Spread the News

ස්‌ටීවන් රැප් එන්නේ අලුත් සාක්‍ෂි සොයන්න

කීර්ති වර්ණකුලසූරිය
source:
පස්‌දින නිල සංචාරයක්‌ සඳහා ඊයේ (6 දා) දිවයිනට පැමිණි යුද අපරාධ පිළිබඳ ඇමරිකානු තානාපති ස්‌ටීවන් රැප් කොටි ඩයස්‌පෝරාවේ සාවද්‍ය තොරතුරු මත ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට වාර්තාවක්‌ ඇමරිකානු බලධාරීන්ට ඉදිරිපත් කර තිබූ බව ශ්‍රී ලංකා රජයට හෙළි වී ඇත.

ස්‌ටීවන් රැප් තමා වෙත ලැබුණු තොරතුරුවල නිරවද්‍යතා ශ්‍රී ලංකා රජයෙන් විමසා නැත.

ඇමරිකානු ජනාධිපතිගේ නියෝජිත ලෙස ස්‌ටීවන් රැප් මෙරටට එන්නේ යුද අපරාධ චෝදනා ගැන අලුත් සාක්‍ෂි සෙවීමට බව ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. රැප් ජනවාරි 11 දා තෙක්‌ මෙරට නතර වී සිටිනු ඇත.

මේ අතර තමන් යුද අපරාධ සියෑසින් දුටු බවට ව්‍යාජ සාක්‍ෂිකරුවෝ 30 ක්‌ සාක්‌කි දීමට ඉදිරිපත් වී සිටිති.

මොවුන් රැප් උතුරට පැමිණි විට දිව්රුම් ප්‍රකාශ දීමට ද සූදානම් වී සිටින බවට වාර්තා වී ඇත.

ඇමරිකානු යුද අපරාධ පිළිබඳ තානාපති රැප් අධිකරණ ඇමැති රවුµa හකීම් හා නීතිපති පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් සමඟ ද සාකච්ඡා පවත්වන බව ආරංචි මාර්ග පවසයි.