Spread the News

සිංහලයාගේ පරම යුතුකම සිංහලේ රැකගැනීමයි

Swarna Hansa Foundation :

සිංහල රටත් ජාතියත් සිංහලයන්ට නැතිකර දැමීමේ අරමුණින්, මේ සිංහල රට සිංහලයන්ට පමණක් අයිති නැති බවත් එය දෙමලුන්ටත් මරක්කලයින්ටත් අයිති බවත් කියා පෑම සඳහා තක්කඩිවාදී පාර්ලිමේන්තුකාරයන් විසින් සකස් කොට සිංහලයන් ලවා බලහත්කාරකමින් භාවිතා කරවනු ලබන පාර්ලි‍මේන්තු පටි කොඩිය උපහාසයෙන් යුතුව ප්‍රතික්ෂේප කොට පසුගිය පෙබරවාරි 4 වෙනිදා ඊනියා නිදහස් දිනයේ දී සිංහලේ රැකගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් හා ජාතිකාභිමානයෙන් යුතුව සිංහලේ සිංහ කොඩිය එසවු ඔබට, සිංහල ජාතිය වෙනුවෙන් සිංහලේ උපහාරය පිරිනැමෙනු ඇත.

ඹබ විසින් කරන ලද්දේ සැබෑ ජාතික වීරෝධාර ක්‍රියාවකි. සිංහලේ සිංහ කොඩිය එසවීම වලකා ලීමට සිංහල ද්‍රෝහීන් විසින් ගන්නා ලද සියලු උත්සහයන් හා බලපෑම් පරාජය කර දමමින් ද, මන්දොත්සාහිව සිටි සිංහලයන් ධෛර්යමත් කරමින් ද සිංහලේ සිංහ කොඩිය ඔසවමින් සිංහලේ රැක ගැනීමේ මහා සංග්‍රාමයේ පෙරමුණ ගැනීමෙන් ඔබ විසින් කරන ලද්දේ සැබවින්ම සිංහලේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන ඓතිහාසික ජාතික මෙහෙවරකි. එය රට පුරා ලොව පුරා සිංහලයන්ගේ ඉමහත් සතුටට හා භක්ති ප්‍රමාණයට හේතු වී ඇත.

ඒ අතර එ් අභිමානවත් ජාතික මෙහෙවරේ සාර්ථකත්වය ඉවසා ගන්නට නොහැකි සිංහලේ හතුරන් විශේෂයෙන්ම බෙදුම්වාදී තක්කඩිවාදී පාර්ලිමේන්තු කාරයන් භුමිතෙල් වැදුනු ගැරඬින් මෙන් දඟලන්නට පටන් ගෙන ඇත. එය ඔවුන්ගේ පරාජයකි, සිංහලයන්ගේ ජයග්‍රහණයකි. එබැවින් ඊලඟට කල යුත්තේ ඒ ජවයෙන්ම ඊලඟ සතුරු ඉලක්කය හදුනාගනිමින් ඊට ප්‍රහාරය එල්ල කීරිමයි.

සිංහලේ සිංහ කොඩිය විකෘති කරමින් සිංහලේට අයිතිවාසිකම් කියන්නට ආක්‍රමණික ජනවර්ගවලට ඉඩ දුන් ආකාරටම සිංහල සංස්කෘතිය ද විකෘති කරමින් සිංහල රටට තවතවත් අයිතිවාසිකම් කීමට ඉඩ ලබා දීම සිංහලේ නැති කර දැමීම සඳහා වෙහෙසෙන සිංහලේ සතුරන්ගේ විශේෂයෙන්ම තක්කඩිවාදී පාර්ලිමේන්තුකාරයින්ගේ තවත් උපක්‍රමයක් වී ඇත. සිංහ‍ල රටේ ඇති කිසිම දෙයක් සිංහලයන්ට පමණක් අයිති දේ නොවන බව කියා පෑම ඔවුන්ගේ අවශ්‍යතාවයි.

සිංහලේ සංස්කෘතියේ සංකේතය වන්නේ සිංහල අලුත් අවුරුද්දයි. සිංහලයන්ගේ සම්භාවනීය ජීවන රටාව සකස් වී ඇත්තේ ද අවුරුද්දේ මාස පිලිවෙල අනුවයි. එය කොතරම් සම්භාවිතද සම්භාවනීය ද යත් ඉරහඳ පවත්නා තුරු එම ජීවන ක්‍රමය පවත්වාගෙන යා හැකිය. බටහිර රටවල් විසින් ද,ලෝක බැංකුව විසින් ද පිටපට ගසමින් මෙතෙක් හැදු කුමන හෝ සංවර්ධන ක්‍රමයකට තවමත් සිංහලේ සංවර්ධන ක්‍රමයට සමාන නොවේනම්,අඩුම තරමින් ඊට කිට්ටු වීමට හැකි දෙයක් හෝ හදා ගන්නට නොහැකි වී ඇත. සිංහල අලුත් අවුරුද්ද සිංහලයන්ගේ පමණක් නොවන බව කීමේ උත්සහය අනුව අවුරුදු දහයක පහලොවක පමණ කාලයක සිට දෙමල අයටත් සිංහල අවුරුද්දට අයිතිවාසිකම් කීමට හැකිවනසේ එය සිංහල හා දෙමල අලුත් අවුරුද්ද, නැත්නම් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වශයෙන් හදුන්වනු ලැබිණ. එය තක්කඩිකමකි, තවත් ශ්‍රී ලාංකීක බොරුවකි. ඒ බව පැහැදිලි වන්නේ වරෙක එය සිංහල හා දෙමල අවුරුද්ද වශයෙන්ද තවත් වරෙක එය සිංහල හා දෙමල අවුරුද්ද වශයෙන්ද හදුන්වනු ලැබීම නිසාය. සිංහල යනු ජාතියකි. හින්දු යනු ආගමකි. ජාතික උත්සවයකට ආගමික උත්සවයක් පුට්ටු කරන්නේ කෙසේ ද? එ් අනුව බලන කල දෙමලුන් අපේ සිංහල අලුත් අවුරුද්දට පුට්ටු කරන්නට යන්නේ සිංහල අපේ රටට අයිතිවාසිකම් කියා පෑමට ඉඩ දීමේ කපටි අරමුණින් බව ඉතා පැහැදිලිය. ඒ නිසා පටි පුට්ටු කොට විකෘති කොට හැදූ ජාතික කොඩිය ප්‍රතික්ෂේප කලාක් මෙන් අවුරුදු පුට්ටුවද සපුරා ප්‍රතික්ෂේප කල යුතුය. සිංහල අලුත් අවුරුද්ද සිංහල අපේ රටේ අපේ ජාතියේ අවුරුද්ද වන නිසාය. ඊට අන් කිසි ජාතියකට හෝ ජන වර්ගයකට අයිතිවාසිකම් කීමට නොහැක. එබැවින් සිංහලේ රැකගැනීමේ ශ්‍රේෂ්ඨ ජාතික මෙහෙවරේ ඊලඟ පියවර විය යුත්තේ සිංහලේ අවුරුද්දට දාන මෙම වෙට්ටු පුට්ටුව සපුරා ඉවත් කර දැමීමයි.

ගම් මට්ටමින් සිංහලේ සිංහ කොඩිය ඔසවා මේ සිංහලේ රට බව ජාතියට මතක් කරදුන් විදිහටම ගම් මට්ටමින්ම පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව සිංහලේ සිංහ කොඩිවලින් සරසා සිංහල අවුරුද්ද සිංහලේ අවුරුද්ද බව මතක් කර දිය යුතුව ඇත.ඒ සඳහා ගමේ හෝ ඒ අවට කෙරෙන අවුරුදු උත්සව සංවිධායකයින් නොපමාව හමුවිය යුතුව ඇත. හමු වී දැනට කාලයක් තිස්සේ සිංහල ජ‍ාතිය මුහුණ පා ඇති තක්කඩිවාදී පාර්ලිමේන්තුකාරයන්ගේ  කුමන්ත්‍රනකාරී අනතුර පැහැදිලි කර දිය යුතු වේ. එහිදී සිංහල අවුරුදු උත්සවයේ හිස තෙල් ගෑමේ චාරිත්‍ර ආදී සිංහල අවුරුද්ද හා සම්බන්ධ සියලු චාරිත්‍ර අනිවාර්යෙන්ම සිංහල අවුරුදු චාරිත්‍ර වශයෙන් ම හැදින්වෙන තැනට වග බලා ගත යුතු වේ. සිංහල රට රැකගැකීමේ මේ උදාර මෙහෙවරේ දී ඔබ පලාතේ සෑම නිවසකම සිංහලේ සිංහ කොඩිය එසවීම උත්සවයේ මුලික ජාතික කටයුත්ත බවට පත් කරලීය යුතුය. එය සිංහලේ රැක ගැනීම සඳහා සිංහලයන් එකමුතු කීරිමේ නොවරදින ක්‍රියා මාර්ගය වනු ඇත. සිංහල අවුරුදු උත්සවය සිංහලේ ජාතික උත්සවයයි, සිංහලයාගේ පරම යුතුකම සිංහලේ රැක ගැනීමයි.