සම්බුද්ධත්ව ජයන්තිය හා බුද්ධ ජයන්තිය හඳුනා ගැනීම

Spread the News

සම්බුද්ධත්ව ජයන්තිය හා බුද්ධ ජයන්තිය හඳුනා ගැනීම

source link:

2011 වර්ෂයේ මහත් උත්සවශ්‍රීයෙන් සැමරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති සම්බුද්ධත්ව ජයන්තිය ඇතැමුන් විසින් 2600 බුද්ධ ජයන්තිය යෑයි වරදවා යොදණු බොහෝවිට අසන්නට ලැබේ. මේ පිළිබඳ වගකිවයුතු කිසිදු ආයතනයකින් විධිමත් ලෙස පහදා දීමක්‌ද සිදු නොකෙරී ඇති හෙයින් සම්බුද්ධත්ව ජයන්තිය හා බුද්ධ ජයන්තිය පිළිබඳ මෙම කරුණු දැක්‌වීම කරනුයේ බුද්ධ වචනය අනුව අප කරනු ලබන සියලු දෙය අවබෝධයෙන් යුතුවම කළයුතු බව පසක්‌ කරමිනි.

බුද්ධ වර්ෂය ගැනීම් කරනු ලබන්නේ බුද්ධ පරිනිර්වානය පදනම්කරගෙනය. ඒ අනුව සම්බුද්ධ පරිනිර්වානය සිදුවී වර්ෂ 2500 ක්‌ හෙවත් බුද්ධ වර්ෂ 2500 උදාවූයේ ක්‍රි. ව. 1956 දීය. (ක්‍රිස්‌තු වර්ෂ ගනිනු ලබන්නේ ක්‍රිස්‌තු උපත පදනම් කරගනිමිනි) මෙම වසරේ එනම් ක්‍රි. ව. 2011 දී ද බුද්ධ ජයන්තිය යෑයි වරදවා ප්‍රකාශ කරන අයට 1956 සිට 2011 වර්ෂයට වසර 100 ක්‌ ගතවූයේ කෙසේ දැයි නොතේරීම පුදුමයකි. බුද්ධ ජයන්තිය හා සම්බුද්ධත්ව ජයන්තිය වරදවා වටහාගෙන ඇතැයි මා මුලින්ම සඳහන් කළේ එබැවිනි.

ඇතැමුන්ට ඇති මෙම ගැටලුව ඉතා සරලව විස¹ ගත හැකිය. ඒ මෙසේය(

1956 දී බුද්ධ පරිනිර්වානයෙන් වසර 2500 ක්‌ ගතවූයේ නම් බුද්ධත්වය පත් වර්ෂය දැනගැනීමට ඉන් වසර 45 ක්‌ අඩුකළ යුතුය. ඒ ඊට හේතුව බුදු රජාණන් වහන්සේගේ පිරිනිර්වානය සිදුවූයේ බුද්ධත්වයෙන් වසර 45 ට පසුව බැවිනි. (1956 – 45}1911) ඒ අනුව ඉතා සරළව අපට ලැබෙන පිළිතුර බුද්ධත්වයෙන් වසර 2500 ගතවීම සිදුව ඇත්තේ ක්‍රි. ව. 1911 දී බවය. (1911Ý100}2011) 1956 දී බුද්ධ ජයන්තිය ලෙස සම්බුද්ධ පරිනිර්වානයත් වසර 2500 අතිශය උත්කර්ශවත් ලෙස සමරා ආගමික සමාජීය හා සංස්‌කෘතිකමය පුනර්ජීවයක්‌ ලබාදුන් සේ මෙන් නොව ඊටත් වඩා ඉහළින් සැමරීම යුතුව තිබූ සම්බුද්ධත්වයෙන් වසර 2500 පිරූ 1911 දී කිසිදු සැමරීමක්‌ සිදුවූ බවට මා දන්නා තරමින් වාර්තාවී නොමැත. ඉංගී්‍රසි පාලන යුගයක්‌ වූ එකල එවැනි සැමරුමකට තබා බෞද්ධයන් යෑයි අභීතව පැවැසීමට තරම්වත් වාතාවරණයක්‌ තිබුණා දැයි සැක සහිතය. කෙසේ වුවද වසර 100 ට පසුව යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තිය (1911Ý100}2011) ඉහළින්ම සැමරීමට “පිළිවෙතින් පෙළගැසෙමු” තේමාව යටතේ කටයුතු සිදුවීම අගය කළ යුතුය.

සම්බුද්ධත්ව ජයන්තිය හා බුද්ධ ජයන්තිය පටලවාගත් අයටත් දැන ගැනීම පිණිස 2500 හා 2600 යෙදෙන සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය හෙවත් බුදු උපත බුද්ධත්වය හා පරිනිර්වානයට අදාළ වර්ෂයන් සඳහන් කරමි. ඒ සඳහා කාහටත් හුරුපුරුදු 2500 බුද්ධ ජයන්තිය සිදුවූ 1956 ම පාදක කොට ගනිමි.

1956 – 45 } 1911 – සම්බුද්ධත්වයෙන් වසර 2500 ගතවූ වර්ෂය 1911 – 35 } 1876 – බුද්ධෝත්පත්තියෙන් වසර 2500 ගතවූ වර්ෂය ඒ අනුව බුදු උපතින් වසර 2500 සැමරීමේ ජයන්තිය 1876 දී සමරා 2600 වැනි ජයන්තිය 1976 දී සැමරීමට හැකිව තිබිණි. (1911 – 35 } 1876 යනු බුද්ධත්වයට පත්වූයේ අවු. 35 දී බැවිනි) මෙහිදී තවත් විශේෂ කරුණක්‌ද සිහිපත් කළ යුතුව ඇත. 2011 වර්ෂයේ ජීවත්ව සිටින 1956 හෝ ඊට පෙර උපන් අය බුදු රජාණන් වහන්සේගේ ස්‌මරණීය වර්ෂ ලෙස ගිනිය හැකි බුදු උපතින් වසර 2600 ට සපිරෙන 1976, බුද්ධ පරිනිර්වානයෙන් වසර 2500 ගතවූ 1956 හා සම්බුද්ධත්වයෙන් වසර 2600 ගතවන 2011 යන වර්ෂ තුනේදීම එක ආත්ම භවයක ජීවත්ව සිටීමේ පිනය. ඉන් බොහෝ අයට 1956 බිළිඳුන් ලෙස සිටි බැවින් මතකයක්‌ තිබිය නොහැක. 1976 දී බුදු උපතින් වර්ෂ 2600 ක්‌ ගත වූ බව කිසිදු සැමරීමක්‌ සිදු නොවිණි. එහෙත් සියලු දෙනාටම බුද්ධත්වයෙන් වසර 2600 ගත වීමේ සම්බුද්ධත්වයට පිළිවෙතින් පෙළගැසී ඉදිරි පරම්පරා කීපයකට නොලැබෙන මේ දුර්ලබ සැමරුමට එක්‌වීමේ භාග්‍ය උදාවී ඇත.

පී. චන්ද්‍රරත්න – පැලැන්වත්ත