Spread the News

ස්‌විස්‌ කෝකියා නව කොටි නායකයා වේ

ස්‌විස්‌ නව කොටි නායක රගුපති
source:

* බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ ජෝන් රැන්කින්ටත්
උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට අවශ්‍ය වේ

* අල්කයිඩා ත්‍රස්‌තයන්ටත් ලන්ඩන්හි රැස්‌වීම් පැවැත්වීමට
ඉඩදෙන්නේ ද යෑයි එක්‌සත් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික විද්වත්තු
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්ගෙන් ප්‍රශ්න කරයි

* උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්නැයි යාපනය
රදගුරු ඕස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌වරියට කියා සිටී

* සෙබළුන් 10000 ක්‌ පෙට්‌ටිවලින් කොළඹට එවන
බවට වහසි බස්‌ දෙඩූ කෙ-න්ද්‍රන් වැලිකඩ ඉදිරිපිට විරෝධතාවයට
එක්‌වේ

* පොලිස්‌ බලතල දුන්නොත් විපතක්‌ වන බවට
අරුන් තම්බිමුත්තු අනතුරු අඟවයි

* ස්‌විස්‌ ප්‍රෑන්ක්‌ 200 දක්‌වා අරමුදල් ලැබෙන බව
ස්‌විස්‌ නව කොටි නායකයා කියා සිටී

* සම්බන්ධන්ගේ මීළඟ ඉලක්‌කය හෙළිවේ

* “විවා” ලෝක කුසලාන තරගාවලිය සඳහා කොටි පාපන්දු කණ්‌ඩායමක්‌

* මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ අපරාධකරුවකු කිරීමට
උත්සාහ කළ මැතිව් රසල් ලී පැන්නීමට එක්‌සත් ජාතීන්ගේ
වාර්තාවරුන්ගේ සංවිධානය තීන්දු කරයි

“විනාශයක්‌ වීමට පෙර රට තුළ සිදුවන ක්‍රියාදාමයන් ගැන
ජනතාව දැඩි අවධානය යොමු කර ඊට එරෙහිව නැඟී සිටිය යුතුයි”
– රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින්

ත්‍රස්‌තවාදී යුද්ධය අවසන්වී තෙවසරක්‌ ගතවන අවස්‌ථාවේ රට තුළ ඉදිරියටත් සාමය පවතිනු ඇතැයි ජනතාවගේ මතය වී ඇත. එහෙත් සැබෑ තත්ත්වය එය නොවේ. කොටි රූකඩ දැන් ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් යළි හිස ඔසවමින් සිටී. පසුගිය 27 වැනි ඉරිදා තමිල් අරසු කච්චි පක්‍ෂය මඩකලපුවේදී සිය සමුළුව පවත්වනු ලැබීය. මේ සමුළුව අමතමින් පක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මෙලෙස ප්‍රකාශ කර තිබිණි. “අපගේ ඉවසීමේ සීමාවක්‌ ඇත. එම සීමාව වෙත සමීප වූ විගස අපි අපගේ අරමුණ වෙත ගමන් කරන්නෙමු. රටේ සිටින ප්‍රගතිශීලී ප්‍රවාහයන් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග අපේ ජනතාව ඒකරාශී කිරීමට පසුබට නොවන්නෙමු. අපි නිසි කාලසීමාවක්‌ දෙන්නෙමු. එවන් ක්‍රියාමාර්ගයක්‌ සඳහා කාලය පැමිණි පසු අපි ක්‍රියාත්මක වන්නෙමු.”

ප්‍රභාකරන් ද තම ඉල්ලීම් ඉටු කිරීමට රජයට කාලයක්‌ දුන්නේය. සම්බන්ධන් ද කාලසීමාවක්‌ ගැන පවසයි. ප්‍රභාකරන්ගේ දැස්‌ මකුළුදැලින් බැඳී නැතැයි ඇනිටා ප්‍රතාප් නමැති ඉන්දීය ලේකාව වරක්‌ කියා සිටියාය. එසේම සම්බන්ධ ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධානයේ දෑස්‌ ද මකුළුදැලින් වැසී නැත. එය සිදුවී ඇත්තේ මෙරට බහුතරයේයි.

මේ බරපතළ ප්‍රකාශය කළ සම්බන්ධන් තවදුරටත් සිය දේශනයේදී කළ කරුණු දැක්‌වීම ජනතාවගේ අවධානය සඳහා අපි මෙලෙස දන්වන්නෙමු.

“ජිනීවාහි ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ජය ගැනීමෙන් පසු අපි මඩකලපුවේදී ඒකරාශී වූයෙමු. ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකා රජය අපේ ජනතාවට එරෙහිව අපරාධ කළ බවට පිළිගෙන තිබේ. වසර 500 කට පෙර ද්‍රවිඩ ජනතාව විසින් ඔවුන්ගේම ආණ්‌ඩු ආරම්භ කර තිබුණා. උතුරු නැගෙනහිර යනු ද්‍රවිඩ ජනතාවගේ ඓතිහාසික ජනාවාසයයි. ඒ ගැන රජය සමග කිසිදු එකඟතාවකට එන්නේ නැත. වන්නි මෙහෙයුමේ අවසන් අදියරේදී සිදුවූ විනාශය ලෝක ප්‍රජාව විසින් පිළිගෙන තිබෙනවා. එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ යටතේ අපේ අයිතීන් ලබාගැනීමට නොහැකි බව අපි ජාත්‍යන්තර ප්‍රජාවට සනාථ කළ යුතුයි. ජාත්‍යන්තර ප්‍රජාව ඒ බව අවබෝධ කරගන්නා තුරු අප ඉවසිය යුතුව තිබෙනවා. සන්නද්ධ අරගලයේදී දිවි පිදූ තරුණයන් පිළිබඳව ද අපි සිහිපත් කළ යුතුය. ඇමරිකාවත්, ඉන්දියාවත් දැන් අපට සහාය දක්‌වනවා. එය අපට ලැබුණු අවස්‌ථාවක්‌ යෑයි කිව හැකියි. එසේම 13 වැනි සංශෝධනය විසඳුමක්‌ යෑයි පිළිගන්න බැහැ.

ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමි සිය කවියකින් පැවසුවේ ඇස්‌ගෙඩි දෙකට හෙණ ගහලද සිහලුනේ යනුවෙනි. එම ප්‍රකාශය අද මෙරට බහුතරයෙන් විමසීමට අපට සිදුවී ඇත.

සම්බන්ධන් සිය දේශනයෙන් ඇමරිකාවට හා ඉන්දියාවට කියන්නේ එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ යටතේ විසඳුමක්‌ ලබාගත නොහැකි බව නොවේද?

එසේම සම්බන්ධන්ගේ දේශනයේ කිසිම තැනක සහජීවනය ගැන කියන්නේ නැත. ඔහුගේ දේශනයෙන් වෛරය පෙන්නුම් කර කොටි ඝාතකයන්ව ද සමරා තිබේ. ඔහු ඉන් නතර වී නැත. මුස්‌ලිම් ප්‍රජාවගේ අරමුණු සම්පූර්ණ කළ යුතු බවද කියා සිටී.

තමිල් අරසු කච්චි නායකයා මෙන්ම ද්‍රවිඩ සන්ධාන නායකයා වූ සම්පන්දන් මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ද්‍රවිඩ ජනතාවට විසඳුමක්‌ නොදී රජය මෙලෙස දූෂිත ලෙස ක්‍රියාත්මක වන්නේ නම් රට මින් පෙර නුදුටු විපතක්‌ සිදුවන බවයි.

ඔහු මෙහිදී ද්‍රවිඩ ඩයස්‌පෝරාව ගැන ද කරුණු දක්‌වා ඇත. යුද්ධයේදී හා ඉන් පසුවත් ඩයස්‌පෝරාව විසින් ද්‍රවිඩ ජනතාවට සහාය දක්‌වා ඇත. අපේ හෘදයාංගම බලාපොරොත්තුව වන්නේ එම සහාය ඉදිරියටත් ක්‍රියාත්මකවීම යෑයි ඔහු කියා සිටියේය.

කොටි රූකඩය ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානය වෙනුවෙන් එහි නායකයා මඩකලපු සමුළුවේදී උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවද පවසා තිබේ.

එසේම ද්‍රවිඩ රාජ්‍යයක්‌ හා මුස්‌ලිම් රාජ්‍යයක්‌ ගැන ද එහි සඳහන් වී ඇත. මේ අතර සම්බන්ධන්ලා මඩකලපුවේදී සිය සමුළුව පවත්වන කාල වකවානුවේම මෙරට ඉන්දීය මහ කොමසාරිස්‌ අශෝක්‌ කාන්ත් නැගෙනහිර ඉන්දීය ව්‍යාපෘති නිරීක්‍ෂණය කිරීමේ වාර්තාවක යෙදුණි.

ඉන්දීය මහ කොමසාරිස්‌ එම කාලවකවානුවට තෝරාගන්නේ මන්ද යෑයි සිහි බුද්ධිය ඇති අයට නිසැකවම තේරුම් ගැනීම අපහසු නැත. මහ කොමසාරිස්‌ අශෝක්‌ කාන්ත් මුස්‌ලිම්වරු සිටින කල්මුණේ ප්‍රදේශයට ද ගියේය. එහිදී ඔහුව පිළිගත්තේ මුස්‌ලිම් කොන්ග්‍රසයේ දේශපාලකයන් දෙදෙනෙකි.

මේ සකස්‌ වන්නේ එදා ඉන්දීය මහ කොමසාරිස්‌ව සිටි ඩික්‌සිත් ගොඩනැඟූ පසුබිම නොවේද? “මාගේ මිත්‍රවරුනි· මාගේ සහෝදරවරුන් යෑයි අමතමින් සම්බන්ධන් ද්‍රවිඩ ජනතාවගේ අරගලයේ නව පරිච්ඡේදයක්‌ ආරම්භ වී ඇතැයි පවසා ඇත්තේ නිකමට නොවන බව පැහැදිලියි.

මේ පසුබිම යටතේ ඕස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ රොබින් මුඩි යාපනයේදී ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරුන් වූ එස්‌. ශ්‍රීධරන් හා මාවයි සේනාධිරාජා මෙන්ම යාපනය රදගුරු තෝමස්‌ සවුන්ද්‍රනායගම් ද හමුවී සාකච්ඡා පවත්වා ඇත.

එහිදී ඔවුන් ඇයට පවසා ඇත්තේ කුමක්‌ද? “රජය උතුරෙන් හමුදා පිරිස්‌ අඩුකර නැහැ. එසේම හමුදා කඳවුරු පවා ඉවත් කරගැනීමට ක්‍රියා කරලා නැහැ. ජිනීවා යෝජනාවට අදාළ කිසිම දෙයක්‌ ඉටු කිරීමට පියවර ගෙන නැහැ. ද්‍රවිඩ සිරකරුවන්ගේ වගතුග පවා හෙළි කිරීමට කටයුතු කර නැහැ”යෑයි ඔවුහු ඕස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌වරියට පැමිණිලි කළහ.

රදගුරු තෝමස්‌ සවුන්ද්‍රනායගම් ද පැවසුවේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවයි. ඕස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌වරිය හමුදා කඳවුරු සම්බන්ධව උතුරේ ආඥාපතිවරයාගෙන් ද විමසා ඇත. මෙහිදී රොබින් මුඩි නමැත්තිය මෙරට අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත්වී ඇති බව සනාථ නොවන්නේද?

මෙයට සමගාමීව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ රැන්කින් ද උතුරේ හමුදා කඳවුරු තිබීම ගැන ප්‍රකාශයක්‌ කර තිබේ. මේ අතර අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරනු යෑයි ඝෝෂා කරමින් වැලිකඩ සිරගෙදර ඉදිරියේදී විරෝධතාවක්‌ පැවැති අතර ඊට සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, මනෝ ගනේෂන්, ටී.එම්.වී.පී. පක්‍ෂයේ සෙල්වරාජා කෙ-න්ද්‍රන් ඇතුළු පිරිසක්‌ එක්‌වී සිටියහ. අපේ සෙබළුන් 10000 ක්‌ පෙට්‌ටිවලින් කොළඹට එවන බවට වහසි බස්‌ දෙඩූ කෙ-න්ද්‍රන්ට දැන් එවන් තර්ජනයක්‌ කළ නොහැක. එසේම සිරකරුවන්ට පූර්ණ සමාව දිය යුතු බවද මනෝ ගනේෂන් පවසා ඇත.

මෙලෙස සමාව දිය යුතු යෑයි කියන්නේ කොටි ත්‍රස්‌තවාදිනියක්‌ වූ තමිලිනි, ත්‍රිකුණාමල කොටි නායකයා වූ එලිලන් මෙන්ම ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කළ කොටි ත්‍රස්‌තවාදීන්ට ද?

සම්බන්ධන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවයි සේනාධිරාජා, ශ්‍රීධරන් ඇතුළු ද්‍රවිඩ සන්ධානයේ ක්‍රියාශීලී සැලැස්‌ම දැන් පැහැදිලිය. 1. උතුරේ හමුදා කඳවුරු ඉවත්කර ගැනීම, 2. කොටි ත්‍රස්‌තයන්ව මුදා ගැනීම, 3. පොලිස්‌ බලතල ලබාගැනීම. මේ ඉල්ලීම් ඉටු කළහොත් සහජීවනයක්‌ අවශ්‍ය නැත. මේ තත්ත්වය මැද රජයේ දේශපාලකයෙක්‌ ද පොලිස්‌ බලතල හා ඉඩම් බලතල ලබාදිය යුතු බව කියා සිටී. එහෙත් පොලිස්‌ බලතල ලබාදුන්නොත් සිදුවන්නේ එදා වර්ධරාජා පෙරුමාල් පොලිස්‌ බලතල යටතේ සිවිල් ස්‌වෙච්ඡා බළකාය පිහිටුවා ඉන් පසු එය ද්‍රවිඩ ජාතික බළකාය ලෙසට පරිවර්තනය කළ අන්දමේ ක්‍රියාදාමයකි. ඒ සඳහා ඉන්දියාව ප්‍රමුඛ රෝ සංවිධානය සහාය විය. මෙවන් තත්ත්වයක්‌ ඇති නොවේ යෑයි සහතික විය හැකිද? ද්‍රවිඩ දේශපාලකයකු වූ අරුන් තම්බි මුත්තු පොලිස්‌ බලතල ලබාදීමට අදාළ ඉල්ලීම ගැන පැවසුවේ ද්‍රවිඩ සන්ධානය ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න තිබියදී පොලිස්‌ බලතල ඉල්ලන්නේ කුමකටදැයි පැහැදිලි වන බවයි. “ද්‍රවිඩ සන්ධානයට වෙන කිසිවක්‌ අවශ්‍ය නැහැ. ඔවුන්ට ඕනේ බලය”යෑයි ඔහු කියා සිටියේය.

මේ අතර කොටි ඩයස්‌පෝරාව ගෙන යන සාවද්‍ය ප්‍රචාරවලට නිසි ප්‍රතිචාරයක්‌ දැක්‌වීම සඳහා ශ්‍රී ලංකාව සඳහා ද්‍රවිඩයන්  නමැති ජාත්‍යන්තර සංවිධානයක්‌ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ඔහු පළ කළේය.

“අපි රටවල් රැසක මේ සංවිධානය පිහිටුවනවා. මෙතෙක්‌ දවස්‌ කොටි ගෙනගිය බේගල් ප්‍රචාරවලට ප්‍රතිචාර දක්‌වනවා”යෑයි හෙතෙම සඳහන් කළේය.

මේ පසුබිම යටතේ එක්‌සත් එමීර් රාජ්‍යයේ විදෙස්‌ගත ශ්‍රී ලාංකික සංසදය විසින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් වෙත හදිසි සංදේශයක්‌ යවමින් ලන්ඩන් නුවරදී කොටි ත්‍රස්‌තවාදී ධජය සමග බ්‍රිතාන්‍ය ධජය ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලැබුණේ කෙසේදැයි ප්‍රශ්න කර ඇත. “ලන්ඩන් නුවරදී මේ අන්දමට අල්කයිඩා සංවිධානයට රැස්‌වීමක්‌ පැවැත්වීමට ඉඩ දෙන්නේද? කොටි හිතවාදීන් විසින් ඔබේ රජය උගුලකට යොමු කිරීම ගැන අපි කනගාටුව පළ කරන්නෙමු. මේ නිසා ජගත් ත්‍රස්‌තවාදයට දායක නොවන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු”යෑයි විද්වතුන් විසින් පිහිටුවාගෙන ඇති එම සංවිධානය තවදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර ස්‌විට්‌සර්ලන්තයේ නව කොටි නායකයා කවුදැයි අනාවරණය වී ඇත. රගුපති නමැති අන්වර්ථ නමින් හඳුන්වන මොහු ප්‍රිබුග් නගරයේ අවන්හලක කෝකියෙකි. රගුපති දැන් ස්‌විස්‌ මාධ්‍ය අමතමින් පවසන්නේ ද්‍රවිඩ නිජබිම් සංකල්පය අතුරුදහන් වී නැති බවයි. ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා දක්‌වන ද්‍රවිඩ ජනතාවගෙන් එය සනාථ වන බව ඔහු පවසයි.

පසුගියදා රගුපති සිය වෙස්‌මුහුණ ගලවා දමමින් සුරීච් නගරයෙන් මතු විය. රගුපති නමින් හැඳින් වුවත් ඔහු කවුද හා ඔහුගේ නියම නම හා මිතුරන් කවුදැයි අප වෙත වාර්තා වී ඇත. 2009 දී කොටි සංවිධානය පරාජය වන විට නියෝජ්‍ය ස්‌විස්‌ කොටි නායකයා ලෙස ක්‍රියා කළේ ද ඔහුයි. කොටි නායකත්වය සමූල ඝාතනයවීමත් සමගම ස්‌විස්‌ කොටි නායකයා වූ කුලම් එම ධුරයෙන් ඉවත්වී නව නායකත්වය රගුපතිට පවරනු ලැබීය. රගුපති නමැති කොටි ත්‍රස්‌තයාගේ දැන් කාර්යභාරය කුමක්‌ද? “අපේ නිජබිම තුළ තුවාල වූ සහ ගැලවුණ අය සිටිනවා. ඔවුන්ට අනුග්‍රහය දැක්‌වීම අපේ අරමුණයි”යෑයි ඔහු තවදුරටත් පවසා ඇත. පසුගිය වසරේ ජනවාරි 11 වැනිදා රගුපති ඇතුළු ස්‌විස්‌ කොටි ක්‍රියාකාරීන් නව දෙනකු අත්අඩංගුවට ගත් ස්‌විස්‌ පෙඩරල් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කර පසුව නිදහස්‌ කර තිබේ.

දින විසිපහක්‌ තිස්‌සේ ස්‌විස්‌ පොලිස්‌ අත්අඩංගුවේ සිටි රගුපති දැන් ප්‍රසිද්ධියේම පවසන්නේ ස්‌විස්‌ ද්‍රවිඩයන් මසකට ප්‍රෑන්ක්‌ 50 සිට 200 දක්‌වා ලබාදෙන බවත් එය ස්‌විස්‌ ප්‍රැන්ක්‌ 100000 ක්‌ දක්‌වා එකතුවී ඇති බවයි. එසේම කොටි සංවිධානයට ලබාදීම සඳහා ස්‌විස්‌ ද්‍රවිඩයන් 200 ක්‌ පමණ ස්‌විස්‌ බැංකුවලින් ප්‍රෑන්ක්‌ 100000 ක්‌ දක්‌වා ණය මුදල් ලබාගත් බවද ඔහු තවදුරටත් හෙළි කර ඇත. ස්‌විස්‌ ද්‍රවිඩයන් අපට අරමුදල් දෙන්නේ කොටි සංවිධානයේ ස්‌ථාවර නියෝග මතයි යෑයි රගුපති පවසා තිබේ.

මෙලෙස ස්‌විස්‌ නව කොටි නායකයා මතුවී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරද්දී ස්‌විස්‌ දේශපාලකයකු වූ ඇන්ටි්‍රයා හෙස්‌බියුලර් ස්‌විස්‌ පාර්ලිමේන්තුව වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් කොටි සංවිධානය තහනම් කිරීමට ස්‌විස්‌ රජය ක්‍රියා නොකරන්නේ මන්දැයි විමසා ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්‌වූ ස්‌විස්‌ මන්ත්‍රීවරියක්‌ වූ කැල්මිරේ ද්‍රවිඩයන්ට විරෝධතා දැක්‌වීමේ හිමිකම ස්‌විට්‌සර්ලන්තය තුළ තිබෙන බවත් ත්‍රස්‌තවාදී සංවිධාන සම්බන්ධ ලැයිස්‌තු ස්‌විට්‌සර්ලන්තයේ නැති අතර එවන් ලැයිස්‌තු තබාගැනීම ස්‌විස්‌ නීතියට එරෙහිවීමක්‌ යෑයි ද පවසා තිබේ.

මේ පසුබිම යටතේ මුස්‌ලිම් කොන්ග්‍රසය දැන් යළිත් වරක්‌ අර්බුදයක්‌ මතුකර ඇත. ඒ පලස්‌තීන ජනාධිපති හා ඊශ්‍රායලය අතර දැඩි සබඳකම් පවතිද්දී ඊශ්‍රායල් තානාපති කාර්යාලයක්‌ මෙරට ස්‌ථාපිත නොකරන ලෙස රජයෙන් ඉල්ලීමයි.

එහෙත් රජය මුස්‌ලිම් කොන්ග්‍රසයේ අන්තවාදී ඉල්ලීම්වලට එකඟ විය යුතුද? ඊළඟට මොවුන් ඊශ්‍රායල් නිෂ්පාදන වූ ඩොව්රා, කµSර් හා යූ.ඒ.වී. යානා ද මෙරට හමුදාවලින් ඉවත් කරන ලෙස ඉල්ලීමට ද ඉඩ ඇත. එසේම මුස්‌ලිම් කොන්ග්‍රසය විසින් සත්‍ය සෙවීමේ කොමිසමක්‌ පත් කරන්නැයි ද රජයට පවසා තිබේ.

උගත් පාඩම් කොමිසමක්‌ පිහිටුවා රජය ඉන් අමාරුවේ වැටී සිටින අවස්‌ථාවේ සත්‍ය සෙවීමේ කොමිසම් ඉල්ලන්නේ යළිත් උගුලකට අසු කිරීමට ද?

මේ අතර විවා ලෝක කුසලාන තරගාවලිය නමින් හඳුන්වාගත් පාපන්දු තරගයක්‌ වෙත කොටි පාපන්දු කණ්‌ඩායමක්‌ සහභාගි වේ. මොවුන් තරග කරන්නේ ඊළාම් රාජ්‍යය නමැති සිහින රාජ්‍යයක්‌ වෙනුවෙනි. මෙම තරගාවලිය ජුනි 05 වැනිදා කුර්දිස්‌තානයේ අර්බිල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. බ්‍රිතාන්‍යය, කැනඩාව, ස්‌විට්‌සර්ලන්තය යන රටවල කොටි දාහතර දෙනෙක්‌ මෙම පාපන්දු තරගයට සහභාගි වන බව ආරංචි මාර්ග කියා සිටී.

සැන්සිබාර් රාජ්‍යය ඇතුළු බෙදී වෙන්වූ රටවල් කීපයක්‌ මෙම පාපන්දු තරගයට තරග කරති. මේ පසුබිම යටතේ ඇමරිකාවේ කොටි හිතවාදී වාර්තාකරුවකු වන ඉනර්සිටි ප්‍රෙස්‌ ආයතනයේ මැතිව් රසල් ලී පැන්නීමට එක්‌සත් ජාතීන්ගේ වාර්තාකරුවන්ගේ සංවිධානය තීරණය කර ඇත. කැනඩා කොටි ජාලය ඔහුට සුවිසල් නිවසක්‌ ද සපයා දී තිබේ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අනිසි ලෙස දුෂ්කරතාවකට පත් කිරීමට ක්‍රියා කිරීම ගැන ඔහුට චෝදනා එලල්වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය