Sun. Nov 24th, 2024
Spread the News

සදාකාලිකවම වැරදි කරන මිනිහෙක් ගැන මට හිතාගන්න අමාරුයි.
එහෙම හිටියත් ඒ මිනිහා පිටුපස එළව එළවා පහර දෙන එක සදාචාරාත්මක නොවෙයි.

පුද්ගලයෙකුගේ ක්‍රියාව පිටුපස සාධක ගණනාවක් සැඟවී තිබෙනවා.

ඒ පිළිබඳව මුලින්ම අර්ථකථනය කිරීම ආරම්භ කළේ ආගමික දර්ශන, දේවවාදී ආගම්, නක්ෂත්‍ර, පේන කීම් වැනි සමාජ ව්‍යවහාරයන්.

සමාජ විද්‍යාවේ පියා වශයෙන් සළකන ජර්මානු ජාතික Max Weber සමාජ ක්‍රියාව පැහැදිලි කරන නිර්වචනය ප්‍රති- නිර්වචනය කිරීමට අප ඉදිරිපත් වුණේ ඒ නිසයි.

එම මාතෘකාව පොදු සංවාදාත්මක තළයකට පැමිණියහොත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම පොදු යහපත
ට හේතුවන්න පුළුවන්.

භූගෝලීය මෙන්ම සංස්කෘතික කලාපවල ඇති වෙනස්කම් මිනිස් චර්යාවේ ද වෙනස්කම් ඇති කරනවා.

මල් උයනක ඇත්තේ එකම පාටකින් යුත් එකම මල් වර්ගයක් පමණක් නම්, ඒ මල් වත්ත බලන්න කවුරුත් යන්නෙ නැහැ.

මුළු වනන්තරේ පුරාම ඇහෙන්නේ එකම කුරුලු හඬක් නම් ඒ මැදින් යන්න අප එතරම් ප්‍රිය කරන්නේ නැහැ.
පිළිතුර: විවිධත්වයයි.

සාමය සමාදානය හා සතුට වෙනුවෙන් මෙකියන විවිධත්වය විවිධ පහේ වර්ග යොදා රසවත් කරගත් ව්‍යාංජනයක් මෙන් සෙකස් කරගත්විට
එයින් සුවඳකුත් වහනය වෙනවා.

මට මසළ වඩේ රස නම්, එහි රස බලන්න උතුරේ අය කිරිබත් කන තුරු මා බලා සිටින්නේ නැහැ. අපේ සතුට තව කෙනෙකුට සාපේක්ෂව නිශ්පන්න විය යුතු නැහැ.

සතුට මනෝමූලික (පුද්ගලබද්ධ) වූ විට එය හුදකලා වූ සතුටකට සීමා වෙනවා. සතුට විෂයබද්ධ (පුද්ගලයාට පරිබාහිර සාධක) තත්වයන් යටතේ හට ගැනීම යනු රටක් සමාජ ආර්ථික හා සංස්කෘතික වශයෙන් ලබන ජයග්‍රහණයක්.

බෝධි සත්වයෙකුට බුදුවීම දක්වා සාරා සංකල්පයක කාලයක් ගත වී නම්, පෘථග්ජන අපට අපගේ දුර්වලකම් ජය ගන්නට කොපමණ කාලයක් ගත විය හැකිද?

-තෙවැනි ඇස-
28.10.2023

Protected by Security by CleanTalk