Spread the News

සයනයිඩ් සමග පරණ කොටියෙක්‌ තමිල්නාඩුවේදී අත්අඩංගුවට

චතුර පමුණුව

සයනයිඩ් කරල් 75 ක්‌ සමග හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක්‌ තමිල්නාඩුවේ උචිපුලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහු සතුව තිබී සයනයිඩ් ග්‍රෑම් 300 ක්‌ද ජංගම දුරකථන 04 ක්‌ද හමුවී ඇත.

මේ පුද්ගලයා 2009 වසරේදී තමිල්නාඩු ප්‍රාන්තයට පැනගොස්‌ ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කේ. ක්‍රිෂ්ණ කුමාර නමැති අයෙකි.

මොහු සතුව ලංකා රුපියල් 19,000 ක්‌ද, ඉන්දියානු රුපියල් 46,000 ක්‌ද, තිබී ඇත. මොහු 1990 සිට කොටි සංවිධානයට බැඳී සිට ඇත.