Spread the News

සිංහල බෞද්ධ ශාසනික වචන මංකොල්ලකන පල්ලියේ හොරු

December 31, 2011 source:

සිංහල බෞද්ධ ශාසනික වචන මංකොල්ල කන පල්ලියේ හොරු

පල්ලිය යනු සිංහල බෞද්ධ මේ රටට සෑම අතින්ම සෑම අතින්ම ශාපය ගෙන දුන් කේන්ද්‍රස්ථානයයි. වසර දහස් ගණනක ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන සිංහල ජාතිය අසමගිකොට, බේද භින්න කොට මහා පාවා දෙන්නවුන් පිරිසක් බවට පත් කළෙ පල්ලියයි. සිංහල ජාතියට අනන්‍ය වු ආගම බෞද්ධාගමයි. ඒ අනූව ව්‍යවහාර වර්ෂයෙන් 505ට පෙර සෑම සිංහලයෙක්ම බෞද්ධයෙක් විය. නමුත් ඊට පසුව සිදු වූ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණත් සමග තාන්න මාන්නාදී සුඛ විහරණයන් උදෙසා තම ආගම පාවාදෙමින් සිංහලයින් , ක්‍රිස්තියානි , කතෝලික ආදී මිත්‍යාදෘෂ්ඨින් වෑළඳ ගත්තේය. අද වන විට පරම්පරා කිහිපයක් ගතව ඔවුන්ට දාව උපන්නවුන් උපතින්ම එම මිත්‍යාදෘෂ්ඨිකයින් වුවද සැබෑ කතාන්දරය ඔවුන් ආගම පාවාදුන්නවුන්ගෙන් පැවත එන බවයි. අතීතය සේම වර්තමානය වන විටත් මේ රට යම් අර්බුදකාරී තත්වයන්ට මුහුණ දෙන්නේද ඒ සියල්ල පසුපස නියමයෙන් හෝ අනියමෙන් සිටින්නේ පල්ලියයි. බඩගෝස්තරවාදී දේශපාලුවන් , පල්ලි නිකායික ආචාර්ය , මහාචාර්ය හිමිවරුන් (ශාසනයේ සිට , එයින් හැදී වැඩි උතුම් බුද්ධ චීවරය මිත්‍යාදෘෂ්ඨීන් වෙනුවෙන් පාවඩයක් කළ ) ඇතුලු මිත්‍යාදෘෂ්ඨිකයින් අන්තර් ආගමික සහජීවන පුට්ටු නිර්මාණය කරගනිමින් කටයුතු කළාට මේ රටේ ආගමික සහජීවනය නැති කළා නම් ඒ සියල්ල කළ පල්ලියට එම වැරදි නිවැරදි කොට සුවහසක් වු සිංහල බෞද්ධයින්ගෙන් සමාව ගෙන අදහන මිත්‍යාවක් අදහාගෙන පාඩුවේ සිටින්නට නොකියන්නේ මන්ද ?

කිව යුත්ත නොසඟවා පැවසිය යුතුය. ඇතමෙක් මේ සටහන බලා අපට සදාචාරයක් උගන්වන්ට අවශ්‍ය යැයි කියාවි. භික්ෂුවගේ උජුපටිපන්න ගුණය එයයැයි ඒ අයට පවසන අතර එක පැනයක්ද ඒ අයගෙන් අසනු රිසියෙමු. පල්ලි කණ්ඩායම ප්‍රමුඛ සර්වාගමික පූට්ටුවට උඩගෙඩි දෙන හිවලුන්නට වසට 500කට අධික කාලයක් තිස්සෙ අමුඅමුවේම අපට නිවට කම් කරන්නට පිළිවන්නම් අපට ඒවා කියන්නට ඇති තහනම කුමක්ද කියාය.

වසර සිය ගණනක් තිස්සේ සිංහල බෞද්ධ සංස්කෘතියට මහා කොඩිවිනයක් වු පල්ලිය පෙරදාට වඩා වේගයෙන් දේවරාජික සිහිනය කරා ළං වීමට කටයුතු කරති. ඒ සියල්ල පිළිබඳව මෙහිදී අප කතා කරන්නට උත්සාහ නොදරමු, මන්ද ඒවායේහි ඉමක් කොනක් සොයාගැනීමත් ඒ තරමටම අපහසු බැවිණි. සිංහල බෞද්ධයින් වගේම හින්දුන්ද ක්‍රිස්තියානියට හරවා ගැනීම සඳහා කෝටි ප්‍රකෝටි ගණනක් මුදල් ආයෝජනය කිරීමට පල්ලියට හැකියාව ලැබී තිබෙන්නේ බටහිරින් ඒ සදහා ලැබෙන ප්‍රමුඛ සහයෝගය නිසාවෙනි. ලංකාවේ වෙරළාශ්‍රිතව හා ඇතෑම් අභ්‍යන්තර ප්‍රදේශවල දහ දුක් විඳින ක්‍රිස්තියානි හා කතෝලික මිනිසුන් දහස් ගණනක් සිටියදී බෞද්ධයින් හා හින්දුන් උදෙසා එම මුදල් ආයෝජනය කරන්නේ කුමක් නිසාද ? උන්ගේ මෙහෙයුමට වසර 500ක් ඉක්ම ගියද ඉතා පහසුවෙන් ඉලක්ක සාධනයට යන්නට නොලැබීම පැහැදිලි කරුණකි. එය එසේ වන්නට බලපා ඇති ප්‍රධාන කාරණයක් වන්නේ බොහෝ සිංහල බෞද්ධයින්ගේ මනස් තුළ බෞද්ධ කම තදින් කිඳා බැස තිබීමයි. ඒ බව හොඳින් දන්නා ඔවුන් මුදල් කන්දරාවට අමතරව වෙනත් ක්‍රමෝපායන් සොයාගෙන ඇත. මෙම ක්‍රමෝපායන් ක්‍රියාත්මක වන්නේ සර්වාගමික සංකල්පයේ එක පියවරක් ලෙස බවද ඉතා හොඳින් පැහැදිලිය

බුදු රජාණන් වහන්සේ සංයුක්ත නිකායේ, සත්තජටිල සුත්‍රයේදී දේශනා කරන පරිදි

“සුසඤ්ඤතානංහි ව්‍යඤ්ජනේන”

“අසඤ්ඤතා ලෝකමිමං චරන්ති”

‘මේ සමාජයේ නොදැමුණු, නොහික්මුණු පිරිස් දැමුණු, හික්මුණු ඇත්තන්ගේ යහ ස්වාභාවයන් අරගෙන සැරිසරන බවයි.’ මෙහි ඇති මාහා අනතුර නම් සාමන්‍ය පුද්ගලයාට සැබෑ පුද්ගලයා හඳුනාගැනීමෙ අවධානමයි. වසර දහස් ගණනක් තිස්සේ ගමයි පන්සලයි, වැවයි දාගැබයි යන සංකල්පය ඔස්සේ ගොඩ නැඟුන සිංහල බෞද්ධ මානවයාගේ අපිරිමිත ශ්‍රද්ධාව නිරන්තරයෙන් සියලු කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක කරගැනීමට තරම් වු විශ්වාසයක් ගොඩනැංවීමට ඉවහල් විය. එහි ජීවමාන යදම වුයේ ගිහි පැවිදි සම්බන්ධතාවයයි. මෙම අවේදනීය සම්බන්ධතාවය සෑමතන්හිම ව්‍යාප්ත වෙමින් ගොඩ නැගී තිබූ ශක්තියේ තරම කොතෙක්ද කිවහොත් මේ රට යටත් කර ගැනීමට ආ සුද්දා තමන්ගේ ඒජන්තවරුන්ට වාර්තා කරන්නට වූයේ “කහපාට රෙදි ඇඳ ගත්තවුන් ටික ඉන්නා තෙක් ඒ රට අල්ලන්නට බැරි බවය”. මෙම ශක්තිමත් සබදතාවය නිසාම මහා සංඝරත්නය ජාතියේ මුර දේවතාවුන් ලෙස ගෞරවාදරයට පාත්‍ර වෙමින් ගොඩ නැගුන ශ්‍රද්ධාව නිසාම සංඝරත්නයේ ඇවතුම් පැවතුම් හා සම්බන්ධව වෙනමම වු පාරිභාෂික වාග් මාලාවක් නිර්මාණය විය. එහිදී යනවා-එනවා වෙනුවට වඩිනවා ලෙසත් , කනවා-බොනවා වෙනුවට වළඳනවා කියාද නිදාගන්නවා වෙනුවට සැතපෙනවා කියාද කෑම-බීම සඳහා දානය කියාද ආදී ලෙසින් වාග් මාලාව පුළුල් විය.

නමුත් අද කණගාටුවට කරුණ නම් පල්ලියේ පූජක රැල බෞද්ධ ශාසනික වචන කිසිදු හිරිකිතයක් නොමැතිව භාවිතා කරමින් පූජ්‍ය පක්ෂය හා යා වෙන්නට තැත් කිරීමයි. ඔවුන්ට වසර ගණනක් තිස්සෙ මුදල් යොදවා ලබා ගන්නට බැරි වූ දෑ දැන් ලබා ගන්නට තැත් කරන්නේ මානසික අල්ලස් දීමෙනි. ගිහි කාමභෝගී ජීවිතයක් ගත කරන දේවගැති පූජකයෝ වු ඔවුන් , අභිනිෂ්ක්‍රමණයන් සිදු කරමින් උතුම් ශාසනික වත් මානත් පුරණ පූජ්‍ය පක්ෂය හා සමාන වෙමින් පූජකයෝ හා පුජ්‍ය පක්ෂය අතර ඒ තරම් වෙනසක් නොමැති බවට ඒත්තු ගැන්වීමට උත්සාහ දරති.

බෞද්ධයින් තම ශාස්තෘවරයා හැදීන්වීම සඳහා ඉතා උතුම් වචනයක් ලෙස බුදු රජාණන්වහන්සේ යන වචනය ව්‍යවහාර කරති. මෙම ගෞරවාර්හ වචනය හොරාගත් පල්ලිය ක්‍රිස්තු රජාණන් වහන්සේ ලෙසින් ව්‍යවහාර කිරීමට පටන්ගෙන ඇත. හිමිපාණන් , හිමි , සංඝය , ශාසනය , පැවිදි වෙනවා , වඩිනවා , වැඩ ඉන්නවා , නාහිමි , භාග්‍යවත් , වහන්සේ, අගදරදගුරු, දහම් පාසැල, සාංඝික ආදී වූ නොයෙකුත් ශාසනික වචන හොරාගෙන ඇති ඔවුන් ඉහතින් දැක්වූ පරිදි බුදු රජාණන් වහන්සේටත් සමාන කිරීමට යෑමෙන් පැහැදිලි වන්නේ සිංහල බෞද්ධ අයිතීන්ට අඩුම තරමින් භාෂණ අයිතියවත් නොදෙන බව නොවේද ?

අනෙත් කාරණය නම් මෙම සර්වාගමික ව්‍යාපෘතියේ ප්‍රධාන ඒජන්තවරයා වී ඇත්තේ බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීම සඳහා වූ ආණ්ඩුවේ බුද්ධ ශාසන ඇමතිතුමාය. එනම් අගමැතිතුමාය. එතුමා එම තනතුරට පත්වන විට බෞද්ධයින් අතිශයින් සතුටට පත්වූයේ මොනවා නැතත් සිය වයස ගැන සලකා ජීවිතේ අවසන් සමයේ පරලොවට යම් වැඩදායී දෙයක් කරගනිමින් අර්ථවත් දෙයක් බුදු සසුන විෂයෙහි සිදු කරාවි කියාය. අනෙක් අතින් පල්ලියේ මේ හොරකමට ප්‍රබලව දායකත්වය සපයන්නේ මේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයයි. විශේෂයෙන්ම පල්ලිය සතුව සංවිධානාත්මක වූ මාධ්‍ය සංසදයන් තිබෙන බවට පැහැදිලි වන්නේ මෙම වචන භාවිතයේදී ඉතා සූක්ෂමව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය දෙකම භාවිතා කිරීමෙනි. ඇතැම් විට රූපවාහිනියෙන් යම් වචනයක් එළියට දමනවිට එදිනම එම වචනයම පුවත්පත් හරහාද එළියට එති. මාධ්‍ය සදාචාරය පිළිබඳ මහ ලොකු පුරසාරම් දොඩන ඇත්තන්ට අප සිහිපත් කරන්නේ සිංහල බෞද්ධ මේ රටේ ඔබ මාධ්‍ය සදාචාරය රකින හැටි මෙලෙසද කියාය. විශේෂයෙන් මාධ්‍ය ප්‍රධානීන්ගෙන් අප ඉල්ලන්නේ කරුණාකර මේ මුග්ධ මෙහෙයුමෙන් ඉවත්වන ලෙසටය. වචන හරඹයන් ඔස්සේ බුදු දහම හා සමාන වීමට නිර්මාණවාදී ආගම් එකකටවත් නොමැති බව අප හොඳින් දන්නා කරුණකි. නමුත් මෙහි ඇති භයානක කම නම් සාමන්‍ය ජනයා මේ හරහා ඇති කරගන්නා ප්‍රතිරූපය කුමක් වේවිද යන්නයි .

අවසන් වශයෙන් කාට කාටත් යහපත් වෙන කරුණක් සිහිපත් කරනු රිසියෙමි. මේ කාල සමයේ ලෝකයේ සෑම තන්හිම සිදුවෙන මහා ස්වාභාවික ව්‍යසනයන් සියල්ල හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ අන් කිසිවක් නිසා නොව මිත්‍යාදෘෂ්ඨියෙන් මුළු ලොවම වෙලා ගන්නා විට ස්භාව ධර්මයා අපට දෙන ප්‍රතිචාරයයි. එහෙයින් ඉන් මිදීමට සම්‍යක්දෘෂ්ඨිය වෙත සමීපවීමත් එසේ බැරි නම් තවදුරටත් මිත්‍යාදෘෂ්ඨිය ව්‍යාප්ත නොකිරීමට කටයුතු කිරීමත් යහපත් වෙනු ඇතැයි සිතමි. සුනාමියෙන් පසු අපට කියාදුන් බොහෝ පාඩම් අදවන විට බොහෝ දෙනාට අමතක වී ඇත. බුදු දහමේ සත්‍යතාවය ලොවට හඩගා කියූ ඒ මහා ව්‍යයසනය පවා මූලධර්මවාදීන් යොදාගත්තේ සිය මිත්‍යාදෘෂ්ඨිය වැපිරීම පිණිස බව රහසක් නොව , කරුණු කාරණා සිහියෙන් විමසා බලා කරයුතු කරන ලෙස පාලකකාරකාදීන්ටද මෙත්සිත් පෙරටුව සිහිපත් කර සිටිමු. කතෝලික පල්ලිය ප්‍රමුඛ නඩයට මෙවන් පාහාර වැඩ දැන්වත් නතර කර දමන ලෙස තරයේ සිහි කර සිටිමු.