සාමය ආක්‍රමණය වීම !
සාමය , සමගිය යනු එකෙකු වෙනුවෙන් පමණක් යෙදෙන්නක් නොවේ. සාමය සමගිය යන වචනයේ භාවිතාව නම් එකෙකුට වැඩි පාර්ශ්වයන් ඇති විටදීය. එකෙකු වූ තැන සාමය , සමගිය යන වචන නුවුමනාය.
සමගිය සමහියක් වන්නේ පාර්ශවකරුවන් සියල්ලම ඒ ගැන අවංකව උනන්දු වුවහොත් පමණකි. සමගිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමගියක් වන්නේ කයින්, වචනයෙන් මෙන්ම සිතිවිලි වලින්ද සමගි වේ නම් පමණි.
“සාමය\සමගිය” යන වචනය තම වාසියට යොදාගැනීම අද මෙරටේ බහුලව සිදුවන්නකි.
ක්‍රියාවෙන් සමගියට ක්‍රියාකරනවා කියා පෙන්වන්නෝ වචනයෙන් සහ සිතිවිලි වලින් අනිකාගේ අයිතිය කොල්ලකෑමට සැඟව වැඩකරති. එසේම ක්‍රියාවෙන්ද වචනයෙන්ද සමගිය ගැන කතාකරන්නෝ සිතිවිලි වලින් අනිකා පරදවා බිම උන්ගේ අයිතිය යටතට ගැනීමට නිරන්තරයෙන් කැස කවති. එවැන්නො කපටියෝ හෙවත් කූටයෝ ලෙස හැඳින්වේ.
සාමය අද මෙරට පුදුම මිලක් ගෙන දෙන වචනයකි. සාමයට විවිධ වූ ලන්සු තබා වෙන්දේසියේ විකුණති. ඒ වෙනුවෙන් සාම ඒජන්තවරු සිටිති. සාම වෙළෙන්දෝ සිටිති. සාම කාක්කෝ සිටිති.
ඇයි මේ ?
කාට ආදරේ නිසාද ?
සාමයට ආදරේ නිසාද ?
උදාහරණයක් ! මේ රටට උරුමක්කාරයෝ ඇත. එයට ඉතිහාසය සාක්ෂි දරයි. කා කොටා වැටි වැටී හෝ රටේ උරුමය ඇති එවුන් හට පය ගසා ඉන්නට ඇති එකම බිම් කඩ මෙපමණකි. මෙබිම නැති වූ දාට උරුමක්කරුවාට අත්වන්නේ අබසරණ පමණි. එදා රජු ගෙන් ගෙරිහමක වපසරියක් තම පැවැත්ම වෙනුවෙන් ලබාදෙන ලෙස කල ඉල්ලීම ආගන්තුක සත්කාර්යය මත ලබාදුන් රජුට එදා කල ක්‍රියාව නිසා දිනෙක තම හතර වරිගයට ගෙරිහමක වපසරියක් හෝ ඉතිරි නොවන ආකාරයේ දීමක් වේ යයි ඔහු කිසිදා නොසිතන්නට ඇත. ඔහු එදා කල වැඩෙන් අද රටේ අයිතිකාරයාට ගෙරිහමක වපසරියක් ඉල්ලීමට සිදු වී තිබේ.
එදා උරුමය අද අප සතුව නැත. එදා බිම අද අප සතුව නැත. එදා වරිගය අද අප සතුව නැත.
වසර 2600ක මගේ උරුමය මට අහිමි කලේ සාමය නම් ?
මගේ වූ පුණ්‍ය ඉම මට අහිමි කලේ සාමය නම් ?
මගේ වරිගය මට අහිමිවෙමින් යන්නේ සාමය නිසා නම් ?
සාමය යනු මිත්‍රයකු නොව පර සතුරෙකි.
එසේ නම් මේ දක්වා පැවතී සහ කතා කල සාමය කවුරුන් වෙනුවෙන්ද යයි දැන් ඔබට හොඳාකාරව වැටහෙනවා ඇති.
එදා මෙදා තුර අපි සාමය රැක්කෙමු. ප්‍රතිපලය නම් ගෙරිහම් කාරයෝ ගෙරිහමක වපසරියක් අපට ඉතිරිකරලීමයි. ප්‍රතිපලය අපගේ උරුමයද , වරිගයද , බිම් කඩද , සතා සිපාවාද , ගහ කොලද අපට අහිමිවීමයි.
මේ සාමයද ? මෙවැනි සාමයකින් ඔබ සැනසෙනවාද නැත්නම් වැනසෙනවාද ?
මෙය සාම ආක්‍රමණයයි.
වර්තමානයේ වූ මෙම ආදර්ශය දෙස බලන්න.
එක රටක් තම පරම සතුරන්ට පහරදීමට එක අපුරු ක්‍රමයක් මෑතකදී කරලියට ගෙන ආවේය. එක්තරා සතකුගේ මාංශය සතුරා දැඩිව පිළිකුල් කරන බව දැනගත් ඔවුන් සතුරා අකර්මන්‍ය කිරීමට එම සතාගේ මාංශය සහිත විශේෂ ප්‍රහාරක අවියක් භාවිතා කළේය. සතුරා පණ කඩාගෙන දුවන්නට විය. ඒ ආකාරයටම “නහි වේරේන වේරානි” යන බුද්ධ වචනය තම වාසියට ගත් මෙරට සාමවාදීන් සාමය යන වචනයට මුවාවෙමින් අපගේ සනුහරයම සුරාකමින් සැඟව ජය පැන් බොමින් සිටිති.
මේ ආක්‍රමණ සාමය ගැන ඔබට කීමට ඇත්තේ කුමක්ද ?
සාමයේ සමගියේ නාමයෙන් එකෙක් අනිකා සතුව තිබු සියල්ල තමන් සතු කරගැනීමේ ආක්‍රමණයක යෙදේ නම්…..?
සමගිය ගැන කතාකරමින් එකෙක් අති දීර්ග කාලයක් පවතින අනිකාගේ උරුමය සෙමින් ආක්‍රමණයට ලක් කරයි නම්,. එකෙක් සාමය ගැන තෙපලමින් අනිකාගේ ජන පැවැත්ම හිමින්සීරුවේ මරාදමයි නම් , එකෙක් සාමය ගැන උදම් අනමින් අනිකාගේ උරුමය සහ ඊට අදාළ සියලු ක්‍රියාකාරකම් ශුන්‍ය කෙරෙමින් යයි නම් එතන ඇත්තේ සාමයද ?
එතන ඇත්තේ සාම ව්‍යාජත්වයයි\ සාම කූටත්වයයි. වර්තමානයේ මෙරටට සිදුවෙමින් පවතින්නේත් ඒ ටිකමය. උරුමයට හිමි තැන ආක්‍රමණය කරන්නේ සාමය නැමැති අයිසින් තැවරිමෙනි. ඒ සඳහා භාවිතයට ගන්නේ සාමය සමගිය නමැති උතුම් පාරිභාෂිත වචනයි.
හොඳට මතක තබාගන්න. බොරුව සැමදා ඇත්ත වන්නේ නැත. බොරුව ඇත්ත වන්නේ ඇත්ත නැති තෙක් පමණි. එදාට……?
– වෛද්‍ය ධම්මික විජේරත්න