Spread the News

ශ්‍රී ලංකා හමුදාවට එරෙහි චෝදනාව
ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඉවත දමයි

කීර්ති වර්ණකුලසූරිය

වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය වූ බවට ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී තිබූ චෝදනාව ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අලුත්ම විමර්ශන වාර්තාවෙන් ශ්‍රී ලංකා හමුදාව නිදොස්‌ කර තිබේ.

සිවිල් වැසියන් ඝාතනයට ලක්‌වූයේ කොටි සංවිධානය ද්‍රවිඩ ජනතාව මිනිස්‌ පලිහක්‌ ලෙස රඳවා ගැනීම නිසා යෑයි ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කියයි.

කොටි ඩයස්‌පෝරාව – ද්‍රවිඩ සන්ධානය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් පසුගිය වසර හය මුළුල්ලේම මෙම චෝදනාව ඉදිරිපත් කර තිබිණි.