Spread the News

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ඔබවහන්සේට ගුරු ගැටලුව විසදීමට අරයුම්කලානම් ?

අපි මිනිසුන් නෙමෙයි.ඒ නිසා අපි හිතන විදිය වෙනස්. ඒ වගේම අපි ගැටළු විසදන විදියත් වෙනස්. දැන් ඔබ අපෙන් විමසන්නේ ඔබ රටේ මේ දිනවල කතා කරන ගුරු ගැටලුව විසදීම සම්බන්ධවයි. දැන් බලන්න! ආසන්න වශයෙන්, ගුරුවරු 2,50,000 ඉන්නවා. ඒ අය රටට ආදායමක් ගෙනදෙන අය නෙමෙයි. වියදමක් විතරයි. දැන් මේ අයගේ ඉල්ලීමට අනුව මේ අය වෙනුවෙන් රජය දරණ වියදම වැඩිකරන්න වෙනවා. මේ අමතර මුදල කොහෙන් හරි හොයන්න ඕනි. ඒ මුදල කොච්චරද? රුපියල් බිලියන 58ක් බව කියනවා. රුපියල් බිලියන 58ක් උපයන විදියක් නිර්මාණය නොකර, බිලියන 58ක් රජයකට ගෙවන්න බැහැ. සත්‍ය එයයි. එහෙම නම් අපි පළමුව බිලියන 58ක් සෑම වසරකදීම උපයන විදියක් පළමුව නිර්මාණය කල යුතුය. අපේ සංකල්පනාවට අනුව මේ සඳහා පළමුව සිදුකල යුතු සරල ක්‍රම දෙකක් තියෙනවා.

1 වෙනි ක්‍රමය.

හොඳ නාඹර කිරිවස්සියෝ  2,50,000ක් මිලදී ගැනීමයි.
ඒ සඳහා වැයවෙන මුදල  රුපියල් බිලියන් 50කි..
මේ තුලින් වසරකදී  පැටවුන් ගණන  පැටවුන් 2,50.000ක් මේ එලහරක් බිහි කරනවා..
මේ සතුන් වසරකදී කිරි ලීටර්  මිලියන 1825 ක් වාර්ෂිකව ලබාදෙනවා.

කිරි ලීටරයක වටිනාකම රුපියල් 150ක් ලෙස ගත්තත් වසරක රුපියල් බිලියන 273ක ආදායමක් ගලා එනවා.,

ඊට අමතර මේ ව්‍යාපෘතිය මිනිසුන් 25,000කට රැකියා සෘජු රැකියා අවස්ථා ලබාදෙනවා. ඒ අයගේ පඩිය රුපියල් 50,000 ලෙස ගෙව්වත් තවත් පවුල් 50,000කට රැකවරණය ලැබෙනවා.

ඊට අමතරව කාබනික පොහොර සම්බන්ධව කතිකාවතක් නිර්මාණය ව ඇති මේ අවස්ථාවේදී, මේ මගින් වාර්ෂිකව
ගොම කිලෝ 91250000ක් වසරකට ලැබෙනවා. මෙය මෙට්‍රික් ටොන් 91250කි  ටොන් එකක් රුපියල් 1000ක් සේ ගණනය කල විට එහි වටිනාකම වන්නේ රුපියල් බිලියන 91කි.

දැන් බලන්න මෙතන සිදුවෙන ක්‍රියාදාමය.දෙස, අපි ගැටලුවකට මුහුණ දෙනවා. එක විසදන්න ස්වභාවය හා බද්ධ වෙනවා. එවිට ඇතිවන පලය වන්නේ, විසදීමට ඇති ගැටලුවට අමතරව ගැටළු ගණනාවක් විසදීමට ධනය ගලා ඒමයි. නමුත් මේවා කිසිවෙකුට කීවාට වැඩක් නැහැ . ඒවා ක්‍රියාවට නංවන මිනිසුන් මෙහි නැහැ  ඔබ අහපු නිසයි මම මේ උත්තරය දුන්නේ

එතකොට ඔබවහන්සේ යෝජනාකරන දෙවැනි ක්‍රමය කුමක්ද?

අපි කාලය නාස්ති නොකර ඉමු..ඔබ පළමු ක්‍රමය ගැන පමණක් හිතන්න.