සිංහල බෞද්ධයිනි..මේ අහපල්ලා බොලව්!!!

Spread the News

සිංහල බෞද්ධයිනි..මේ අහපල්ලා බොලව්!!!

ව්‍යවහාර වර්ෂ 1505දී සිංහලද්වීපයට පෘතුගීසීන් එවා අපේ ජාතියද, සමාජ වියමනද මුළුමණින්ම විනාශ කර දැමීමට කටයුතු කළ පල්ලියේ මහ තැන හෙවත් පාප්වරයා ගෙන්වා, පල්ලියේම ත්‍රස්තවාදය වූ එල් ටී ටී ඊය පරාජය කිරීමට වෙහෙස වූ විරෝධාර හමුදාවන්ගේ ශ්‍රමයෙන්, ඓතිහාසික මගුල් මඩුවේ ආකෘතියක් ගාලුමුවදොර තනා, ඒ මත සිංහලයන් බුරුතු පිටින් අන්‍යාගමිකකරණය කළ ජුසේ වාස් නැමැති, කොන්ගානි බමුණා ‘මුනිවරයට‘ ඔසවා, මගුල් මඩුවේ ශ්‍රී විභූතිය කීතු කීතු කරන්නට අපේ නායකයන් හෙවත් ගොං තඩි කටයුතු කරද්දී, අද (25/01) භාරතයට පැමිණි බැරක් ඔබාමා ජනාධිපතිතුමා ලවා බෝ පැළයක් රෝපණය කරවීමට භාරතීය නායකයන් කටයුතු කිරීම………උඔලාට අපිට උගන්වන පාඩම කුමක්ද?

සිංහල බෞද්ධ රාජ්‍යයක් වුවද, ඔබාමා සිංහලද්වීපයට පැමිණියේ නම් අපිට ඔහු ලවා සිටුවන්නට වන්නේ මාර හෝ ග්ල්රිසීඩියා (ලාඩප්පා) පැලයකි. මන්ද බෝ පැළයක් රෝපණය කරවන්නට කටයුතු කළේ නම්, මුස්ලිම් අන්තවාදීන්ද, දෙමළ බෙදුම්වාදීන්ද, පාදිලි සොරුද රෙද්ද අස්සේ දමාගෙන කෙළින් සිටින, සර්වාගමික වූ, සර්ව ජාතික වූ, බහු සංස්කෘතික වූ හෙවත් කල්ලතෝනි වූ අපේ සිංහල ගොං තඩින්ට උන් අනතුරු අගවන්නට පටන්ගන්නා නිසාය. බෝධී වෘක්ෂයක් රෝපනය කිරීමට තබා, දෙපරංශය සෝදා ගැනීමට පෙරද, මෛථුන්‍යයට පෙරද අන්තවාදයේ, බෙදුම්වාදයේ අනුමැතිය ලබා ගන්නා නායකයින් සිටි හා සිටින රටක සිටින අපට අපේ අසල්වැසියාගෙන් ලැබෙන මේ පූර්වාදර්ශයේ වටිනාකම?

ඇස් ඉස් මස් ලේ සියල්ල දන් දුන්නද, සිය රට ජාතිය හා ආගම දන්දෙන්නට සූදානම් නැති සිංහලයා, සිංහල නොවන මිනිහෙකුගේ නමින් තම මවුබිම නම් කළේ නම් ඒ තථාගත ගෞතම නම් වූ උත්තම පුරුෂයාගේ නමින් පමණි. මේ ගෞතම බුදුන්ගේ දේශයයි කීවා මිස, රාමගේ දේශයයි, විජයගේ දේශයයි, කාළිංග මාඝගේ දේශයයි, ලොරෙන්සෝද අල්මේදාගේ දේශයයි කිව්වේ නහැ බොලව්! එහෙත්, ධර්මපාලතුමා කී පරිද්දෙන්., සුද්ද හැදූ කළු සුද්දෝ අපිව පාලනය කරන මේ කළි යුගයේ අපට හෙන වැදී තිබියදී, භාරතයේ මේ ආදර්ශයෙන් එල්ලවන කම්මුල් පාරද සුළුපටු නැති බව සිංහල සංගේදම සිතයි. තම දහම රැකෙනුයේ සිංහද දේශයේම පමණකැයි දුටු තථාගතයන් වහන්සේටද ඒ පොරාන්දුව ඉටුකරනු පිණිස, කැප්පෙටිපොල මරණය තොරා ගත් රටේ, ව්‍යවස්ථාවේ නව වන වගන්තිය හිස් පිටුවක්ව කිබෙද්දී, දැනෙන දුක..බුද්ධ ශාසනයට අමාත්‍යංශයක් පිහිටු වන්නට සෙසු ආගම් වලට වරදාන නොදී බැරි තැනකට පත්ව ඇති… රෙද්ද පල්ලේ වැක්කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය….

ධනේෂ්වර, නව යටත්විජිතවාදී ගෝලීයකරණයේ හෙවත්, විශ්ව ගම්මානයේ මුලාදෑනියා ලවා ලෝකයේ පහළවූ විෂිශ්ටතම මිනිසා, බුදධිමතා, ප්‍රාඥයා පිටදුන්, බොධී අංකුරයක් සිටුවීමම, භාරතීය දේශපාලනයට හිස නැමීමට ප්‍රමාණවත් නොවන්නේද? දැන් ඉතිං බංකොලොත් කොමියුනිස්ට් මතධාරීන්, ඉන්දියානු උප මහද්වීපය හා ඇමෙරිකානු ධනේෂ්වර අධිරාජ්‍යවාදී රාජ්‍යය දකුණු ආසියාව කොල්ලකෑමට සැරසෙතැයි කියන්නට තර්ක සොයා ‘ප්‍රාග්ධනය‘ පෙරලනු ඇති. නමුත් මේ ලෝකයේ මුස්ලිම් නොවන රටක වැඩිම මුස්ලිමුන් ප්‍රමාණයක් සිටින, එහෙත් 0.81% පමනක් බෞද්ධයින් සිටින භාරතය මේ ස්ථාපනය කළ පූර්වාදර්ශයේ පළල?

උතුරේ තවමත් ස්ථානගත සිංහල හමුදාවන් බොධී වෘක්ෂයක් පාමුල කුඩා බුදු පිලිමයක් තැමිපත් කර වන්දනා මාන කිරීම ඇරඹූ විට එය සිංහල ව්‍යාප්තවාදය යැයි කියන්නට තරම් සක්කිලි කටවල් ඇති බෙදුම්වාදය වෙනුවෙන් පළාත් සභා මැතිවරණ පවත්වා බලය ලබා දී, තිබියදී තවත් වරදාන දෙන්නට සූදානම් රටක සිටිනා අපට…මේ පූරවාදර්ශයේ සිසිලස?

අව්වට වැස්සට හීතට පින්නට, අට පිරිකර අරන් මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමට යන රාජ රාජ මහා අමාත්‍යාදීන් සිටින අපේ රටේ, මෙවැන්නක් කළ හැකිද? උන් වහන්සේලා බැහැදැකීම යන මාධ්‍ය සංදර්ශනය තුළ කරන්නේ සිංහල බෞද්ධයා රැවැට්ටීමම නොවේද?.

ඉතිහාසය, සාහිත්‍ය කන්නදැයි අසන, අවුරුදු හතළිස් දහසක් පැරණි සිංහල ඉතිහාසයක් මතුවෙද්දී කුරගල කැනීම නවතා ලන්නට අණදුන් නායකයින් සිටින, මරක්කලයාට බියෙන් මඩකලපුවේ බෞද්ධ විහාරයක චෛත්‍යයක් සදහා මුල්ගල් තියාගන්නට බැරි විධායකයක් ඇති රටක, හෙට දිනයේ සිංහල බෞද්ධයාගේ බලාපොරොත්තු කෙතරම් අවිනිශ්චිතද?

දශකයක් ඉක්මවා පාර්ලිමේන්තුාවේ සිටියත් අන්‍යාගමිකකරණ පනත සම්මත කරගනු බැරිවූ සිංහල බෞද්ධ දේශපාලන නියෝජනයටත්, සිංහල බෞද්ධත්වය පිළිබද කැක්කුමක් ඇති භික්ෂූන් වහන්සේලා සිය මතවාදී නිවාස අඩස්සියට ගනිමින්, තම එන් ජී ඕ අරමුණු කරා යන්නට මාන බලන, කුජීත අවස්ථාවාදී තැරැව්කාර න්‍යායාචාරීන්ගෙන් සමනවිත සංවිධාන වලටත්, වද පීදුනු හා සංකර නිල් පාටටත්, වියවුල් කිරීම සිය න්‍යාය හා ක්‍රමවේදය කරගත් රතුපාටටත්, සර්වාගමික, යැංකි කොළ පාටටත්, සිංහල බෞද්ධයාට යුක්තිය ඉෂ්ට කිරීමට බැරිබව කියන්නට මෙය අවස්ථාවක් කර ගනිමු. එහෙත් නිල් කොල රතු සෑම තැනකම සිටින දේශප්‍රේමී, ජාතිමාමකයන්ට නව මානයකින් සිතන්නට සිංහල සංගේදම ලෙස අපි ඇරියුම් කරමු.!!!

(සැ.යු – ගලා ආ සියල්ල අකුරු බවට පත් කළා මිස අනුපිලිවෙල ගැන නොසිතූයෙමු)
President Barack Obama of United States of America plants a sapling at Rajghat, New Delhi (January 25, 2015). Photo Courtesy: Photo Division

Image may contain: 2 people