Spread the News

ස්වර්ග කම්කරු ඇඩ් කල්ලියේ ආගම් ප්‍රචාරක ට්‍රික්ස් – ලංකාදීප හරහා

ස්වර්ගයේ කම්කරු ඇඩ්ස් උපක්‍රමය ගැන අපි ලිපියක් පල කලෙමු. මේ එම කල්ලියම ඉරිදා පත්තර හරහා ආගම් ප්‍රචාරය කිරීමට යොදාගන්නා උපක්‍රමයයි.

 

IMG0039A IMG0040A IMG0041A

නොමිළේ මෝඩ ආගම් ප්‍රචාරක පොත් තමාගේ ගොදුරු වල මොළ සෝදනය පිණිස ඔවුන් එවන්නේ එම පත්තර දැන්වීමට ප්‍රතිචාර දක්වන අයටය. මෙන්න එය සිදුවන ආකාරය.

 

ඉහත ඇඩ් එක බලා උනන්දුවන ගොදුර පහත ආකාරයට ඊ-මේල් හරහා කල්ලියෙන් විස්තර විමසයි. එයට පිළිතුරු දෙන කල්ලිය පුහු පත්‍රිකා තොගයක් නොමිළේ එවයි.

පහත ඊ-මේල් ලිපිය හරහා ඔබටත් ගොදුරක් සේ රඟපා වෙන්නේ කුමක්දැයි බලාගත හැක

කල්ලියේ පිළිතුර

On Monday, 1 December 2014, 12:02, icislinfo ici <[email protected]> wrote:

ඔබ අපට ප්‍රතිචාර දැක්වීම ගැන අපගේ ස්තූතිය පළමුව පළ කර සිටිමු. ජීවිතයේ       විවිධාකාර ගැටලු, ප්‍රශ්න, වේදනා, පීඩා, බලාපොරොත්තු කඩවීම් ඇති අයට ජීවිතයට බලාපොරොත්තුවක් තිබෙන බව පසක් කර දීම අපගේ මෙම වෑයමෙහි අරමුණ වේ. පළමුව මෙය අපි පුද්ගලිකව අත්දුටුවෙමු. ජීවිතයේ සැනසීමට, සහනයට, ප්‍රීතියට සහ සුවයට බාධාව කුමක්දැයි හඳුනාගත් අපි ඉන් නිදහස් වූයෙමු. ඉන්පසු සැබවින්ම අපගේ ජීවිතයට සැබෑ සහ පවතින ප්‍රීතිය, සහනය, සැනසීම, සුවය ලැබුණි. එය ඔබත් සමඟ බෙදාගැනීමට අපට අවශ්‍යය.

 
ඊළඟ පිටුවල මෙම විස්තරය ඇත. එය හොඳින් සහ සාවධානව කියවීමට අපි ඔබට ආරාධනය කරමු. එය ඔබගේ ජීවිතය ජයගැනීමට නව ප්‍රවේශයක් වනු ඇත. ඉන්පසු ඔබගේ ප්‍රතිචාරය අපට ලිපියකින් හෝ ඊ-මේල් මගින් දන්වන්න.
 
අපගේ ලිපිනය: අයි. සී. අයි., තැ. පෙ. 15, ජා-ඇල.
 
Font eka me samaga ewa ata. eye install karaganna.
ස්තූතියි!
 
අධ්‍යක්ෂක

විමසුම් ලිපිය

On 30 November 2014 at 22:10, godura <[email protected]> wrote:

Hello,
   Obalaage Lankaadeepa ad eka nisaa ewami. Matath wisthara kiyanna.
Thanks
-Godura