Spread the News

සර්වාගමික පිස්සුව

සර්වාගමික පිස්සුව හෙවත් ඔක්කොම ආගම් එකයි යන පිස්සුව අපරට තුල පැතිර යමින් තිබේ. මෙම පිස්සුව අප බොදු රට තුල පැතිරීමට ප්‍රධාන වශයෙන්ම දායක වන්නේ පෙර කොටි සංවිධානයට හා පාස්ටර් මගමරුවන්ට උදවු කෙරූ පිරිස්ය. මොවුන්ගේ පරම අපේක්ෂාව වන්නේ:

  1.  රට විනාශ කිරීම
  2. අනාගතයේ නැති ආගමික යුද්ධ ඇතිකිරීම
  3.  රට අබල දුබල කිරීම හෙවත් සිංහලයාට ජාතියක්, ජන්මයක්, ආගමක් නැති කිරීම.
  4. පන්සල් හා ඒ අවට ඉඩම් සමසේ බෙදාගැනීමට , බහු කෝලම්, බහු ගති, බහු පිස්සුව අපේ ළමුන්ට හා අපහට විවිධ ප්‍රචාරක වැඩසටහන් හරහා එබ්බවිමට ක්‍රියා කිරීම හා එමගින් අප සිත් දිනාගෙන අප හදවත් ඔවුන් කෙරෙහි නැබුරු කරවා අප අපට අයිති සම්පත් කෙරෙහි ඇති අවධානය අඩු කරවා තම සම්පත් වැඩි කරගැනීමට මාන බැලීම.
  5. සිංහල ජනනායකයන් පසු පස ගොස් මිත්‍රකම් ගොඩනංවාගෙන ඔවුන්ව රවට්ටා මස් කෑමත් නොකැමත්  එකයි, බුදුන් වැන්දත් දෙවියන් වැන්දත් එකයි, බයිබලයත්, කුරානයත් ,ත්‍රිපිටකයත් පැහැදිලිවම එකයි යන අමොනෝන්ඤ මත සිංහල බොදු ජනතාවට පැවසීමට හා සිංහලයගේ සිත් දිනාගත් ජන නායකයන් යොදා ගෙන එමගින් සිංහල බොදු අප සාරධර්ම කෙරෙහි ඇති විස්වාශය පලුදු කිරීම .
  6.  සර්වාගමික පිස්සුව හෝ නාඩගම ගැන කතිකා කරන සෑම වැඩසටහනකටම සිවුරු ඇදගත් දෙවදත්තයන් කිහිප  දෙනෙකු හෝ සම්බන්ධ කරගැනීමට  වෑයම් කිරීම  හා එමගින් නිවැරදි සංඝයා වහන්සේලා ගැන බුදුදහම ගැන සැක කටයුතු වන ආකාරයේ වැරදි ප්‍රකාශන කෙසේ හෝ  ලබා ගැනීම.
  7. සංඝයා වහන්සේලාට මෙන් සමානව මේ නොපැවිදි පුජකයන්ටද  සමජයේ ප්‍රමුකස්ථානය ලබාගැනීම හා එමගින් ආණ්ඩු මෙල්ල කිරීමට උත්සහා කිරීම.
  8. නැති  ඊළමක් ගොඩ නගාගෙන එහි මුලික ආගම පුජක ආගමක් කරගැනීමට වෙර දැරීම.
  9. රට අස්ථාවර කිරීමට මාන බලන එන්.ජි.ඕ නඩයන් පෝෂණය කිරීමට හා එවන් සංවිධානවලට  පිරිස් වැඩි කර ගැනීමට සර්වාගමික පිස්සුව, නාඩගම හරහා උදවු කිරීම.
  10. බෞද්ධ මනෝ මුලික සාධකයන් ඉවත් කොට සර්වාගමික මනෝ මුලික සාධකයන් බොදුනුවන් හරාම සමාජ ගත කිරීම.
  11. වෙනත් රටවල් වල බලය හරහා සිහළ බොදුනුවන්ගේ උරුමය පාලනය කිරීමට සමත් විවධ සංවිධානවලට නාගරික හා ග්‍රාම්‍ය වශයෙන් තොරතරු සැපයිමට සමත් තරුණ,තරුණියන් සර්වාගමික පිස්සුව හෝ නාඩගම නාමයෙන් නම්වා ගැනීම.
  12. සතවර්ෂ පහකට වැඩි කාලයක් උත්සහා කෙරුවද තවමත් ගොඩනගා ගනීමට බැරිවුන දේව රාජ්ජ්‍ය නව මුහුණු වරකින් එලි දැක්වීම.
  13. රටේ ප්‍රධාන පාලන පක්ෂය සිංහල බොදු චන්දයෙන් පත්වුවක් නම් එම මතය දීර්ඝ කාලීනව වෙනස් කිරීමට හා පාලනය අල්ලා නැවත අල්ලා  ගැනීමට,වෙනත් ආගමික නැබුරුවක් ඇති ජනනායකයන් රට දිනු පක්ෂය තුල ඇතිබව සියුම්ව හුවා දැක්වීමට සාර පෝය දිනයන්හිදීද පවා වැලක්විය  නොහැකි දේශීය හා විදේශීය සංචාරයන් නිර්මාණය කිරීමට ආරාධනා සියල්ල රටට පදුවන්සේ අන්තර් ජාතිකව කල්වේලා බලා සකස් කරදීම.
  14. ප්‍රසිද්ධ බෞද්ධ ස්ථානවලට ගොස් සර්වාගමික වැඩසටහන් පැවැත්වීම.
  15. ආචාර්ය,මහාචාර්ය වරු මුදල් හදල් දී රවට්වාගෙන සර්වාගමික පෙරහැරවල්වල පෙරමුණේ රාළ කරගැනීම.
  16. විවිධ සිහළ සංස්කෘතික නැටුම්, ගැයුම්,වැයුම් හා කලා පෙරටුකරගෙන තම දේව ආගමික උත්සව පැවැත්වීම හා එම අවස්ථා මගින් මුදල් දී පාරම්පරික නැටුම් කණ්ඩායම් ලවා   පුජකයන්ටත් සිහළ උත්සවාකාරයෙන් බෙර වාදනය කරගැනීම හා එමගින් දේව ආගමට සිහළ සුවරුපයක් ඔබ්බවා ගැනීම.
  17. බෞද්ධ යන් විසින් තෙරුවන් උදේශා පමණක් භාවිතා කරන වචන සර්වාගමික පිස්සුව හෝ නාඩගම (වැඩසටහන්) පවත්වන කාලය තුල දී පුන පුනා පුජකයන් ඇමතීම සදහා භාවිතා කිරීම.
  18. සුදු පාට පුජක සිවුර ටිකෙන් ටික කහපාට වර්ණයෙන් වසාගැනීම හා සැරසිලි සියලක්ම සදහා බෞද්ධයන් විසින් තෝරාගත් වර්ණ භාවිතා කිරීම.
  19. අවසාන වසයෙන් පුජකයා ලොක්කා(ලොකු මිනිසෙකු) වී මෙම සර්වාගමික වැඩසටහන් වලට සහභාගී වන සිවුරට මුවා වුනු සංඝයා වහන්සේලා සොක්කා(බාලයෙකු) කිරීම.

සිංහලයන් බුද්ධිය භාවිතා කර තම ආගම දහම ආරක්ෂා කරගැනීමට කාලය දැන් පැමිණ ඇත. තම සිතැඟි දේශපාලකයා හෝ භික්ෂුව කොයි යම් හෝ සර්වාගමික මගක් ගත්තද තමා ඒ මුග්ධ  මග නොයා යුතුය. ඊට ප්‍රධානම හේතුව වන්නේ.සිංහලයන් වන අප එකමුතු නම් එකම මතයකට එකගනම් තුණුරුවන්ගේ අචල,අමිල ගුණ සුවඳ දන්නේ නම් සටනකින් තොරව සර්වාගමික ආඩියන් සියල්ලන්ම ප්‍රතික්ෂේප කිරීමෙන් එසේද නොහැකිනම් ඔහු හෝ ඇයගේ හැසිරීම අප්‍රිය සහගත කීමෙන් පහසුවෙන්ම අප සමාජයෙන් පන්නා දැමිය හැකි බැවිනි.

දේශීය හා විදේශිය කුහකයන් එක්වී ලහි ලහියේ ගම් නියම් ගම් ඔස්සේ පතුරන ඔක්කොම ආගම් එකයි යන සර්වාගමික නාඩගම, සර්වාගමික පිස්සුව අප රටින් තුරන් කර දැමීමට බොදු අප අධිටන් කරගනිමු.

‘පින්වත් පුතේ මේ පොඩ්ඩක්       අහන්නකෝ

බුදු හිමි අමිල දහම ගැන             කියන්නකෝ

තෙරුවණ සරණ අගනේමයි       හිතන්නකෝ

සර්වාගමික පිස්සුවට පා පහරක්   ගහන්නකෝ’

සර්වාගමික ආඩියන්ගෙන්  අපේ දු, දරුවන්, අපේ රට, අපේ දහම, ආරක්ෂා කරගනිමු!

පාලිත ආරියරත්න
ප්‍රචාරක ලේකම්
ජාතික බෞද්ධ බලවේගය