Sat. Jan 18th, 2025
Spread the News

426 years ago today in 1594, 1000 Portuguese soldiers and 15,000 native allies begin an unsuccessful invasion of the Kingdom of Kandy in Sri Lanka.

බලන !

බලනු මන (ආඩම්බර) බලන දෙස …

බිමේ නමක් තබන්නට මට

වරක් ඉඩහසර ලබාදුන් ඉම.

නුඹ නොවන්නට

කතා කල හැකිද මට

මගේ සිහල එඩිය ගැන.

නොමැතිව මේ එඩි බලන

ප්‍රකාශ කල හැකිව තිබුනාද ලොවට

සිහලුන් මෙයයි මේ ලෙසයි කියා

නොතිබුනා නම් බලන.

ඉහටත් උඩින් හඹායෑමට ආ

පරසතුරන් සමුලඝාතනය සඳහා

මා හට වාසානාව ලද

වාසනාවන්තම අඩවිය.

එදා මට මතකය…….!

බලව් සිහළුණි ………..!!!!!!!!!!

ලතාවට උන් පා තබන අසිරිය

පණ උන්ගේ ලඝු බව නොදැන  

ඉදිරියෙන්ම තුවක්කු පෙළ , දෙවනුව අස් සේනාව , තෙවනුව ඇදගෙන යනු ලබන බෙර තුවක්කු , සිව්වනුව නැවතත් පාබල බල ඇණි , පස්වනුව මෙරටේම ඉපිද මෙරටේ බතෙන් කර දඬු උස් වූ කහවනුවක් නිසා මෙරටටම එරෙහිවූ අපේම වූ ගොන් තකතීරු මෝඩ රැල…..

සැරසෙවූ……දරුවනි…..

යවන්නට උන් සියලු දෙන එක මිටට ස්වර්ගයට…….

සෙනවිය ! නුඹ කොයි සිටද ?

නායකතුමනි මම දන්තුරේ සිට…

කදිමයි එවිට මුන් ?

ඒ මගේ සේනාව

දන්තුරේ විරු බල ඇණිය.

සෙනවිය නුඹ ….

මම ගන්නෝරුවේ සිට උතුමාණෙනි !

මේ මගේ රැල

පසු නොබසියි මුන් එකා පිට එකා මලත්

ජයවේවා..ජයවේවා.. දරුව..

නුඹේ ඒ කියමන , වටියි මුළු හටනටත් වඩා

සබඳ නුඹ කොයි ඉසව්වේද ?

මා වාගොල්ලෙන් උතුමාණෙනි ..!

මේ රැල මගේ රැල

පෙර පෙළ අංගම් , දෙවැනි පෙළ දුනුවායන් , තෙවැනි පෙළ කඩු ශිල්පයේ කෙල පැමිණියාවූ උන් , සතරවන්නෝ ගිණිබට ධාරීන්

ජයයි…ජයයී… මිතුර.

නුඹ කොයි අඩවියෙන්ද ?

හඟුරන්කෙත සිට උතුමාණෙනි !

මුන් සියල්ලෝම හටනක කෙල පැමිණියාහු වුවෝ වෙත්

ජයවේ ජයවේ මිතුරනි මව් බිමේ නාමයෙන්….

බලව් උන් දැන් ළඟ ලඟම පාන පෙළහර

බලන ගැන නොදැන.. 

හැලියේ වතුර ටික නටන තුරු

නටන කකුළුවන් මෙන් නොවේද බොල….

දෙමු එන්නට තවත් පියවරක් ..දෙකක්….

නමෝ නමස්කාර වේවා මා සිරිලක් මවුනි.. නමස්කාර වේවා මේ පින් බිමට…

හරි… හරී…..

තබව් තව එක පයක් …

තව ඇබින්දක් වරෙව් ඉදිරියට..

දැන් හරී …

පහරදෙනු…. පහරදෙනු….. පහරදෙනු…….!!!!!!!!!!!!!!!!!!!!!!!!!

පෙර පෙලට ගිණිබට , පස්සා පොරොත්තට ගිණි හී..

පට..පට..පට…පට..

පට..පට…පට…පට…

පට..පට..පට…

පට..පට…පට…පට..

පෙරලව් දැන් උගුල් ගල්..

පහර පිට පහර..

පහර පිට පහර…

හො.. හෝ………………..!

බලාපල්ලා….හ්………

බලාපල්ලා උන් දුවන අන්දම

දරුවනි මාගේ අංගම්

සිඳීව් උන් සියල්ලන්ගේ ගෙල

අනුකම්පා කරව්….

මේ පොලවේ ඉපිද තම මව්ට කෙනෙහිලි කම් කරනා අපේම හැතිකරේ වූ කැනහිලුන්ට..

සටන අහවරය..

විගස ඔසවාගනිල්ලා ඔය ආබාධයින් ..ඔසවා ගනිල්ලා එම විරුවන්

යමල්ලා…යමල්ලා…

ජීවකයන් දැනටමත් දෑස් දල්වා මග බලා හිඳිනු නිසැකය ….

මා දරුවනි….!

මේ පුෂ්පය දෙස බලව්…

ඈ අද ප්‍රීතියෙන් පිනා ගොස් ඇත.

හොඳට බලව්…!

නිම් හිම් නැති ප්‍රීතියක් පෙන්වයි ඈ අද

ඒ අන් කිසිවක් නිසා නොව

ඇගේ බිම දිනු අප වන් වූ විරු කැල දැක…

කතා කල හැකි නම්

කියයි ඈ මෙහි සතුට මුළු ලොවටම….

දරුව පුෂ්පය…..

කියව දිනෙක අප නැතත් මේ බිමේ උපදින මතු වීර පරපුරට

සිහලුන් නම් මෙයයි වන බව…

නිවටයන් නම් නොවේ උන් බව…

උපද්දාපන් මතු පුෂ්ප සහසින්

මකා පරයින්ගේ ලේ ගඳ

සුවඳවත් කිරීමට මේ පුජනිය වූ මා මාතෘ භුමිය..

“රත්නදීප ජන්මභුමි ලංකාදීප විජයභුමි – මේ අපේ උදාර වූ මාතෘ භූමියයි… මාතෘ භූමියයි..

ආදී සිංහලේ වීර මී මුතුන් ලෙයින් සාර වූ උදාර වූ මාතෘභූමියයි… මාතෘභූමියයි….”

Protected by Security by CleanTalk