්‍රකාශයට පත් කරමින් ඇය වන්නියෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිටුවහල් කළ බවත් මාධ්‍යවේදීන්ට යුද කලාපයට යැමට ඉඩ දුන්නේ නැති බවත් චෝදනා නගා ඇත.

ප්‍රැන්සස්‌ හැරිසන් මෙරටින් පිටව යැමට පෙර කොළඹ ගාලු මුවදොර හෝටලයේදී සමුගැනීමේ සාදයක්‌ පැවැත්වූවාය. ඊට කොටි ත්‍රස්‌තයකු වූ පුලිතේවන්ට ද ඇරයුම් කර තිබිණි.

හැරිසන් මෙහිදී පවසන්නේ තමා නෝර්වේ සිට ඕස්‌ටේ්‍රලියාව දක්‌වා සංචාරය කර වන්නි මෙහෙයුමින් දිවි ගලවාගත් ද්‍රවිඩයන් සමග සාකච්ඡා කළ බවත් ඇතැම් ද්‍රවිඩයන් හමුදාව රසායනික බෝම්බ භාවිතා කළ බවට පැවසූ බවයි.

මේ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනිය කොටි කොන්ත්‍රාත්තුවක්‌ මත ක්‍රියා කරන බව සනාථ විය. ඇය සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූ ද්‍රවිඩයන් රසායනික බෝම්බ හඳුනා ගන්නේ කෙසේද හා ඇයට නෝර්වේ සහ ඕස්‌ටේ්‍රලියාව දක්‌වා යැමට අරමුදල් සැපයුවේ කවුද යන්න මෙතෙක්‌ හෙළි කර නැත. මෙලෙස ඇය වසර තුනකට පසු ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට සනාථ කිරීමට උත්සාහ කරන අවස්‌ථාවේ විදෙස්‌ අරමුදල් ලබන එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු උතුරේ කොටි හිතවාදී මාධ්‍ය පාර්ශ්වයන් මුල්ලිවෙයික්‌කාල් ප්‍රදේශය හරහා ආන්නදපුරම් නමැති ස්‌ථානයට ගොස්‌ ශ්‍රී ලංකා හමුදාව මරා වළ දැමූ ද්‍රවිඩයන්ගේ යෑයි දක්‌වමින් මිනී වළවල් හෑරීමේ උත්සාහයක යෙදී ඇත. එකී ක්‍රියාදාමය සනාථ කරමින් නෝර්වේ කොටි හා මෙරට කොටි හිතවාදීහු මුල්ලවෙයික්‌කාල් හි බංකර් අසල සමූහ මිනී වළවල් ඇති බවට ද ප්‍රචාරය කරනු ලැබීය. (Journalists who visited Ananthapuram – report of seeing mass graves)

මෙලෙස මුල්ලිවෙල්ලිවයික්‌කාල් ගිය මාධ්‍ය පාර්ශ්ව කවුරුන්ද? එහෙත් අවතැන් වූවන් සිටි මැණික්‌ ෆාම් කඳවුර වෙත මාධ්‍ය පාර්ශ්වයන් පිවිසි බව හමුදා ආරංචි මාර්ග හෙළි කළේය. එහෙත් හමුදා බුද්ධි අංශ මොවුන්ගේ පසුබිම නිරීක්‍ෂණය කළේ ද මැණික්‌ෆාම් කඳවුර වෙත ගිය අය අතර තමිල් සෙල්වන් නමැති ත්‍රස්‌තයා වෙනුවෙන් වැළපුණ කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්වයන් ක්‌ද සිටි බව හෙළි විය. එසේම ටැමිල් නෙට්‌ නමැති කොටි වෙබ් අඩවිය කොළඹ සිට නැවත සකස්‌ කරන්නා ද ඊට සහභාගි වී තිබේ. එහෙත් ආරක්‍ෂක බලධාරීහු මේ ගැන අවධානය යොමු කළේද? මෙයට සති කීපයකට කලින් රයිට්‌ස්‌ නව් නමැති රාජ්‍ය නොවන සංවිධානයට සම්බන්ධ වූවන් ද වන්නියේ සංචාරය කර ඇතැයි හෙළි විය.

මේ පසුබිම යටතේ යුද්ධය ජයගත නොහැකි යෑයි විදේශ මාධ්‍යවලට ප්‍රකාශ කළ සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වන ව්‍යාජ යුද මහාචාර්යවරයා යළි මතු විය. ඔහු මෙවර ද රජයට කේවට්‌ට උපදෙස්‌ දෙමින් මෙලෙස කියා සිටියේය. “ජාතික හෙළ උරුමය, ද්‍රවිඩ සන්ධානය හා මුස්‌ලිම් කොංග්‍රසය තහනම් කළ යුතුයි. සහජීවන පිළිවෙතට එරෙහි වන දේශපාලන පක්‍ෂ ගැන නිරීක්‍ෂණය කළ යුතුවේ. කොටින්ට අරමුදල් සැපයූ ද්‍රවිඩ සංවිධාන දැන් ඉදිරියට අවුත් පුනරුත්ථාපනය වූ කොටින්ට නිවාස ඉදිකර ගැනීමට සහාය දිය යුතුයි.

කොටි බෝම්බ පුපුරවමින් බිහිසුණු ක්‍රියා සිදු කරද්දී මෙරටට නොපැමිණි මේ ව්‍යාජ යුද මහාචාර්ය කලකට පෙර දේශපාලකයකු මැරීමට ප්‍රභාකරන් වරක්‌ කොළඹට පැමිණි බවද පවසා තිබිණි.

මේ ප්‍රකාශය නිසා මෙරට බුද්ධි අංශ මවිතයට පත්විය. මෙලෙස මෙරට රජයට කේවට්‌ට උපදෙස්‌ දීමට ඉදිරිපත් වන මේ ව්‍යාජ යුද මහාචාර්යවරයා ඇෆ්ගනිස්‌තානයේ තාලිබාන් හා අල්කයිදා ත්‍රස්‌තයන් විනාශ කිරීමට ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයට උපදෙස්‌ නොදෙන්නේ මන්ද යෑයි අපට ප්‍රශ්නයක්‌ නැගේ.

කොටි සංවිධානය පැරදවිය හැකි යෑයි අපි දිගින් දිගටම කියද්දී මේ ව්‍යාජ යුද මහාචාර්යවරයා කොටි පැරදවිය හැකි යෑයි පැවසුවේද? රජයත් ආරක්‍ෂක බලධාරීනුත් වඩාත්ම ප්‍රවේසම් විය යුත්තේ ආරක්‍ෂික ප්‍රධානීන්ව වර්ණනා කරන මෙවන් කේවට්‌ටයන්ගෙන්ය.

මේ අතර සතුරා අවස්‌ථාව එනතුරු බලා සිටින බව අපි පසුගිය කාලය මුළුල්ලේ පෙන්නුම් කළෙමු. කොටි නායකත්වය විනාශ වුවත් කොටි ත්‍රස්‌තයෝ විවිධ වෙස්‌මුහුණු මත ක්‍රියාත්මක වේ. ආරක්‍ෂක බලධාරීහු සිය ආරක්‍ෂාව ගැන වඩා සුපරීක්‍ෂාකාරී විය යුත්තේ සැඟවී සිටින සතුරන් නිසාය. 1984 දී කාලිස්‌තාන් ත්‍රස්‌තනයන්ගෙන් සික්‌ රන්දෙවොල බේරා ගැනීමේ මෙහෙයුම දියත් කිරීමට මුල්වූ විශ්‍රාමික ලුතිනන් ජනරාල් කේ. එස්‌. බ්‍රාර් මේ සතියේ දිනෙක ලන්ඩනයේදී සාහසිකයන් සිව්දෙනකුගේ පිහි ඇනුම්වලට ලක්‌වී බරපතළ තුවාල ලැබීය. ඊට පෙර ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඇගේ සික්‌ ආරක්‍ෂක භටයන්ගේ වෙඩි ප්‍රහාරවලින් ඝාතනය විය.

ලුතිනන් ජනරාල් බ්‍රාර්ව ඝාතනය කිරීමට සික්‌ අන්තවාදීහු උත්සාහ කළේ වසර 28 කට පසුවය. මෙය වන්නි මෙහෙයුමට දායක වූ මෙරට හමුදා බලධාරීන්ට හා නිලධාරීන්ට ද පාඩමක්‌ වනු නියතය.

මේ අතර මෙරටට එරෙහි සතුරු උත්සාහය නතර වී නැත. මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක්‌ වැඩි වැටුප් ඉල්ලා විරෝධතා පවත්වන අවස්‌ථාවේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගැතියා සහ සුරේන් සුරේන්ද්‍රන් පසුගියදා දකුණු අප්‍රිකාdවේ හා ස්‌වාසිලන්තයේ සංචාරයක යෙදුනි.

මෙහිදී මෙම කොටි හිතවාදීන් සාකච්ඡා පවත්වා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීමට යෑයි හෙළිවී තිබේ. එහෙත් මේ එමානුවෙල් දේවගැතියාගේ පසුබිම කුමක්‌ද? නිර්වේලි බැංකු කොල්ලයේ මුදල් සඟවා තිබුණේ මොහගේ දේවස්‌ථානයේ අල්තාරය පසුපසය. එමානුවෙල් දේවගැතිව අත්අඩංගුවට ගැනීමට සියලු සාධක තිබුණත් එදා සිටි පොලිස්‌පතිවරයා ඊට බිය විය. මේ ගැන විමර්ශන කළ පොලිස්‌ නිලධාරියෙක්‌ එමානුවෙල් දේවගැතිව අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් වෙද්දී ඇතැම් පොලිස්‌ නිලධාරීහු ඔහුට අනතුරු අඟවමින් නිල ඇඳුම අහිමිවෙයි යෑයි කියමින් අනතුරු ඇඟවීය.

මේ තත්ත්වය යටතේ එමානුවෙල් දේවගැතියා මෙරටින් පැන ගියේය. අද ලන්ඩන් නුවරට වී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන්නේ නිර්වේල් බැංකුවේ කොල්ලයට සම්බන්ධ එමානුවෙල්ය.

මෙවන් තොරතුරු මැද නැගෙනහිර පළාත් සභාව සඳහා ද්‍රවිඩ සංවිධානයෙන් ඉදිරිපත්වී ජයගත් කෝවින්දන් කුරුකුලන්දන් හෙවත් ජෙනාගේ පසුබිම හෙළි විය. ජෙනා මෙයට වසර ගණනකට පෙර බ්‍රිතාන්‍යයට ගොස්‌ එහි රැකියාවක්‌ කළේය. ඉන් පසු බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ලබාගත්තේය. බ්‍රිතාන්‍ය පුරවැසියකු වූ ජෙනා මැතිවරණයට පෙර මෙරටට පැමිණ ද්විත්ව පුරවැසි බව ලබාගත් බව වාර්තා විය. එහෙත් ඔහු ටෙලෝ සංවිධානයේ මඩකලපුව ක්‍රියාකාරියා ලෙස ක්‍රියා කළ අතර කොටින්ගෙන් ඔහුට හිරිහැරයක්‌ සිදුවූයේ නැත. බ්‍රිතාන්‍ය පුරවැසි බව ලත් ජෙනාට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට හැකි වූයේ කෙසේද යන්න දැඩි සැකයට තුඩු දෙන කරුණකි. රජයේ බලධාරීහු මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළේ මන්ද? මේ අතර නැගෙනහිර පළාතේ ද්‍රවිඩ සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරයකුගේ නිවසේ තිබී පොලිසිය අත්බෝම්බ කීපයක්‌ සොයාගත් බව වාර්තා විය.

මේ අන්දමේ තොරතුරු මැද රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ මාධ්‍ය පාර්ශ්වයන් ශ්‍රී ලංකාව අවතැන් වූ ද්‍රවිඩ ජනතාවගෙන් සමාව අයෑදිය යුතු යෑයි ඉල්ලා ඇත. එහෙත් ප්‍රභාකරන් හා ඔහුට සහාය වූ ඊළාම් ද්‍රවිඩයන් නිසා අනාථ වූ සිංහලයන් හා මුස්‌ලිම් ජනතාව වෙතින් සමාව ඉල්ලන්නැයි ඔහු ද්‍රවිඩයන්ගෙන් ඉල්ලා ඇත. කොටි හිතවාදියකු වූ තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති කරුණානිධි ද පසුගිය 3 වැනිදා චෙන්නායි පිහිටි සිය මූලස්‌ථානයේදී ඊළම් සමුළුවක්‌ පැවැත්වීය.

මෙහිදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ද්‍රවිඩයන්ට සිය හිමිකම් ලබාගැනීම සඳහා ඉන්දියාව විසින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක්‌ ගෙන ආ යුතු බවයි.

කීර්ති වර්ණකුලසූරිය