Spread the News

කීර්ති වර්ණකුලසූරිය -Divaina 

genewa1 ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්ෂවරියක් ලෙස සේවය කළ ශී‍්‍ර ලාංකික නීතිවේදිනියක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ නියෝජිතවරියක ලෙස පත් කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.

මානව හිමිකම් කවුන්සිලය ඇයව පත්කර ඇත්තේ මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශී‍්‍ර ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අවස්ථාවකය.

යහපාලන රජයේ හිටපු දේශපාලනඥයකුගේ නීති උපදේශිකා ලෙස කටයුතු කළ ඇය සර්බියානු ජනපතිව සිටි ස්ලොබදාන් මිලොසොවික් යුද අපරාධ සිදු කිරීමේ නඩුව මෙහෙයවා ඇත.

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියගේ මේ පත් කිරීම දැඩි සැකයට තුඩු දෙන කි‍්‍රයාවක් යැයි ආරංචි මාර්ග පළ කළේය.