සම්බාධකවලට හා තර්ජනවලට බියේ රටේ අනන්‍යතාව පාවා දිය යුතු නෑ – ඇමැති පාඨලී චම්පික රණවක

Spread the News

සම්බාධකවලට හා තර්ජනවලට බියේ රටේ අනන්‍යතාව පාවා දිය යුතු නෑ
– ඇමැති පාඨලී චම්පික රණවක

සිරිමන්ත රත්නසේකර source:

සම්බාධකවලට බියේ තර්ජනවලට බියේ රටේ ජාතියේ ඓතිහාසික අනන්‍යතාව කිසිවිටකවත් පාවා දිය යුතු නැතැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

මොන සම්බාධක පැනවූවත් රට ඇතුළ සමගි නම්, ශක්‌තිමත් නම් අපට ඕනෑම බලයක්‌ බිඳලිය හැකි යෑයි හෙතෙම සඳහන් කළේය.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා එම අදහස්‌ පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ මූලස්‌ථානයේ ඉකුත් 26 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පාඨලී චම්පික රණවක මහතා,

මෙම ජිනීවා යෝජනාවලිය මුල් වතාවට වඩා යෝජනාවලින් වපසරිය වැඩිවී තිබෙනවා. නව යෝජනාවලියේ ආරම්භක හැඳින්වීමේ හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි ආගමික පිරිස්‌වලට එල්ලවන ප්‍රහාර පිළිබඳ, අධිකරණයේ මාධ්‍ය නිදහස, කාන්තා හිංසනය ගැන සඳහන්. ඒ අනුව යුද අපරාධ පමණක්‌ නොව සමාජීය කරුණුත් ඇතුළත් කර තිබෙනවා.

රජය එල්.එල්.ආර්.සී. වාර්තාවට යට නොවී දේශීය යාන්ත්‍රණය මගින් මේ ප්‍රශ්නය සම්බන්ධව යුදමය මැදිහත්වීම්, ත්‍රස්‌තවාදයට ලබාදුන් වරදාන, ජනයා පලවාහැරීම් ගැන විධිමත් පරීක්‍ෂණ පවත්වන්න යෑයි කීය. 2002 පෙබරවාරි 22 සිට වර්ෂ 2009 මැයි 19 වැනිදා තුළ සිදුවූ සිද්ධීන් ගැන පරීක්‍ෂණයක්‌ ඉල්ලීම අසාධාරණයි. අන්තර්ජාතික නෙමෙයි දේශීය පරීක්‍ෂණයක්‌ මේ ගැන පැවැත්විය යුතුයි.

වර්ෂ 1977 දී, 1979, 1983 යාපනයෙන් ජනයා පලවාහැරි හැටි, 1984 සිට ඉන්දීය මැදිහත්වීම, තමිල්නාඩුවේ කඳවුරු ඉදිකළ හැටි, දෙමළ තරුණයන් විසිනමදහසක්‌ ඉන්දියාවට ගොස්‌ යුද පුහුණුව දුන් හැටි පරීක්‍ෂණ කළ යුතුයි. ඔවුන් 2002 වසර සිට සිදුවූ දේ ගැන කියා අපට එරෙහිව ජිනීවාවලදී ඡන්දය භාවිතා කළත් යුද අපරාධ චෝදනාවල ප්‍රධාන වගඋත්තරකරු ඉන්දියාවයි.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන වතු දෙමළ ජනතාව එක්‌ලක්‌ෂ පනස්‌දහසක්‌ රෙඩ්බානා ව්‍යාපෘතිය තුළින් උතුරු නැගෙනහිර පදිංචි කළේ නෝර්වේ රාජ්‍යයයි. අවසානයේ එල්.ටී.ටී.ඊ. යේ ප්‍රධාන යුද උපකාරක බළකාය වුණේ එම පිරිසයි. නෝර්වේ ක්‍රියාකාරකම් ගැනද සොයා බැලිය යුතුයි.

චන්ද්‍රිකා ජනාධිපතිතුමිය 2002 ප්‍රභාකරන් සමග අත්සන් කළ ගිවිසුම තුළින් එල්.ටී.ටී.ඊ. යට ලබාදුන් වරදාන මොනවාද? රනිල් වික්‍රමසිංහ මහතා 2002 දී ඇති කරගත් ගිවිසුම තුළින් එල්.ටී.ටී.ඊ. යට ලැබුණු ශක්‌තිය කුමක්‌ද? එම වසරේ දී රාවුµa හකීම් මහතා ප්‍රභාකරන් සමග ඇති කරගත් ගිවිසුම තුළ තිබූ සම්බන්ධතාව කුමක්‌ද යන කරුණු ගැන මූලික අධීක්‍ෂණයක්‌ ගවේෂණයක්‌ දේශීය වශයෙන් කළ යුතුයි.

අද ජාත්‍යන්තරය ආරක්‍ෂක හමුදා ගැන පමණක්‌ පරීක්‍ෂණයක්‌ කරන්න යනවා. නමුත් ත්‍රස්‌තවාදය වෙනුවෙන් ඇප උපකාර කළ පිරිස්‌ පිළිබඳව, ඔවුහුq කතා කරන්නේ නැහැ. බිෂොප්වරුන් වන රායප්පු ජෝශප්, තෝමස්‌ සමුන්ද්‍රනායගම්, පූජක එම්මානුවල් පියතුමා ගැන ත්‍රස්‌තවාදීන් සමග එකතුව කළ ක්‍රියාකාරකම් ගැන නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ත්‍රස්‌තවාදීන්ට උදව් කළ අපාය සහායකයන්ට නීතිය ක්‍රියාත්මක වී නැහැ. රුද්‍රකුමාරන් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි.

ප්‍රංශයේ සිටින විනයගම්, ඔස්‌ලෝ සිටින තෙදියවන්, උතුරු පළාත් සභාවේ ආනන්දි ශසිදරන් පැහැදිලිවම ත්‍රස්‌තවාදීන්. දරුවෝ පැහැරගෙන ගිය ශසිදරන්ට මානව හිමිකම් සමුළුව ඇමැතිය හැකිනම් ඔසාමා බිල් ලාඩන්ගේ බිරියන්ටත් මානව හිමිකම් සමුළුව ඇමතිය හැකියි. විග්නේෂ්වරන්, සුමන්දිරන්, සම්බන්ධන් පිළිබඳව අප කටයුතු කළ යුතුයි.

මෙහිදී එම පක්‍ෂයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝද අදහස්‌ දැක්‌වූහ.