Spread the News

SOURCE:

සඟවා තිබූ කොටි යුද අවි අතර
ඇමරිකානු අධිතාක්‍ෂණික යන්ත්‍රයක්‌

කීර්ති වර්ණකුලසූරිය

යුද සටන්වලදී “රහස්‌ වචන” යෑවීම සඳහා ඇමරිකානු හමුදාව භාවිත කරන පී. ආර්. ඩී. – 77 නමැති අධිතාක්‍ෂණික සන්නිවේදන යන්ත්‍රයක්‌ කොටි සංවිධානය විසින් සඟවා තිබියදී ආරක්‍ෂක බලධාරීන් විසින් සොයාගෙන ඇත. කිලෝමීටර් අටක්‌ දක්‌වා රහස්‌ පණිවුඩ යෑවිය හැකි මෙම යන්ත්‍රය (encrpton) වෙල්ලමුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ තිබී හමුවූ බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.

මේ බලගතු යන්ත්‍රය සාමාන්‍ය අයකුට මිලදී ගැනීමට හැකියාවක්‌ නැතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම අධිසන්නිවේදන යන්ත්‍රය කොටි සංවිධානයට ලැබුණු අයුරු පිළිබඳ විමර්ශනය කෙරෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.