Spread the News

ස්‌විස්‌ බැංකුවලින් රු. කෝටි 10 ක්‌ කොටින්ට දීලා

කීර්ති වර්ණකුලසූරිය source:

ස්‌විස්‌ බැංකුවලින් ලබාගත් ප්‍රෑන්ක්‌ 100000 ක්‌ (රුපියල් කෝටි 10 ක්‌) කොටි සංවිධානයට ලබාදී ඇතැයි ස්‌විස්‌ නව කොටි නායක රගුපති විසින් හෙළිකර ඇත.

කොටින්ට හිතවත් 200 ක්‌ විසින් මෙලෙස ලබාගත් ණය මුදල් දැන් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

එසේම ස්‌විට්‌සර්ලන්තයේ ද්‍රවිඩයන් තවමත් ප්‍රෑන්ක්‌ 50 සිට 200 දක්‌වා අරමුදල් ලබාදෙන බවද රගුපති විසින් හෙළිකර ඇත.

ස්‌විස්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දින 25 ක්‌ රඳවා ගෙන සිටි රගුපති පසුගියදා නිදහස්‌ කිරීමෙන් පසු මේ බව හෙළිකර තිබේ.