සයන්ටොලොජිස්ට්ස් නිදැල්ලේ

Spread the News

සයන්ටොලොජිස්ට්ස් නිදැල්ලේ

සුනාමි ව්‍යසනය දඩමීමා කරගත් සමහර ආගමික කල්ලි මෙරට තුළට රිංගා ගත්තේ සහන සේවා සැලසීමේ මුවාවෙනි. විශේෂයෙන්, ඒ වනවිටත් වර්ල්ඞ් විෂන්(World Vision) ඇසෙම්බ්ලි ඔෆ් ගෝඞ් (Assembly of God)  පෙන්තකොස්ත (Pentecosta) බැප්ටිස්ට් (Baptist) බෝන් එගේන්(Born Again) ආදී සංවිධානවලට අමතරව, සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව තිබූ ක‍්‍රිස්තියාණි නිකායන්, කල්ලි හා සංවිධාන 110 ක් තිබූ බව බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ද පෙන්වා දී තිබුණි.එහෙත් සුනාමි ව්‍යසනයෙන් පසු ඇන්ටියොක් කමියුනිට් චර්ච් (Antioch Community Church) වැකෝ චර්ච් ^Waco Church& ගොස්පල් ෆෝ ඒෂියා ඇන්ට් වර්ල්ඞ්රිලිෆ් (Gospel for Asia and World relief)සමරිටන් පර්ස් (Samaritan Purse) ලිබර්ට් යුනිවර්සිටි ටීම් (Liberty University Team)” සහ සයන්ටොලොජිස්ට්ස් ^Scientologists&ඇතුලූ මූලධර්මවාදී සංවිධාන රාශියක් රටතුළට රිංගා ගන්නා ලදී.

මේ පිළිබඳව 2005 ජූනි (පොසොන්) ‘දම්සර’ කලාපයෙන් අප සියලූ විස්තර හෙළි කළෙමු.

 එහෙත් කිසිදු බලධරයෙකුගේ අවධානය එයට යොමු වූ බවක් දක්නට නොලැබුණි. මේ වනවිට සයන්ටොලොජිස්ට්ස් ශ‍්‍රී ලංකාව තුළ රිසිසේ තම කටයුතු පවත්වාගෙන යති.

හම්බන්තොට ප‍්‍රදේශයේ සුනාමියෙන් අවතැන්වූවන්ට නිවාස 25 ක් සෑදීමේ ව්‍යාපෘතියක් පිළිබඳව සයන්ටොලොජිස්ට්ස් ලොවපුරා ප‍්‍රචාරණය කර ඇත්තේ අමූලික බොරුවකි. සුනාමි විපතින් දුකටපත් ශ‍්‍රී ලාංකිකයන්ට පිහිටවීමේ මුවාවෙන් පැමණි සයන්ටොලොජිස්ට්ස් දැන් ක‍්‍රමයෙන් රටතුළ පදිංචිව සිටිති. ඔවුන්ට මේ සඳහා රජයේ දේශපාලනඥයින්ගේ සහායද ලබී ඇති බවක් පෙනේ. එපමණක් ද නොව ඇමරිකාවේ පදිංචි ධනවත් බෞද්ධ දානපතියන් හරහා මෙරට ප‍්‍රධානපෙලේ භික්‍ෂූන් වහන්සේලා ද සම්බන්ධ කරගෙන කටයුතු කිරීමට තරම් ඔවුන් ධෛර්යමත් වී ඇත.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සුනාමියෙන් අවතැන් වූවන් සඳහා නිවාස 100 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය පේරාදෙණිය සුබෝධාරාම විහාරයේ අධිපති පූජ්‍ය වත්තේගම ධම්මාවාස නාහිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භකර දින 50 ක් ඇතුළත නිවාස 25 ක් සාදා සම්පූර්ණයෙන් නිමකර පදිංචිය සඳහා භාර දී ඇත. මෙම නිවාස භාරදීමේ උත්සවය මුල්කරගෙන නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි  සිට ක‍්‍රියාත්මක කෙරෙන (අඅඅග ඩසරඑම්කකසඉර්රහ ිරසක්බන්* වෙබ් අඩවිය පරීක්‍ෂා කිරීමේදි ඒ පිළිබඳව විස්තරයක් සොයාගත හැකි විය. පල්ලියේ ප‍්‍රධානී
හෙබර් ජෙන්ට්ස් නමැති පූජකවරයා නිවාස ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ පූජ්‍ය වත්තේගම ධම්මාවාස නායක හිමියන් සමඟ ඡුායාරුපයකට පෙනී සිටිමින් තම පල්ලිය සුනාමි ව්‍යසනයට පත්වූවන්ගේ කායික හා මානසික තත්ත්වය ඉහළ නැංවීමට භික්‍ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි (ෘස්බැඑසජි ීචසරසඑම්ක ක්‍දමබිැකකසබට* නමැති ඔවුන්ටම ආවේණික වූ උපදේශන සේවාවක් ක‍්‍රියාත්මක කරන බව සඳහන් කර ඇත.

මේ පිළිබඳව ‘දම්සර‘ පූජ්‍ය වත්තේගම ධම්මාවාස නාහිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ සඳහන් කළේ මෙම නිවාස ව්‍යාපෘති හා කිසිඳු කටයුත්තකට එවැනි පිරිසක් (ීජසැබඑදකදටසිඑි* සම්බන්ධවී නැති බවත්, නිවාස ව්‍යාපෘතියට ආධාර කළේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් බෞද්ධ මධ්‍යස්ථානයේ ප‍්‍රධානී වෝල්ටර් ජයසිංහ මහතා බවත් ය. මේ කියන පිරිස ඒ මහතා හරහා පැමිණි පිරිසක් වියහැකි බවත් තමන් වහන්සේ සමඟ ගත් ඡුායාරූපය එම නිවාස භාරදෙන අවස්ථාවේදී ගත් එකක් විය හැකි බව ද උන්වහන්සේ කීහ. එමෙන් ම එම ඡුායාරූපය සමඟ සයන්ටොලොජිස්ට්ස් අයගේ් සම්බන්ධයක් ගැන විස්තර සඳහන් වෙතත් එහි සඳහන් විස්තරය අමූලික බොරු බවද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

 මේ සයන්ටොලොජිස්ට්ස්ලාගේ එක් ක‍්‍රියාකාරකමක් පමණි. ඔවුන් මෙවැනි බොරු ඇතුළත් ප‍්‍රවෘත්ති ලොව වටා ගෙනයමින් මුදල් රැුස්කිරීම ජයටම කරගෙන යන අතර තම ඇදහීම ප‍්‍රචාරය කිරීම මඟින් අන්‍යාගම්කරණයට සම්බන්ධව සිටිති.

 සයන්ටොලොජිස්ට්ස් ජර්මන් රජයේ නිරන්තර අධීක්‍ෂණයට හා සුපරීක්‍ෂාවට භාජනය වන නිකායකි. ඔවුන්ට බැංකු ගිණුම් පවත්වාගෙන යාමට හෝ මහජන කටයුතු සඳහා සහභාගීවීමට නොහැකි ය. ජර්මන් සමාගම්වලට තම සේවකයින් සයන්ටොලොජිසට්ස් සාමාජිකයන් බව දැනගැනීමට ලැබුණොත් ඔවුන්ගේ සේවය අත්හිටුවිය හැක. ජර්මන් රටතුළ සයන්ටොලොජිස්ට්ස් මොනයම් හෝ ක‍්‍රියාකාරකමක හෝ යෙදුනොත් ජර්මන් බුද්ධි අංශයේ දැඩි පරීක්‍ෂාවට හා ආවරණයට යටත්වනු ඇත. එසේ නම් සයන්ටොලොජිස්ට්ස්  යනු විපත්තියකි.

ජර්මනියේ හැම්බර්ග්හි සයන්ටොලොජිස්ට්ස්    ශාඛා සංවිධානය වාණිජ ආයතනයක් බවට එරට ඉහළම අධිකරණය වන ෆෙඩරල් ලේබර් කෝට් (ඊමබාැි්රඉැසඑිටැරසජයඑ* විසින් සයන්ටොලොජිස්ට්ස්   සම්බන්ධව නඩුවිභාගයේදී තීරණය කර ඇත. එම නඩුතීරණයේදී අධිකරණය ප‍්‍රකාශකර සිටියේ සයන්ටොලොජිස්ට්ස් නිර්මාතෘ එල්. රොන් හබ්බාර්ඞ්ගේ ‘‘මුදල් සොයන්න, වැඩි වැඩියෙන් මුදල් සොයන්න අනෙක් මිනිසුන්ද මුදල් සෙවීමට යොමුකරන්න.’’ යන උපදේශය මත පල්ලියක ස්වරූපයෙන් කටයුතු කරන ආර්ථික වාසි සොයා යන ආයතනයක් බව ය.

 ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි මෙම සංවිධානයේ ප‍්‍රධාන කාර්යාලය 1996 දී වසාදමන ලද්දේ බදු නොගෙවීමේ හේතුව මත ය. මහා බි‍්‍රතාන්‍යයේ එම ආයතනය බදු නිදහස් ආයතනයක් ලෙස පිළිගෙන නැත.

 සයන්ටොලොජිස්ට්ස්් විසින් පිටු 30 ක වර්ණයෙන් මුද්‍රිත පොතක් සිංහල භාෂාවෙන් සකස්කර බෙදාහැර ඇත. සන්තෝෂයට මඟ (ඔයැ ඡු්එය එද න්‍දහ * නම් වූ මෙම පොතෙහි බුදුදහම පිළිබඳව විකෘතිකරන ලද තොරතුරු ද්වේශ සහගත ලෙස අන්තර්ගතකර තිබේ. එහි එක් පරිච්ෙඡ්දයක (8 වෙනි පිටුවේ* සඳහන් කර තිබෙන්නේ ‘පරදාර සේවනය  කිසිසේත් අලූත් දෙයක් නොවේ. හත්වෙනි සියවසේදී ඉන්දියාවේ බලගතුම ආගමක්ව පැවැති බුදුදහම තුරන්ව ගියේ පන්සල් හි වැඩසිටි භික්‍ෂූන්ගේ ලිංගික අපචාරකම් නිසාය’’ යනුවෙනි. ඉන්දියාවේ බුදුදහම නැතිව ගිය මූලික හේතුව එකවැලට සිදුවූ ඉස්ලාමීය ආක‍්‍රමණයන් බව සාමාන්‍ය දැනුමක් තිබෙන අයපවා දන්නා දෙයකි.

 එහෙත් මේ මූලධර්මවාදී නිකාය අසත්‍ය තොරතුරු ප‍්‍රචාරයකරමින් අන්‍යාගමිකයන් තම ඇදහීම වෙත හරවාගැනීමෙහි නිරතව සිටිති. මෙවැනි සංවිධාන අප රටතුළ ක‍්‍රියාත්මක වීම තහනම් කිරීමට රජය පියවර ගත යුතු උවත් ඒ වෙනුවට ඔවුන්ට ලැබෙන්නේ දේශපාලනඥයන්ගේ ආශිර්වාදයයි. එයට හේතුවක් තිබිය හැක.