Spread the News

ආරක්ෂක සයිබර් විධිවිධාන පනත හා සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන එම කෙටුම්පත් දෙක සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.

විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමග ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්ල සංවිධානාත්මක අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා සයිබර් අවකාශය සහ විද්‍යුත් සන්නිවේදනය භාවිත කිරීමට පෙළඹීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

එසේම ත්‍රිවිධ හමුදාවල පොලීසිය හා අනෙකුත් නියෝජිත ආයතනයන් මේ වන විට ආයතන මට්ටමින් පිහිටුවා ඇති සයිබර් ආරක්ෂණ ඒකක මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීම සඳහා මෙම නව නීති සම්පාදන තීරණයට හේතුවී ඇත.

Source Divaina