
අද දිනට යෙදී ඇති කීර්තිශේෂභාවෝපගත අතිගෞරවාර්හ ගංගොඩවිල සෝම මාහිමිපාණන්වහන්සේගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙනි.
“මේ මොහොතේ සිට පැවිදි වූ දා තෙක් සිහිකරද්දී ලැබුවා වූ මිහිරි අමිහිරි අත්දැකීම් සියල්ල මෙනෙහි වන විට ඇති වන්නේ සතුටක්මයි. ඒ හැම දෙයකින්ම සිතට ලැබුණු දිරිය හා සවියත්, පියවරින් පියවරට ඉදිරියට පැමිණි අයුරුත් සිහිපත් වීමයි ඊට හේතුව. පිවිතුරු චේතනාවෙන් මිස පවිටු සිතින් කටයුතු නොකිරීම සාර්ථක ප්‍රතිඵල ලැබීමේ රහස විය. උතුම් තෙරුවන්ගේ ආශිර්වාදය තුළින් සත්‍යය දන්නා දෙවියන්ගේ ආරක්ෂාව ලද හැටි දන්නේ මා ම පමණි. මිහිරි අත්දැකීම් ලැබීමට උපකාර කළ අයටත් එකසේ මෙත් සිත පැතිරවීමට හැම විට උත්සහ කරමි.”
– අතිපූජනීය ගංගොඩවිල සෝම හිමියන් 1991 ජනවාරි මස 17 වැනි දා තම ගුරුදේවෝත්තම පරමපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන් වෙත ලියූ ලිපියකිනි –
“සිංහල බෞද්ධයා යනු වසර දෙදහස් පන්සියයකට අධික ඉතිහාසයක් ඇති අරටු සහිත දැවැන්ත වෘක්ෂයකි. එම වෘක්ෂයේ අරටුව බුද්ධ දර්ශනයයි. එම අරටුව වටා ඇති ඵලය හා පොත්ත යනු එම දර්ශනය නිසා වර්ධනය වූ සිරිත් විරිත් සහිත සංස්කෘතික උරමයෝ ය. එබැවින් යමෙක් සිංහල බෞද්ධයෙක් වන්නේ නම් හෝ තම වර්ගයාගේ මෙම බෞද්ධ සංස්කෘතික උරුමය පිළිබඳ අභිමානයක් ඇත්තෙකු විය යුතුය.”
– අතිගෞරවාර්හ ගංගොඩවිල සෝම මාහිමිපාණන්වහන්සේ –
අතිපූජනීය ගංගොඩවිල සෝම මාහිමිපාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධී ඤාණයක් තුළින් අමා මහ නිර්වාණ ධාතුවෙන් සැනසීම ලබත්වා!!!



News 🔗 https://www.facebook.com/groups/1130292617584506/permalink/1259356184678148/?sfnsn=mo&ref=share&mibextid=KtfwRi