Spread the News

ආචාර්‍ය සුදත් ගුණසේකර. මහනුවර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනයක මැතිනියගේ හිටපු ස්ථිර ලෙකම්,ශ්‍රි ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-1994) සහ මහනුවර සින්හල බෞද්ධ ජෙෂ්ඨ පුරවැසියන්ගේ සන්විධානයේ සභාපතී

දරුවනි,ඊණියා අරගල කරුවනි, මෝඩ වැඩ වර්ජකයිනි සියළුම දේශ පාලුවනි..

ඔබේ ගෙය මුළුමනින්ම ගිනිගෙන. එය නිවිමට හැකි දෙයක් කරණු මිස එයට තව තවත් පෙට්‍රල් වත් කරන්ට හෝ පිදුරු දමන්ට එපා. ඔබේ අම්මා සහ පියා යන දෙදෙනාම  ගේ ඉදිරිපස ලිඳේ ගිලෙනවා. ලක් මවද ඉන්දීය සාගරයේ සීග්‍රයෙන් ගිලෙනවා. ළිඳේ ගිලෙන මව, පියා දෙදෙනාත් සාගරයේ ගිලෙන ලක් මෑනියනුත් ජීවිත ආරක්ශාවට කඹයක් හෝ දමා ඒ තිදෙනා බේරාගැනීමට උත්සාහ කරනවා මිස ඔබ  කළයුත්තේ ඒ තිදෙනාගේම ගෙලෙහි ගල් තුනනක් බැඳ තමන්ගේ බෙල්ලේද ලොකු ගලක් බැඳගෙන තමනුත් එම ලිඳටම හෝ සාගරයටම පැන සියදිවි නසාගැනීම නොවේ..

ඔබ ඔබේ රට සහ ජාතිය ඉදිරියේ දැනට් මාස දෙකකට් වැඩි කළක් කරණ ඔය ඊනියා අරගලයෙන් සිදුකරන්නේද මා ඉහතින් සඳහන්කළ ආකාරයේ සියදිවි නසාගැනීමකි.

මන්ද, එක්කෙනෙක් දෙන්නෙක් හැර 1948 න් පසු මේ රට පාලනය කළායයි කියන සියලු දෙනාගේ මෙන්ම බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේද සාමූහික වරදින් අප මව්බිමේ මේ උදාවීගෙන එන්නේ මිනිසුන් දසදහස්  ගනණින් කෙසේ වෙතත් දහස් ගනණින් කුසගින්නේ මහමඟ මැරී වැටෙන කාළයකි.අනාදිමත් කාලයක සිට ලොව පුරා මිහිබට පාරාදීශයක් වෂයෙන් ප්‍රකට මේ පින් බිමට මෙම තත්වය උදාවූයේ ඔවුන් සැමගේම වරදිනි.

අභ්‍යන්තර බලවේග වල සහායද ඇතිව මේ රටේ සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරය

ට  එරෙහිව සන්විධානයවූ විදේෂ බලවේග විසින් ජාතිවිරෝධී, සමාජ විරෝධි,සින්හල බෞද්ධ විරෝධී, එසේම ජාතියක් ජන්මයක් නැති සමාජ වෛරය සහ ද්වේශය මේ රට ගැනවත්,රටේ ඉතිහාශය හෝ  ශිෂ්ඨාචාරය ගැනවත් නොදන්නා ජාති භ්‍රෂ්ඨ දේශද්‍රෝහී  පිරිසකගේ ඉත්තන්වී ඔවුන්ගේ මෙහෙයවීමෙන් තරුණ තරුනියන් පිරිසක් විසින් රටපුරා දැන් දියත්කොට ඇති ඊනියා අරගල සහ විරෝධතා නිසා, එක් දිනකට  මේ රටේ  ආර්ථිකයට අහිමිවන මිනිස් දින ගණන සහ ඒ තුලින් ජාතික නිශ්පාදනයට හා ආර්ථිකයට සදහටම අහිමිවන මිනිස් දින ලක්ශ ගණන නැවත ලබාගන්නේ කෙසේදැයි ඔබ කිසිවෙකු සිතුවේද.

එසේම මෙවැනි නිරර්ථක අරගල ඇතිකිරීමෙන්, ගෙවල්, වාහන ආදිය ගිනිතැබීමෙන් හා විනාශ කිරීමෙන් අද රටේ පවතින ආර්ථික බන්කොලොත් භාවය, ඩොලර් හිඟය, බඩුමිල වැඩිවීම, ඖෂධ හිඟය, ආහාර හිඟය හෝ බඩගින්න තව තවත් වැඩිවෙනවා මිස අඩුවීමක් නම් කිසිදා සිදුවන්නේ නැත. ඉන්ධන සහ ගෑස් හිඟයද ඉන් අඩුවන්නේ නැත. ඔබගේ මෙම අදූරධර්ෂී ක්‍රියාවන් නිසා රටක් හා ජාතියක් වශයෙන් අපි තවත්  අඝාධයටම පිම්මේ යන බව ඔබ නොදන්නේද?

 මෙය හරියෙට අර එක්තරා මිනිසෙක් මුහුණ සමඟ තරහවී නහය කපාගැනීම බඳු අමණ ක්‍රියාවකි.එම මිනිසා තම නහය කපාගැනීම නිසා නහය අහිමිවූයේ ඔහුට පමණි. එහෙත් මෙහිදී මොවුන්ගේ මෙම අවිචාරවත් ක්‍රියාවන් නිසා සමස්ථ ජාතියේම නහය පමණක් නොව හිස්ගෙඩි සියල්ලද  ගසාදැමෙන බව මේ මෝඩයින්ට නොතේරෙන්නේ ඇයි. 

මෙම අමණ අරගල. විරෝධතා සහ වර්ජන නිසා එක් දිනකට මිනිස් දින 1,00,000 ක් අහිමිවුවහොත් දැනට  දින 70 කට ආසන්න කලක් ගතවූ ගාලුමුවදොර පැවැත්වෙන සින්හල බෞද්ධ විරෝධී, දේශද්‍රෝහී ජාතිභ්‍රෂ්ඨ  සන්විධාන විසින් පවත්වාගෙන යන ගෝටා ගෝ හෝම් ගාලුමුවදොර  කානිවල් එක”  සහ විවිධප්‍රශන්ගය නිසා පමණක් රටේ නිශ්පාදනයට අහිවූ මිනිස් දින ගනණ ලක්ශ 70 ක් වත් ඉක්මවා ඇතැයි සිතිය හැක. මේ ගාලුමුවදොර සන්දර්ශනයේ නාඩගමට අමතරව, අරළිය ගහ මන්දිරය, දිවයිනේ අනෙකුත් නගර සහ මහපාරවල් දිගේ කෙරෙන උද්ඝෝෂන වලින් රටට අහිම්වන මිනිස්දින ගනණනින් ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව මෙතෙකැයි කිව හැක්කේ කාටද.ඒ අතර මීට අමතරව කාගේ වුවත් නිවාස, දේපල සහ යාන වාහන ආදියට මෙම අරගල කරුවන් විසින් දැනටමත්  සිදුකොට ඇති හානි සහ විනාශයන් කොපමණදැයි  ගනණය කිරීමද අපහසුය. ඒ විනාශයන් ඒවා අයිතිකාරුවනට පමණක් සිදුවූ හානි යයි කිසීවෙක් සිතන්නේනම් එය වැරදිය. ඒ වූකලී සමස්ත ජාතියටම සිදුවූ පාඩුවකි.

මේ  අලාභයන් ගෙවන්නේ කව්ද.  කොහෙන්ද. මේවාට අධාර අනුබල දෙන  ජාතික විමුක්ති පෙරමුණ ඊනියා පෙරටුගාමී පෙරමුණ නැත්නම් එම සන්විධානවල නායකයින් ජාතියට සිදුකොට ඇති මෙම විනාශයන් නැවත ඔවුන් ප්‍රකෘති කරණවාද. මගේ අදහසේ හැටියට මොවුන් විසින් දැන් මේ කරන විනාශය 1948 න් පසු පැවති සියළුම රජයන් විසින් කර ඇති විනාශයන් සහ කොටි ත්‍රස්ථවාදීන් වසර 30ක් තිස්සේ  සිදුකරණලද විනාශයන්ටත්  වැඩියයි මම සිතමි.

අද මේ විනාශයන්ට සාභාගීවන තරුණ තරුණියන්, ජාතියක් නැති, වෛරය, ඊර්ෂියාව සහ ක්‍රෝධය ආත්මකොටගත්  පන්ති විරෝධය මත ගොඩනැගුණු ඊනියා  ජාතික විමුක්ති පෙරමුණ, එසේම එහිම දිගුවක් වන ඊටත් වඩා භයානක අන්තවාදී කණ්ඩායමක් වන  පෙරටුගාමීන් 1971 සහ 1989 දී මේ රට සහ ජාතියට අහිමිකල ලක්ෂයකට ආසන්න අනාගතයේ රට භාරගැනීමට සීටි තරුණ තරුණියන් සහ ජාතික සම්පත් කොපමණ දැයි දන්නවාද.

පෙරටුගාමි නායක කුමාර් ගුනරත්නම් විසින් පසුගිය දිනක කර තිබුණු ප්‍රකාශයක් අනුව මේ රටේ සම්පූර්ණ සමාජවදය ඇතිකරන තුරු මේ සටන අත්නොහරින බව පවසා තිබිණ.එකී පූර්ණ සමාජවාදය කුමක්දැයි ඔහුවත් දන්නේදැයි නොදනිමි. එම සටන කොළඹින් පටන්ගෙන ප්‍රත්‍යන්ත නගර වලටද, ගමින් ගමටද ගෙන ගොස් මේ රජය පන්නාදමන තුරුම නොනවත්වන බවද එසේම මේරටින් ජාතිවාදයද දුරුකළයුතු බව ඔහු පවසා තිබිණ. කලක් ප්‍රබල කොටි ත්‍රස්ථවාදියෙක් වූ ඔහු මේ නොකියා කියන්නේ සින්හල බෞද්ධයින් මේ රටින් අතුගා දැමිය යුතුයි කියන කතාව නොවේද,

මේ රටේ ජනගහනයෙන් තවමත් 72 % වන සින්හල බෞද්ධයින් තව කොපමණ කලක් මේ ත්‍රස්ථවාදි ක්‍රියා ඉවසා සිටින්නේද. ගාලු මුවදොර අරගලය ඔහුගේ සන්විධානයක් බවද මෙහිදී කුමර් ගුණරත්නම් නමෑති මේ නරුමයා පිළිගෙන ඇත

මොවුන්ගේ මේ දුර්දාන්ත ක්‍රියාවන් නිසා මේ සිංහල බෞද්ධ රටට හා ජාතියට දැනටමත්  සිදුකොට ඇති එසේම තවදුරටත් ඔවුන් විසින් සිදුකරන සම්පත් විනාශයන් ඊටත් වඩා මේ රටේ අනාගතය භාරගැනීමට සිටින පසැල්වල සහ සියළුම විශ්වවිද්‍යාලවල  අන්තරේ හරහා තරුණ පරම්පරාවට සිදුකොට ඇති සහ දැනටත් සිදුකරමින් පවතින මහා විනාශය වහාම නතර කළයුතුව ඇත. වර්තමානයේ මෙම ඊනියා අන්තරේ දුෂ්ඨ, දේෂද්‍රෝහී ක්‍රියාවන් නිසා සමස්ථ සිසුපරපුරේම අනාගතය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇත.

රටක පාසැල් වල සහ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයින්ගේ මූලික වගකීම වියයුත්තේ  ශිල්පශාස්ත්‍ර ඉගෙන අනාගතයේ රට භාරගැනීම මිස අන්තවාදී දේශපාලන කන්ඩායම්වල අතකොළුවී තම තාරුන්ණ්‍යය සහ ජීවිතය විනාශකොට ගැනීම නොවනබව ඔවුන්ට අවබෝධකොට දී ඔවුන් රටට වැඩදායක ශාස්ත්‍රවන්තයින් බවට පත්කළයුතුය. ඒ සඳහා  ජා. වි පෙ. සහ අන්තරේ වැනි මේ රටේ ශිස්ඨාචාරයට කිසිසේත්ම නොගැළැපෙන මෙවැනි සංවිධාන තහනම්කිරීම වැනි දැඩි පියවර පාලකයින් විසින් දැන්වත් ගත යුතුය.

හොඳයි අපි හිතමුකො ගෝඨා අස් උනා කියල. එතකොට වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින කව්ද  ජනපති වශයෙන් පත්කරගන්නේ. දැනට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන අන්දමට වැඩි සම්භාවිතාව ඇත්තේ කිසිදිනක නොපිපුණ  එසේම නොපිපෙන පොහොට්ටුවේම කෙනෙක් ජනාධිපති වශයෙන් පත්වීම නොවේද?. විපක්ෂය තුල ඒ තුල සිටින නායකයකු වශයෙන් රට පිළිගන්නා පුද්ගලයා කව්ද?.එතකොටරට භාරදෙන්නේ  කාටද? මුලු රටටම විහිළු සපයන සජිත්ටද? නැත්නම් කුනුගොඩවල් ඇවිස්සිමට පමණක් දක්ෂ අනුරටද. එහෙමත් නැත්නම් දියවන්නාවේ සිටින 225 දෙනාගෙන් කාටද?. නැත්නම් චන්දයක් තියලා අලුත්ම කෙනෙක්  තෝරාගෙනද?.

ගෑස්ටික, බෙහෙත්ටික.සහ ඉන්ධනටික ලබාගැනීමට තබා එදිනෙදා වේල පිරිමසා ගැනීමට බැරි මේ වෙලාවේ මැතිවරණ පවත්වන්ට කෝ සල්ලි. අනෙක පවතින මැතිවරණ ක්‍රමය යටතේ  එහෙම කළත් නැවතත් පත්වන්නේ  කිසිම අයුරකින් මහජන් නියෝජිතයින් නොවෙන පාසැලකට වැස්සකටවත් ගොඩ නොවූ මෙවැනිම හොරෙකුගේ ගෝල බාල හොර රන්චුවක්ම නේද?.ඉතින් එවැනි දේශපාලුවන්ගෙන් රටක් හදන්නේ කෙසේද?

එමනිසා ඊණියා අරගල කරුවන් රටේ සහ ජනතාවගේ යහපත ගැන සිතන්නේනම් ඔවුන් කළ යුත්තේ පවතින සමස්ත ජරාජීරණ දේශපාලන ක්‍රමයම පූර්ණ වෙනසකට භාජන කර ගැනීමයයි මම සිතමි. එම වෙනස ගෝඨාබයට පමණක් නොව සියලුම දේශපාකයින්ට අදාලවිය යුතුය. එමනිසා ඔබගේ ඉල්ලීම් 225 ටම අදාලවිය යුතු බව පැහැදිළිව කිවයුතුය. 

එසේ කරගැනීම සඳහා ගෝටා ගෝ හෝම්”නම්වූ විනාශකාරී ක්‍රමය  වෙනුවට අරගල කරුවන් විසින් අරගල කළයුත්තේ පහත සඳහන් පුලුල් ජාතික අරමුණු ඉටුකරවා ගැනීම සඳහා වර්තමාන පාර්ලිමේන්තුවෙන්ම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම ජනතා හිතවාදී  ක්‍රමයක්යයි මම සිතමි. එසේ කළහොත් ගෝටා ගෝ හෝම් වැඩපිලිවෙලින් රටට අහිමිවන මිනිස් දින  ලක්ෂ ගණනද එසේම ජතික සම්පත් විනාශයද නොවී සාමකාමීව රටේ ජාතික ප්‍රස්න විසඳගත හැකිවණු ඇත.

1. වර්ථමාන ජනාධිපති වරයා පත්වූ දා සිටම ඔහු අසාර්ථක වී ඇති බව සම්පූර්ණ ඇත්තකි. ගෝඨාභය ජනාධිපති කමට පත්වූදා සිටම එම තනතුරේ වගකීම් ඉටුකිරීමට සාකළ්‍යෙන්ම අපොහොසත්වී අසාර්තථක වී ඇති බව සම්පූර්ණ ඇත්තකි. ඔහු කෙරෙහි 69 ලක්ෂයක් තැබූ විශ්වාශය භන්ගවී ඇති බැවින් ගෝඨාභය ජනාධිපතිවරයා එම තනතුරෙන්  වහාම ඉල්ලා අස්වන මෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවකින් ඉල්ලා සිටිය යුතුය.

ඔහු එසේ නොකරන්නේනම් තවදුරටත් එම වගකිවයුතු මෙන්ම සම්භාවනීය තනතුර දැරීමට ඔහු සුදුසු නොවෙන නිසා  පාර්ලිමේන්තුවේ  සියලුදෙනාම එක්වි දෝෂාභියෝගකින් ඔහු ඉවත්කොට වර්තමාන පාර්ලිමේන්තුවේ ඉතිරි කාලයට නව ජනධිපතිවරයකු පත්කොට ගත යුතුය.

2. ඒ සමඟම වර්තමාන අගමැතිවරයාගේ පත්වීමද  ව්‍යවස්ථාව විරෝධී බැවින්ද, වසර 52ක් තිස්සේ මේ රටේ තිබුණු ප්‍රබලම දේශපාලන පක්ශයට 2020 දී එකම ආශනයක් හෝ ලබාගැනීමට නොහැකිවූ එසේම තම ආශයනය පවා පරාජයවූ තවද  එම තනතුරේ වගකීම් ඉටුකිරීමට සාකළ්‍යෙන්ම අපොහොසත්වී ඇති බැවින් ඔහු  කෙරෙහිද  පාර්ලිමේන්තුවේ විස්වාශය භන්ගවී ඇති බැවින්ද ඔහු වෙනුවට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්තෙන්  නව අගමැතිවරයෙකුද පත්කරගත යුතුය

3. ඊ ළඟට රජයේ විධායක බලය ක්‍රියාත්මක කිරීම සඳහා උපරිම වශයෙන් 17 දෙනකුට නොවැඩි අමාත්‍ය මණ්ඩළයක් පත්කොට ගත යුතුය. ඒ සඳහා,පාර්ලිමේන්තුවේ සිටින පක්ශ නායකයින් හෝ ඔවුන් විසින් නම්කරණු ලබන වර්ථමාන අර්බුධයෙන් රට ගොඩගැනීමට හැකි 10 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක් සහ ජාතික ළයිස්තුව හරහා එවැනිම සුදුසුකම් හා දක්ෂකම් ඇති  නීති, ආර්ථික,පරිපාලන.විදේශ කටයුතු, වෛද්‍ය, ඉන්ජිනේරු, මූල්‍ය (ගාමිනි විජේසිංහ වැනී, ව්‍යාපාරික ධම්මික පෙරේරා වැනී, කෘෂිකාර්මික, වානිජ, අධ්‍යාපන,වැනි ශේස්ත්‍රයන්හි ප්‍රවීනයින්, යටත් පිරිසෙයින් 7 දෙනකු ගෙන් හෝ සමන්විත රට ගොඩගත හැකි කුඩා අමාත්‍ය මණ්ඩලයක් පත්කොටගෙන සර්වපාක්ෂික රජකින් 2025 වනතුරු රට පාලනය කිරීම.

4. ඊ ළඟට කළයුත්තේ ඒ ඒ අමාත්‍යාන්ශවලට අදාල විෂයන් පිලිබඳ දැනුමක් ඇති ප්‍රවීන පරිපාලන නිලධාරීන් ලේකම්වරුන් වශයෙන් පත්කොට, විද්‍යාත්මක පදනමක් මත රාජ්‍ය දෙපාර්තමේන්තු  සහ සංස්ථා අනුබද්ධ කළයුතුය. එසේ කිරීමේදී රාජ්‍යවියදම අඩුකරගැනීම සඳහා. අනවශ්‍ය ආයතන සියල්ල වසා දැමීමටද වගබලාගතයුතුය.

5. ඒ සමඟම වහාම රට පුරා රාජ්‍යබලය පිහිටුවා නීතිය සහ සාමය  ස්ථාපිත කිරීම සහ රාජ්‍ය පරිපාලනය ස්ථාපිත කළයුතුය.

6. ඒ සමඟම ජනජීවිතයට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ,ඉන්ධන, ගෑස්  සහ ඖෂධ  හිගයකින් තොරව ලබාගැනීමට සැළස්විය යුතුය.

එසේ නැතිව සජිත්,අනුර, සහ චම්පික වැන්නන් ගේ කටමැත අනුව ඔවුන්ට රජයක් පිහිටුවනමෙන් ආරාධනා කිරීම කබලෙන් ලිපට වැටීමකි.

7. එසේම දැනට රටේ පවතින ආර්ථික, සාමාජික සහ දේශපාලන අර්බුධකාරී තත්වයන් අනුව අනුර සහ සජිත් කියන පරිදි මැතිවරණයක් ගැන සිතීම පවා අංක එකේ මෝඩකමකි. මගේ අදහසේ හැටියට මැතිවරණයක්  පැවැත්විය යුත්තේ වර්තමාන පාර්ලිමේන්තුවේ ඉතිරි වසර දෙක තුල රට සාමාන්‍ය තත්වයට කිරීමෙන් පසුව පමණි.

එහෙත් එම මැතිවරණයද පැවැත්විය යුත්තේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක අන්ශුමාත්‍ර ලකුණක් හෝ දක්නට නැති පවතින මැතිවරණ ක්‍රමය යටතේ නොවේ. එය කළයුත්තේ ඒ ඒ ආසනවල ජනතාව විසින් පළමුව තෝරාගෙන දෙවනුව පාර්ලිමේන්තුවට පත්කරගන්නා සැබෑ ජනතා නියෝජිතයින්ගෙනි. මෙම ක්‍රමය යටතේ පත්කරගන්නා ආණ්ඩුවක් ‘ජනතාව විසින්, ජනතාව සඳහා පත්කරගන්නා, ජනතාවගේම ආණ්ඩුවක් විය යුතුය.එසේ නැතිව එයද  කිසිසේත්ම දැනට පවත්නා පරිදි දේශපාලකයින් විසින්,  දේශපාලකයින් සඳහා පවත්නා, දේශපාලකයින්ගේම ආණ්ඩුවක් නොවිය යුතුය.

මන්ද මා මීට පෙරද  අනේක වාරයක් ප්‍රකාශකොට ඇතිපරිදි 

රටේ පවතින ආර්ථික, දේශපාලනික  හා සාමාජික තත්වයන් අනුව,

1 මැතිවරණයක් පැවැත්වීමේ පරිසරයක් රට තුල නොමැතිවීම

2 ඒ සඳහා අවශ‍ය රුපියල් කෝටි 1,500 ක් පමණ   සපයා ගැනීමේ අපහසුතාව

3.මැතිවරණයක් පැවැත්වුවද කිසිම පක්ශයකට රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාවක් නොලැබීම මෙන්ම

4 මැතිවරණයක් පවත්වා රජයක් පිහිටුවා ගැනීමට මාස 6 ක් වත් ගතවන බැවින්ද

5 දැනට පවතින තත්වයම තවත් මාස 6 ක් රටතුල  පැවැතීම, නිසා ආණ්ඩුවකට පාලනය කිරීමට රටක් ඉතිරිවීමට පවා ඉඩක් නොමැතිවීම ආදී හේතූන් නිසා  වඩාත්ම හොඳ ක්‍රරමය වණුයේ. ඊණියා දේශපාලකයිණි!

ඔබ සියලු දෙනාගේම තනි තනි වැඩසටහන්, අරගල සහ විරෝධතාවන් නිසා පවතින තත්වය තවත් උග්‍රවී රට ජාතිය මුළුමනින්ම විනාශ වීමට ඉඩ නොතබා සියළු දෙනාම එකට එක්වී, සියළුම පුද්ගලික න්‍යාය පත්ත්‍ර පසෙක තබා රට ජාතිය ගැන දැන්වත් සිතා මේ රට අද වැටී ඇති අඝාධයෙන් ගොඩ ගැනීමට එකාවන්ව දේශප්‍රේමයෙන් ක්‍රියා කරණ මෙන්  ඔබ සැමගෙන් ජාත්‍යාලයෙන් මම ඉල්ලා සිටිමි.

රටේ අනාගත නායකයින් භිහිවන්නේ මෙම වැඩ පිලිවෙලේදී සාර්ථකතවය දක්වන පුද්ගලයින් අතුරෙන් බවද මම ප්‍රකාශ කරමි.

තම තමන්ගේ පුද්ගලික න්‍යායපත්ත්‍ර පසෙක තබා මේ රටේ සහ ජාතියේ යහපත සහ ශුභසෙත ඔබ දැන්වත් අපේක්ෂා කරන්නේනම් සැබෑ අරගලය කළ යුතු කරුණු. කීපයක් ද පහතින් දක්වමි.

1. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට මැතිසභයට වැඩි බලතල පවරාගැනීම

2. ඉතිහාසය පුරා මිහිබට පාරාදීශයක් වශයෙන් ලොවපුරා පූජිතව තිබුණු මේ රත්න දීපය නැවත එම තත්වයට පත්කර ගැනීමට ඔබ කැමතිනම් පවතින මැතිවරණ ක්‍රමය වෙනස්කොට මේ රටට ගැලපෙන ස්වදේශීය ක්‍රමයක් නිර්මාණය කරගන්නා තුරු පවතින  ක්‍රමයම අනුව

3. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විනාශකරණ,  ජනවර්ග අතර බේධ වපුරන, එසේම ආසනයක චන්දදායකයින්ට තමන්ගේ නියෝජිතයෙක් නැති,, දිස්ත්‍රික් මන්ත්‍රී ක්‍රමය, අනුපාත ක්‍රමය සහ මනාප ක්‍රමය  නැති බහු මන්ත්‍රී ක්‍රමය නැතිව පැරනි ආශන කරමය නැවත ඇතිකිරීම.

4. අදාල ආසනයේ ජනතාව විසින් නම්කොට තෝරාගන්නා ක්‍රමයක් යටතේ අපේක්ෂකයින් තෝරාගැනීම

5. පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයකු වීම සඳහා අවශ්‍ය අදාල ආසනයේ ස්ථිර පදින්චිය තිබීම,  දැන උගත්කම, චරිතය, ජනතාසේවයට ඇති පලපුරුද්ධ සහ කැපවීම, සොරකම් කිරීම නතර කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් වත්පොහොසත්කම සහ විෂයාණුබද්ධ දැණුම ආදී ගුණාංග ඇති අය පමණක් තෝරාගැනීම.

වෙනත්

6. මේ රටේ සිංහලයින්ගේ වසර 2500 ක ඉතිහාශය විකෘර්ති කළ, රටෙන් 1/3 ක් උතුරු නැගෙනහිර දෙමළ නිජභූමිකොට භූමිපුත්ත්‍රයින්ගේ උරුමය අහිමිකළ, වසර 2500 ක් තිස්සේ ඒකීය රටක් වශයෙන් පැවති මේ සිංහල රට දෙමලුන්ට කොටසක් ලියාදීම සඳහා සහ රට බෙදා පෙඩරල් රාජ්‍යයක් කිරීමට එකඟවූ 1987 ජූලි 29 ජේ ආර්/රජිව් ගිවිසුම අහෝසිකිරීම.

7. එම ගිවිසුමෙන්ම උපන්, මේ රටේ වසර 1000 ගානක් පැවැති  දිසා පරිපාලනය  විනාශකල දේශපාලන ගැත්තන්ට රැකියා නිශ්පාදනය සඳහා ඇතිකල රටේ ජාතික ධනය ප්‍රකෝටි ගණක් වසර 35ක් තිස්සේ  විනාශ කොට රට් හිඟමනට පත්කළ  ජාතියට සුදු අලියෙක් වූ දැන්ටමත් වසර් 5 කට වැඩි කාලයක් වසා තිබුණු පලාත්සහා නමැති හූනියමද  වහාම අහෝසි කිරීම.

8. ජාතිය සතු සම්පත් පිට රැටියන්ට නොවිකිනීම සහ දැනටමත් දී ඇති සියල්ල ආපසු ලබාගැනීම හෝ යටත් පිරිසෙන් ඒවායේ කොන්දේශි රටට අවාසි නොවෙන අන්දමින් ලිහිල් කරගැනීම.

ඉහතින් දක්වන ලද්දේ රට ජාතිය බෙරාගැන්නිමට දේශප්‍රේමී අරගල කරුවන් විසින් අරගල කළයුතු ප්‍රධාන කරුණු කීපයක් පමණි.

ඊට අමතරව

තවදුරටත් මේ සිංහල රටේ සියලුම සින්හලයින් විසින් රටේ සැබෑ නිදහස ලබාගැනීම සහ ජාතියේ අනන්‍ය තාව රැක ගැනීම සඳහා  සැබෑ අරගලයක් කළයුතු පුළුල් වැඩපිලිවෙලක් පහතින් දක්වමි

Posted on May 27th, 2022

සුදත් ගුන්ණසේකර මහනුවර

අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනයක මැතිනියගේ හිටපු ස්ථිර ලෙකම්,ශ්‍රි ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-1994) සහ මහනුවර සින්හල බෞද්ධ ජෙෂ්ඨ පුරවැසියන්ගේ සන්විධානයේ සභාපතී

මේ රට සින්හල බෞද්ධ රාජ්‍යයකියන මූලික සම්මුතිය ඇතුළු පහත සඳහන් ජාතික ප්‍රතිපත්ති පිළිගෙන ඒවා ක්‍රියාත්මක කරණ බවට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ත්‍රයිනිකායික නායක හිමිවරුන් ප්‍රමුඛ සන්ඝ සභාවක් ඉදිරියේදී දිවුරා පොරොන්දු නොවන කිසිවෙකුට මේ රටේ කිසිදාක පාලන බලය නොදිය යුතුය

                                           1 කොටස

මේ රටේ කුමන රජයක් බලයට පත්වුවද අනිවාර්‍යයෙන්ම එක්සත්, සව්භාග්‍යමත් ප්‍රබල ශ්‍රී ලාන්කික ජාතියක් ගොඩ නැගීම සඳහා එම රජය විසින් අවිවාදයෙන් පිළිගත යුතු ජාතික  සම්මුති මාලාවක් පහත දක්වම

1මේ රට සින්හල බෞද්ධ රාජ්‍යයකි

2.ශ්‍රි ලන්කාව ඒකචත්‍ර රාජ්‍යයකි

ලෝක ඉතිහාශය ආරම්භවූ දා සිටම ඉන්දීය සාගරයේ පිහිටි සින්හලද්වීපය නම්වූ, වර්ගසැතපුම් 25,332  (65,610 කි.මී)පමණ වු මේ දිවයින, ඒකචත්ත්‍ර රාජ්‍යයකි.

3 රටේ නම සින්හලේ (ලන්කාදීප) විය යුතුය

 ක්‍රි.පූ. 543 සිටම අඛණ්ඩව පැවති පරිදි මේ රටේ නම සින්හලේ/(ශ්‍රී ළන්කාව) විය යුතුය. ඒ හැර ඉලන්කයි, ඊළම්  ආදි වෙනත් වචනවලින් එය හැඳින්වීම රාජද්‍රෝහී අපරාධයක් වශයෙන් සැළකිය යුතුය.දෙමළෙන් ලන්කා යන අරුතින් ඉලන්කෙයි කියාද සින්හලයින්ගේ රට යන අරුතින් ඊළම් කියාද දකුනු ඉන්දියානුවන් අතර භාවිතා වී ඇත. ඉතිහාශය පුරාම නම් 23 කින් පමණ විවිධ ජාතීන් විසින්  (තම්බපන්නී වශයෙන් එක්වරක් හැර ) මේ රට හඳුන්වා ඇත්තේ  සින්හලයින්ගේ රට යන අර්ථයෙන්මය. සිලෝන් (Ceylon) කියා ඉන්ග්‍රීසීන් කීවේද සින්හල්යින්ගේ රට යන අර්ථයෙන්මය.

1815 මාර්තු 2 උඩරට ගීවිසුම අනුව ඉන්ග්‍රීසීන්ට භාරදී ඇත්තේ සින්හලේ නම්වූ රාජධානියයි. එබැවින් ඇත්ත වශයෙන්ම රටේ නිවැරදි නම ලබාගත යුතුව තිබුණේ,1948 දී රටේ පාලනය භාරගත් අමණ සින්හල නායකයින් විසින්මය.

4  මේ රට ලෝකයේ තිබෙන එකම සින්හල බෞද්ධ රාජ්‍යයයි.

කි පු. 307 සිට 1815 දක්වා නිලවශයෙනුත් එදා සිට අද දක්වාම නිලනොවන ලෙසිනුත් අඛන්ඩව වසර 2329 පැවති පරිදි මේ රට සින්හල බෞද්ධයින්ගේ පරම මාතෲ භූමිය බව මෙරට වාසී සෑමදෙනාම මෙන්ම සමස්ථ ලෝකවාසීන්ම අවිවාදයෙන් පිළිගතයුතුය

තවද කිසිම අවස්ථාවකදි කිසිවෙකුට ඒ තුල වෙනම රාජ්‍යයක් ඉල්ලීමට අයිතියක්ද නැත. එබඳු ප්‍රකාශ කිරීම හෝ ක්‍රියාවන්වල යෙදීම   රාජද්‍රෝහී වරදකි.

මේ අතර ඉතිහාශයේ වරින් වර මෙරටට  පැමිණ දැනට එහි පුරවැසියන් වශයෙන් ජීවත්වන දෙමළ, මුස්ලිම් සහ වෙනත් සුළුජන කොටස්, මේ බිමෙහි වසර 2500 කට වැඩි කාලයක් පුරා ශිෂ්ඨාචාරය බිහිකොට එහි  පරම උරුමකරුවන් වශයෙන් සිටි සින්හලයින් සමඟ සුහදව ජීවත් වී ඇත. ජාතියේ උරුමයට තර්ජනයක් නොවන තුරු ඔවුන්ද සින්හල අපගේම සොහොයුරන් වශයෙන් අපි සැමදා සලකමු. කෙසේ වුවද අපගේ එම පරම උරුමයට ඔවුන් යම් කිසිදිනක වචනයෙන් හෝ ක්‍රියාවෙන් තර්ජනයක් නොවිය යුතුය. එමනිසාම ඔවුන් කිසිවෙකුට මේ රටතුල අයිතිහාසික නිජබිම් හෝ වෙනම රාජ්‍යයන් ඉල්ලිමට කිසිදු අයිතියක්ද නැත. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන්වත් ඒ බව ව්‍යව වස්ථා  ගත කළ යුතුය.  එසේම සැමදෙනාම ඒ බව පැහැදිළිව වටහාගත යුතුය.

5 මේ රටේ ජාතිය සින්හල

 ක්‍රි පූ.548 සිට අඛණ්ඩව පැවති පරිදි මේ රටේ ජාතිය සින්හල වියයුතුය. දෙමළ, මුස්ලිම් සහ වෙනත් බෙර්ගර්, මැලේ ආදී ජනකොටස් යනු මේ සින්හලයින්ගේ රටට විටින් විට පැමිණි, සින්හලේ රජවරුන්ගේ සහ පසුව මේ රටේ පාලකයින්ගේ අනුග්‍රහය ඇතිව මෙහි පදින්චි පුරවැසිකම ලබාගත් සන්ක්‍රමනික ජනවර්ග පමණි. ඔවුන් අතීතයේදී කිසිම අවස්ථාවක මේ රට තුල වෙනම ජාතීන් වශයෙන් ප්‍රකාශ කොට නැත. එබැවින් වර්ථමානයේද නොකළ යුතුය. එසේම එවැනි ප්‍රකාශ කිරිම හෝ කටයුතුවල යෙදීම රාජද්‍රෝහී අපරාධයක් වශයෙන් නීතිගත කළයුතුය

6 රටේ රාජ්‍ය භාෂාව සින්හල විය යුතුය

1978 විවස්ථාවේ තිබුණු පරිදි රාජ්‍ය භාෂාව නැවතත් සින්හල විය යුතුය. (ඒ අනුව ජේ.ආර් ගේ දේශද්‍රෝහී සහ ජාතිද්‍රෝහී 16 වන ව්‍යවස්ථා සන්ශෝධනයද  අහෝසි කළයුතුය). මේ රටේ මුළු ජනගහනයෙන් 70-2 % ක් සින්හල වන අතර මුළු ජනගහනයෙන් 99 % කටම සින්හල කථා කිරීම හා ලිවීම කළ හැක.ඉන්දියාවේ දෙමළ ජනයා  7 කෝටියක් සිටියත් දෙමල භාෂාව, එහි  රාජ්‍ය භාෂාවක්ද නොවේ. එසේ තිබියදී මේ රටේ දෙමළ මිනිසුන් මෙන්ම ඉන්දියාවද දෙමළ භාඅෂාවත් රාජ්‍ය භාෂාවක් කරණ මෙන් අරගල කරණුයේ කුමණ පදණමක් මත දැයි මට නොතේරේ. ලෝකයේ පෞරාණික ශිෂ්ඨාචාරයන් ඇති සෑම රටකම ජාතිය නම්කර ඇත්තේ එම රටේ ශිෂ්ඨාචාරය බිහිකළ ප්‍රජාවගේ මව් භාෂාව නමින්ය.

ඒ අනුව මේ රටේ ශිෂ්ඨාචාරය බිහිකළ සින්හළයින්ගේ භාෂාව වූ සින්හල නමින් මේ රටද නම්කළ යුතුය. එය ඔවුන්ගේ පරම ජන්ම අයිතියයි.

7 මේ රටේ රාජ්‍ය ආගම බුද්ධාගම විය යුතුය.

ක්‍රි.පූ 307 සිට 1815 වනතුරු රටේ රාජ්‍ය ආගම වශයෙනුත් 1815 සිට අද දක්වාම රටේ ජනගහනයෙන් 70.2 % කට වැඩි පිරිසකගේ ආගම වශයෙනුත් පවතින බැවින් නිළ වශයෙන් රජය ඒ බව පිලිගත යුතුය. ඉතිරි 30% න්  මුහුදුබඩ ප්‍රදේශවල 5%  කතෝලික කලේ 1505 න් පසු සුද්දන් විසිනි. දෙමල සහ මුස්ලිම් වරුන් බෞද්ධයින්ට එරෙහිව සන්විධානය කලේද ඔවුන් විසින්මය. මේ රටේ හින්දූන් වර්ථමාණයේ පවතින පරිදි 12.6% (50% කින් වැඩිවූයේද) උඩරට වතුකරයට සුද්දන් විසින් ගෙන ආ  සුද්දන්ගේ දකුණු ඉන්දියාණු දෙමළ වහල් කම්කරුවන් නිසාය.

ක්‍රි. පූ.307. සිටම අඛ්ණ්ව බුද්ධාගම මේ රටේ රාජ්‍ය ආගම විය. එබැවින් වසර 2329 ක් තිස්සේ පැවති පරිදි අදද බුද්ධාගම මේ රටේ රාජ්‍ය ආගම විය යුතුය. එමනිසාම බුද්ධසාශනය සුරක්ස්ෂිතකොට පෝෂනය කිරීම  රජයේ පරම වගකීම වියයුත්තේය.කෙසේ වුවත් ඒ තුළ සියළුම ආගම් ඇදහීමේ පූර්ණ අයිතියද සහතික කළයුතුය.

8 මේ රටේ ජාතික කොඩිය 1815 තිබුණ සින්හලේ කොඩියයි.

1815 තිබුණ සින්හලේ කොඩිය නැවත මේ රටේ ජාතික කොඩිය වශයෙන් ප්‍රකාශකළ යුතුය.1952 දෙමළ සහ මුස්ලිම් ජනයා නියෝජනයට කියා පටි දෙකක් ඇතුලත් කළද  ඔවුන් කිසිදිනක මේ රටේ නීත්‍යානුකුල ජාතියේ කොටස්කරුවන් වශයෙන් පෙනී සිටියේ නැත. නිතරම ඔවුන් දෙගොල්ලගේම අරමුණ වන්නේ රටේ උරුමකරුවන්වන සින්හලයින් යටත් කරගෙන හෝ,එලවා දමා හෝ සමූල ඝාතනයකොට දමා හෝ  මේ රට අයිතිකර ගැනීමය. එමනිසා ඒ පටි දැමීමෙන් ඔවුන්ගේ ජාතිවාදය වැඩි උනා මිස සින්හලයින් සමඟ සහයෝගයෙන් ජීවත් වීමේ අදහස වර්ධනය වූ බවක් නොපෙනේ. එබැවින් ඒ පටි දෙක මේ රටේ කොඩියේ තිබීමෙන් කිසිදු පලක් නැත.

(මේ හැම එකක්ම ඉතිහාසයේ ආරම්භයේ සිටම  1815 දක්වා මේ රටේ තිබුණු, එතැන් සිට ඉන්ග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් විනාශකළ සින්හලයාගේ පරම ජාතික උරුමයන් මේ රටේ පරම උරුමකරුවන් වන සින්හලයින්ට නැවත ආපසු ලබාදීම මිස අලුතින් නිර්මාණය කරණ දෙයක් නොවේ )

9 ජාතික ගීය

ජාතික ගීය දිවයින පුරාම ගායනා කළ යුත්තේ රටේ රාජ්‍ය භාෂාව වන සින්හලෙන් පමණි. එයවත් කිරීමට අසතුටු පුද්ගලයින් හැකිපමණ ඉක්මනින් තම තමන්ගේ මව් රට්වලට යා යුතුය.

10. මුලුරටටමබලපානපරිදිඑකනීතියක්සින්හලරටේසින්හලනීතියක්

එක රටක් හා රාජ්‍යයක් වෂයෙන්  රටේ සියළු දෙනාටම එක නීතියක් තිබිය යුතුය.එසේ නොකොට සුළුජන කොටස් වලට වෙනම නීති තීමෙන් රටේ උරුමකරුවන්ට බලවත් අයුක්තියක් හා අසාධාරණයක් සිදුවී ඇත.

මේ රටේ සියළු දෙනාටම එක නීතියක් තිබිය යුතුය. ඒ අනුව දැනට රට තුල ක්‍රියාත්මක වන සියළුම අන්දමේ මුස්ලිම් නීතිද එසේම තේසවලමෙයි නීතියද අවලන්ගු කළයුතුය.මන්ද එක රටක නීති කීපයක් තිබිය නොහැකි බැවිණි. ඒ අතරම මේ රටේ වසර 2500 කට වැඩි දීර්ගකාලීනව පැවති දේශීය නීතිය අනුව අපටම අනන්‍ය නීති පද්ධතියක් නිර්මාණය කිරීමට පාලකයින් දැන්වත් කටයුතු  කළ යුතුය..  ඔවුන්ගේ මව් රටවල නීති අනුව තම කටයුතු කිරීමට අවශ්‍ය මිනිසුන්ද ඔවුන්ගේ මවුරටවල් බලා යා යුතුය

11.මේ රටේ නිදහස් දිනය මැයි 22 වශයෙන් දැන්වත්   ප්‍රකාශ කළයුතුය.

1948 දී නිදහස ළැබුණායයි කිවද, මේ රට ජනරජයක් බවට ප්‍රකාශ කරමින් සැබෑ නිදහස උදා කළේ 1972 මැයි 22 දින බන්ඩාරනායක මැතිනිය විසිනි. එබැවින් ඒ වීර ලක් දියණියට කරණ ගෞරවයක් වශයෙන් හෝ මැයි 22 ජාතික නිදහස්  දිනය වශයෙන්  නැවතත් ප්‍රකාශ කළයුතුය.

1972 සිට 1977 දක්වා මැතිනියගේ රජයෙන් මැයි 22 නිදහස් දිනය අභිමානයෙන් සැමරින. නමුත් 1977 බලයට ආ ජේ. ආර්ගේ. අධිරාජ්‍යගැති  එ.ජා.ප රජය ජෙනින්ගේ බිරිඳගේ උපන් දිනය වූ පෙබ් 4 මේ රටේ නිදස්දිනය වෂයෙන්  නැවතත් ප්‍රකාශකලේය. 1994 එ.ජ. ප රජය පැරදුනද බණ්ඩාරනායක යුවලගේ දුව චන්ද්‍රිකාද සෝබෝන් ක්‍රමයට යමින්   පෙබ් 4 ම මේ හෙළුවැලි නිදහස් දිනය පැවත්හ්විය. ඊටත් වඩා පුදුමය කියන්නේ මැතිනිය නිසාම තම දේශපාලන අනාගතය උදාකරගත් මහින්දද ඉන් පසු ශ්‍රී ලන්කා පක්ෂයේම මයිත්‍රීපාල සිරිසේනද සුද්දාගේ දිනයේම නිදහස  සැ(මැරීය.) බන්ඩාරනායක පහණෙන් තම දේශපාලානයේ කිරුළු පලන් රාජපක්ෂලාද (ගෝඨාභය සහ මහින්ද) නැවතත් 2020, 21 සහ 22  කෝටි ගණන් මහජන මුදල් නාස්ති කරමින්  පෙබ් 4 ම මේ කවදාවත්ම නූපන් නිදහස් දරුවාගේ උපන්දිනය මැරීය. රටට හා ජාතියට  අබමල් රේණුවක ආදරයක් නැති රට ගැන හෝ ජාතිය ගැන අබැටක් පමණ හෝ ජාතික අභිමානයක්  නැති මෙවැනි අඳබාල පරගැති දේශ පාලුවන් අභිමානවත් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන්නේ කෙසේද?කවදාද?

1948 දි අපට පුර්ණ නිදසක් නොළැබුණු නිසා පෙබරවාරි 4  නිදහස් දිනය වශයෙන් සැමරීම ජාතික විහිලුවකි. එසේම එය තවමත් අධිරාජ්‍ය  ගැතිබව පිළිගැනීමේ නිවට කම ජාතියක් වශයෙන් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමකි

12 මේ රටේ,ජනාධිපති, අගමැති, අග්‍රවිනිස්චයකාරතැන,ත්‍රි විධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ නීතිපති    හැමවිටම සින්හල බෞද්ධයින්ම වියයුතුය.

එඟලන්තය ඇතුලු හැම රටකම මේ තත්වය තිබේනම් වසර  2500 කට වැඩි කලක් ආරක්ෂාකරගත් සින්හල බෞද්ධ අපට ඒ තත්වය රැකගත නොහැක්කේ ඇයි?

13 මේ රටේ තිබිය යුත්තේ ජාතික දේශපාලන පක්ශ දෙකක් හෝ උපරිම 3 ක් pපමණි.

සියළුම ජන වර්ගවල චන්ද දායකයින් ඒ පක්ශ දෙකට අනුගත විය යුතුය

රටතුල භාෂා, ආගම් සහ වාර්ගිකත්වය අනුව දේශපාලන වෂයෙන් ජාතිය බෙදීමට හේතුවී ඇති බැවින් ජනවර්ග,ආගම්,ආදිය මුල්කරගෙන පිහිටුවා ඇති සියළුම දේශපාලන පක්ශ වහාම තහනම්කළ යුතුය. ආර්ථික ප්‍රතිපත්ති අනුව වෙනස්කම් අනුව ජාතික දේශපාලන පක්ෂ දෙකක් හෝ තුනක්   තිබිමට ව්‍යවස්ථාවෙන් අව්සර දිය හැක.

14 මේ රටේ මඩ්‍යම  කඳුකරය, ශ්‍රී ලන්කාවේ හදවත මෙන් රැකගත යුතුය.

මන්ද, හදවතේ ගැස්ම නතරවූ දාට ජීවියා මිය යන්නාසේ මධ්‍යම කඳුකරයේ භෞතික ස්ථාවරත්වය නැතිවූ දාට  මේ දිවයිනේ  සියලුම ගන්ගා ගැලීම නතරවීම නිසා සමස්ථ දිවයිනේම           සකළ ජීවී පද්ධතියම අතුරුදන් වී මේ රටේ ශිස්ඨාචාරයද අවසන් වන බැවිනි. ඒ නිසා මේ රට තව වසර 25 කින් බීමට ජල බිඳක් නැති, කිසිදු ජීවයක් නැති මරුකතරක් වීම වැලැක්වීම සඳහා යෝජිත  වැඩපිලිවෙලක් පහතින් දක්වමි.

1. මධ්‍යම  කඳුකරයේ මු. ම. අඩි 5000 ඉහල සෑම ප්‍රදේශයක්ම. අධිරක්ශි ප්‍රදේශ වශයෙන් ප්‍රකාශකිරීම. කිසිම වගාවක් හෝ ජනාවාශයක් මේ තුල  සපුරා තහනම් කළ යුතුය.

11. අඩි 3500-5000 අතර විශාල තේ වතු තිබුණද ඒ තුළද සෑම වර්ගයේම ජනාවාශ තහනම් කළයුතුය.

111.කඳුකරයේ සියළුම ජනාවාශ අඩි 3500 යේ සීමාවෙන් පහල ප්‍රදේශ වලට සීමා කළයුතුය.

1ව්.කඳුකරයේ   1000-3500 අතර ප්‍රදේශ ගම්මිරිස්,කරාඹු,කෝපි,එනසල්, පලතුරු වැනි මිශ්‍ර භෝග සහ, ගෘහස්ථ සත්ව පාලනය සහිත කුඩා ගොවිපල ව්‍යාපාර සඳහා වෙන්කළ යුතුය.මෙසේ කිරීමෙන් උඩරට ප්‍රදේශයේ ඉඩම් නැති ජනතාවගේ මෙන්ම ඉහල වතුකරයෙන් ඉවත් කෙරෙන වතු ශ්‍රී ලන්කා පුර වැසියන්වන දෙමල වැසියන්ගේ ඉඩම් ප්‍රස්නයද විසඳෙන අතර ඔවුන්ගේ ආර්ථිකයද දියුණු වණු ඇත.

15 ජාතික ආර්ථිකයේ මුල්තැන ගොවිතැනට දිය යුතුය.ඉනුත් වී වගාවට ප්‍රමුඛත්වය දිය යුතුය. ඒ සඳහා අවශ්ය ජලය,පොහොර, කෘෂිරසායනික, ව්‍යාප්ත සේවා  අලෙවි පහසුකම් සහ නිස්චිත මිල ක්‍රමයක් ආදි සියළු සේවා සහ පහසුකම් ලබා දිය යුතුය.

මේ රටේ ජාතික ආර්ථිකයේ මුල්තැන ගොවිතැනට දිය යුතුය.

16 රටේ ආර්ථිකය, සන්වර්ධනය, සන්ස්කෘතිය සහ අධ්‍යාපනය ආදිය පිලිබඳ ආණ්ඩු මාරුවීමත් සමඟ වෙනස් නොවෙ‍න ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුය.

17 රටේ රාජ්ය පාලනයේ සියළු කටයුතු රටේ සින්හල ජාතිය ප්‍රමුඛ සියළුම ජනවර්ග, ආගම් නායකයින් නියෝජනයවන, සහ රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රධානීන්ගෙන් සමන්විත උත්තරීතර ජාතික උපදේශක සභාවක  උපදෙස් අනුව සිදුවිය යුතුයි.

ඒ මණ්ඩළය මෙසේ විය යුතුයයි මම යෝජනා කරමි

1ත්‍රයිනිකායික මහනාහිමිවරුන්  හතර දෙනා                                      4

2කෝට්ටේ, දඹුල්ල, රුහුණු සහ වනවාසී නායක හිමිවරුන්             4

3.මහානායක හිමිවරුන් විසින් වසර 5 කට නම්කරණු ලබන පඬි හිමිවරුන් දෙදෙනෙක් (විද්යෝදයෙන් හා විද්‍යාලන්කාර පිරිවෙන් දෙකින්)                                                                                                 2

 4.ශ්‍රීලන්කා කතෝලික සභාවේ නියෝජිතයෙක්                                1

5 හින්දු පූජක වරයෙක්                                                                         14මුස්ලිම් පූජකවරයෙක්                                                                        15.අග්‍රවින්ස්චයකාරතැන                                                                     

6.නීතිපති.                                                                                             1

7 විගණනාධිපති                                                                                   1

8 පාර්ලිමේන්තුවේ කථානායක සහ                                                    1

9 රාජ්‍ය සේවයේ ප්‍රධානියා (භාණ්ඩාගාරයේ ලේකම්)                        1

     සභාවේ මුළුගණන                                                                        18                                    

18 මේ රට පාලනය කළයුත්තේ 100 නොවැඩි පාර්ලිමේන්තුවක් , 17 කට නොවැඩි අමාත්‍ය මණ්ඩලයක්  සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයකු සහිත රජයක් මගිනි,

19. රට පාලනය කළයුත්තේ  රජයන් මාරුවීමත් සමඟ වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් අනුවය.

20. රාජ්‍ය ප්‍රතිපත්හ්ති සහ සැළැසුම් ජනතා හිතවාදීව ක්‍රියාත්මක කිරිම සඳහා දේශ පාලනයෙන් තොර ස්වාධීන අධිකරණයක්  හා රාජ්‍ය සේවයක් ස්ථාපිත කළයුතුය

                                11 කොටස

කුමන රජයක් බලයට පැමිණියද ශ්‍රී ලන්කා ජන රජය විසින් අනිවාර්‍යයෙන්ම කළයුතු කාර්යයන්

1.1815 වේ සිට මේ රටේ සින්හල ජාතියට අහිමිවූ සියළු උරුමයන් නැවත ලබාදීම (සියළු සුළු ජන කොටස්වල වාර්ගික හා ආගමික අයිතීන් ආරක්ශා කරමින්)

2.1948 ලබාගත්තායයි කියන ඊනියා නිදහස 1972 ජනරජයක් වූ දින සිට පූර්ණ නිදස් රාජ්‍යයක් බවට පත් කිරීම

3. 1987 ජූලි 29 රජිව්-ජේ.ආර්. ඉන්දු-ලන්කා ගිවිසුම සහ ඉන් උපන් මේ රටට සාපයක්වූ ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිස මත පැටවූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සන්සෝධනය  සහ එහි අවජාත දරුවාවූ පලාත් සභා හූනියමද අහෝසි කිරීම

මේ රටේ ඉතිහාශයේ පළමු වතාවට, යුද්ධයකදි පරාජය වීමකින් හෝ රටේ ජනතාවගේ කැමැත්තකින් තොරව  එක් පුද්ගලයකුගේ තීරණයක් අනුව  ජනතා විරෝධය මද්ධ්‍යයේ හදිසි නීතිය ප්‍රකාශකොට මහජන නියෝජිතයින්ගෙන්  දින නොමැති අස්වීමේ ලිපි අත්සන්කොට ගෙන  ඔවුන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවාගෙන චන්දය ගන්නා වෙලාවට පාර්ලිමේන්තුවට දක්කාගෙනවිත් විධායකයේ බලපෑමට යටත් කොට අත්සන්ගෙන  හදිසි නීතිය ප්‍රකාශකොට  නීති විරෝධීව අත්සන් ලබාගෙන ව්‍යවස්ථා විරෝධීව ජේ. ආර්. විසින් මේ රට ඉන්දියාවට පාවාදුන් 1987 ජූලි 29 රජිව්-ජේ.ආර්. ඉන්දු-ලන්කා ගිවිසුම සහ ඉන් උපන් මේ රටට සාපයක්වූ ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිස මත පැටවූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සන්සෝධනය  සහ එහි අවජාත දරුවාවූ පලාත් සභා හූනියමද අහෝසි කිරීම

4. පලාත් සභා ක්‍රමය වහාම අහෝසි කිරීම දේශපාලකයින් විසින්මේ රටේ දිසා පාලනය ආයතන සහ රාජ්‍යසේවකයින්, විශාල වශයෙන් වැඩිකොට, රාජ්‍ය පාලනය විමධ්‍යගතකිරීමටයයි කියා, තවත් මඩ්‍යගතකොට, මහජන සේවයේ කාර්‍යක්ශමතාව බින්දුවටම බස්වා , රාජ්‍ය වියදම,    නාස්තිය සහ දුෂනය අසීමිත ලෙස වැඩිකරමින් රාජ්‍ය සේවයේ කාර්යක්ශමතාව නැත්තටම නැතිකොට දිස්ත්‍රික් පාලනය සේවාව අවුලෙන් අවුලට පත්කොට  සමස්ථ දිස්ත්‍රික් සේවයම විනාශකොට ඇති පලාත් සභා ක්‍රමය වහාම අහෝසිකොට,

රාජ්‍යසේවය ගැන මළපොතේ අකුරක් නොදන්නා දේශපාලන අනාතයින් සහ කොලඹ ලොක්කන්ගේ ගැත්තන් වන පින්පඩි කාරයින් රැළක් වන ආණ්ඩුකාරයින් වහාම ආපසු කැඳවා දිස්ත්‍රික් පාලනයේ වගකීම වුර්තීය රාජ්‍ය සේවකයින් වන  දිසාපති වරුන්, ප්‍රාදේශීය උප දිසාපතිවරුන් සහ ග්‍රාම සේවා නිලධාරින්ට භාරදී දැන්වත් දිස්ත්‍රික් පාලනය වැටී ඇති අඝාධයෙන් ගොඩගත යුතුව ඇත.

මෙසේ කිරීමෙන් රට ආර්ථික වශයෙන් ඉතා දුස්කර කාලයකට පත්ව ඇති මෙම අවස්ථාවේ  වසරකට රුපියල් බිලියන ගානක්  ඉතිරිකරගත හැක.

5.බෞද්ධ දේශපාලන ක්‍රමවේධයක් නිර්මානය කරගැනීම,

දැනට මේ රටේ පවතින බටහිරින් ආනයනය කරණළද අප සන්ස්කෘතියට ආගන්තුක පක්ෂ දේශපාලන ක්‍රමයේ පවතින බෙදීම් සහ ආත්මාර්ථය වෙනුවට බුදු දහමෙන් අපට උරුමවූ, රටේත්, ජනතාවගේත්  මෙන්ම සියලු සත්වයන්ගේත් සුභසෙත මූලික පදනම වශයෙන් සලකන බෞද්ධ දේශපාලන ක්‍රමවේධයක් නිර්මානය කරගැනීම,

6.මේ රටේ දේශීය සන්ස්කෘතිය, චිරාගත සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් පදනම් කරගත් දේශයට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වසරක් තුල ජනමත විචාරණයට ඉදිරීපත් කිරීම, යන කරුණු සියල්ල ඉටුකිරීමට දිවුරා සපථ කිරීම.

තවදුරටත්,

7 නව මැතිවරණ ක්‍රමයක්

බෙදා පාලනය කිරීමට සුද්දා විසින් අපට උරුමකොට දී ගිය  මැතිවරණ ක්‍රමයටත් වඩා චන්දදායකයින් සිරස් සහ තිරස් අතට බෙදන  එසේම ජනතා කැමැත්ත කිසිසේත්ම ප්‍රකාශ නොවන පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කොට,ආසනයක මිනිසුන්ට පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් සිටින පරිදි, පැරැණි ආසන ක්‍රමය යළි හඳුන්වා දිය යුතුය. අනුපාත, මනාප සහ බහු ආසන  ක්‍රමය ඉවත්  කිරීම, අපේක්ශකයන් තේරීම අදාල ආසනවල චන්දදායකයින්ට දීම සහ අපෙක්ශකයකු වීමට අදාල චන්ද කොට්ඨාශයේ වසර 5 ක් හෝ ඉස්ථිර පදින්චිය හෝ ඉපදී තිබීම අනිවාර්ය කිරීම

8 රාජ්‍ය  සභාවේ දැනට ඇති ආසන 225 හ 95 දක්වා අඩු කිරීම

 තවද මේ යටතේ රාජ්‍ය  සභාවේ දැනට ඇති ආසන 225 හ 95 දක්වා අඩුකොට දියවන්නාවේ පාර්ලිමේතුව නැවතත් ගාලුමුවදොර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගෙන ආයුතුය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවූ විට එම ගොනැගිල්ලද හිස්වන බැවින් එහි ගැටලුවක්ද ඇති නොවනු ඇත.

9 ජාතික ලැයිස්තුව අහෝසිකිරීම. ඒ වෙනුවට රටට විශිෂ්ඨ සේවයක් කර ඇති යම් යම් ශේෂ්ත්‍ර පිලිබඳ විසේසඥ දැණුමක් ඇති කීපදෙනකු පත්කල මන්ත්‍රීන් වශයෙන් ගැනීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාධන සැලසීම.

10 දරුණු අපාරධ වලට මරණ දඬුවම දීම

11 දේශීය සහ විදේශීය රාජ්‍ය සේවය වුර්තිකයින්ට පමණක් සීමා කිරීම සහ ශ්‍රී ලන්කා විදේශ සේවයට යන සෑම නිලධාරියෙකුට්ම රටේ ඉතිහාශය, සන්ස්කෘතිය, ආර්ථිකය  ජනතාවගේ අවශ්‍යතා යනාදිය පිළිබඳ යටත් පිරිසෙයින් වසර 3 ක හෝ න්‍යාය සහ ප්‍රායෝගික දැණුමක් ලබා දී පරීක්ෂනයකින් සමත් වීම අනිවාර්ය කළ යුතුය.

12 වෙනස්නොවන නොබැඳි විදේශ ප්‍රතිපත්තියක්

13 සෑම පුරවැසියෙකුටම රටේ ඔනෑම තැනක පදින්චියට, දේපල මිලදි ගැනීමට සහ රැකියා කිරීමට අව්ස්ථාව            සැළසීම

14    1987 ජූලි 29  ඉන්දු-ලන්කා ගිවිසුම සහ ඒ තුළින් උපන් 13 වන ව්‍යවස්ථා සන්සෝධනය අහෝසි කිරීම  

 මේ රට පෙඩරල් රාජ්‍යයක් කොට දෙමල බලය නන්ග්වා සින්හල බලය බිඳ දමා සින්හල ජාතිය විනාශ කිරිමට            ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප හිසමත පැටවූ 1987 ජූලි 29  ඉන්දු-ලන්කා ගිවිසුම සහ ඒ තුළින් උපන් 13 වන ව්‍යවස්ථා සන්සෝධනය අහෝසිකොට මේ රටට හා ජාතියට  හූනිමක් වි ඇති පලාත්සභා වහාම අහෝසි කිරීම.

15 අධික රජයේ නිවාඩු දින ගණන අඩුකිරීම

 මේ රටේ ආර්ථිකය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වන  දැනට පවතින අධික රජයේ නිවාඩු දින ගණන ජාත්‍යන්ත්‍ර සාමන්‍ය ගණන වන 12 හෝ ඊට ආසන්න සන්ක්‍යාවකට  අඩුකොට  වසරකට අපතේ යන මිනිස් දින ගණන රටේ සන්වර්ධනයට යොදාගතයුතුය.එය පහත සඳහන් පරිදි විය යුතුයයි යෝජනා කරමි

. නම                                   මාසය                    දින ගණන

1 සින්හල අලුත් අවුරුද්ද  අප්‍රේල්  13 &14               2

2 වෙසක්                             මැයි    වෙසක්  පෝය    2

3 ජනරජ දිනය                          මැයි  22                   1

4  ජාතික ගොවි කම්කරු දිනය    මැයි 1                 1

5  සින්හලේ ජාතික දිනය (පොසොන් පෝය)        1                                               

රජය විසින් තීරණය කලයුතු නිවාඩු දින

6    ජාතික වීර දිනය                                                 1

7   පරිසර දිනය                                                         1

8 ජාතික ළමා  දිනය                                                 1

9 ජාතික මව්වරුන්ගේ දිනය                                    1

10 ජාතික වැඩිහිටි දිනය                                           1

මුළු ගණන                                                              12                                                            

මීට අමතරව සෑම පෝය දිනයක්ම රජයේ නිවාඩු දිනයක් කිරීමෙන් තවත් නිවාඩු දින 49 ක් රජයේ සේවකයින්ට එක්වෙයි, ඒ අනුව පාසල් සතියද සකස්කරගත හැක. මේ අනුව රටේ සින්හල බෞද්ධ අනන්‍යයතාවද  ආරක්ශා වනු ඇත.

අනෙකුත් ආගමික නිවාඩු දින අදාල ආගම අදහන අයට පමණක් සීමා කලයුතුය

16 සියල්ළුම වුර්තීය සන්ගම් ක්‍රියාවන් අදාල වුර්තිය අවිතිවාසිකම් වලට පමණක් සීමා කළයුතුය

17 සියළුම මට්ටම්වල මැතිවරණ අපේක්ශකයින් සඳහා අවම වයසක්,අධ්‍යාපන, වත්කම්, චරිත සුදුසුකම් නියම කලයුතුය.

18 ජනතා නියෝජිතයින්ගේ සියළුම අමතර වරප්‍රසාද අහෝසි කිරිම උදා= විශ්‍රාම වැටුප්, තීරුබදු රහිත වාහන , නිලරථ,නිල නිවාශ ඇතුළු සාමාන්‍ය පුරවැසියෙකුට නැති සියළුම වරප්‍රසාද අහෝසිකළ යුතුය.

19 සෑම දේශපාලකයෙකු සහ රාජ්‍ය සේවකයෙකුගේම කාර්ය සාධනය පිළිබඳ නිරන්තරයෙන් කෙරෙන ප්‍රගති සමාලෝචනයක් තිබිය යුතුය. එය මාසිකව,6 මාසිකව හෝ වාර්ශිකව කලහැක.  ඉලක්ක නොසපුරන පුද්ගලයින් රැකියාවලින් ඉවත්කිරීමේ වැඩපිළිවෙලක් සකස්කළයුතුය.

20 රාජ්‍යසේවයේ. අතිරික්ත ආයතන මෙන්ම සේවකයින්ද ඉවත් කොට ඔවුන්ට විකල්ප ස්වයන් රැකියා වැඩපිලිවෙලක් සකස්කල යුතුය.

21 රාජ්‍ය ආයතනවකට සේවකයින් බඳවා ගැනීම භාණ්ඩාගරයේ සේවක සහ සන්ක්‍යා දෙපාර්තමේන්තුවේ නියමයන් නොක්මවිය යුතුය. එම දෙපාර්තමේන්තුව විසින් සෑම රාජ්‍ය අයතනක්යකටම සහ සන්ස්ථාවකටම අවශ්‍යය අවම සේවක සන්ක්‍යා සකස් කළ යුතුය.

22 රටේ ඉන්ධන අවස්‍යතා අනුව අමතර තෙල් තොග ගබඩාකර තබාගැනීමට ත්‍රිකුණාමලයේ තෙල් ටැන්කි යොදාගැනීට වැඩ පිලිවෙලක් සකස්කල යුතුය

23 මැති ඇමති, පලාත් සභා ආණ්ඩුකරවරුන්ගේ අරක්ශාව වහාම ඉවත්කළ යුතුය

24 දේශපාලකයින්ට තමන්ම හෝ වෙනත් අය හරහා රජයේ  කොන්ත්‍රාක් කිරීම සපුරා තනම් කළයුතුය.

25 දේශපාලකයින් හා රජයේඉ නිළධාරින්ගේ රාජකාරිය නිස්චිතව පැහැදිළි කල යුතුය එමෙන්ම රාජ්‍ය සේවයට දේශපාලන ඇන්ගිලිගැසීම් සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය නිලධාරින්ගේ කටයුතු පාලනය කළයුත්තේ පරිපාලන සහ මුදල් රෙගුලශි මගින් මිස දේශපාලකයින් විසින් නොවේ. එසේ වූ විට රාජ්‍යසේවය කාර්යක්ස්ෂම වනු ඇත.

26 රජයේ කාර්යාලයකට එවන ලිපියකට දින 3 ක් ඇතුලත පිළිතුරු එවන සුද්දන්ගේ කාලයේ තිබුණ සම්ප්‍රදාය වහාම නැවතත් ඇතිකළ යුතුය.

27 රාජ්‍ය සේවය දේවකාර්යක් මෙන් ඉටුකළයුතු බව දේශපාලකයින්ට මෙන්ම රාජ්‍ය සේවකයින්ටද අවභෝධ කළයුතුය.ජනතා සේවය ඒ අන්දමින් ඉටුකරන බවට සියළුම දේශපාලකයින් සහ රජයේ සේවකයින්ගෙන්ද පත්වීම් දෙන අව්ස්ථාවේම ලිඛිත පොරොන්දුවක් ගත යුතුය.

28දැනට මේ රටේ පවතින දේශපාලකයින් විසින් ,දේශපාලකයින් සඳහා පවත්වාගෙනයනු ලබන දේශපාලකයින්ගේ දේශපාලන සන්ස්කෘතිය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරුකොට, ජනතාව විසින්,ජනතාව සඳහා සිදුකෙරෙන ජනතාවගේම දේශපාලන ක්‍රමයක් මේ රටේ නිර්මාණය කළ යුතුය

29 එසේම දැනට ලන්කාණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ xx11 පරිච්චේදයේ සඳහන්වන පරිදි ජනාධිපති, කථානායක, ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවෙ මහ ලේකම් අධිකරණ සේවා කොමිසමේ සහ රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයින් සහ මීට අමතරව අධිකරණ යේ සියළුම විනිස්චය කාරවරුන් වැනි අය රාජ්‍ය සේවකයින් නොවේ යන ප්‍රතිපාදනයද වහාම අහෝසිකොට ඒ වෙනුවට රජයෙන් වැටුප් ගන්නා සෑමකෙනෙක්ම රාජ්‍ය සේවකයින් වශයෙන් නම්කල යුතුය.

30.ඒ සමඟම ඒ සියළුම මට්ටම්වල දේශපාලනඥයින්ට සහ රාජ්‍ය සේවකයින්ටම දැඩි  ආචාර්ය ධර්ම මාලාවක් සහ දැඩි විනය මාලාවක්ද සකස්කොට ක්‍රියාත්මක කල යුතුය. එසේම  කිසිම දේශපාලනඥයකුට සාමාන්‍ය පුරවැසියෙකුට නැති කිසිම විෂේශ වරප්‍රසාදයක්ද නොතිබිය යුතුය.

මන්ද,

මෙවා මෙසේ තිබියදී සියළු දෙනාම නීතිය ඉදිරියේ සමානය සහ ශ්‍රී ලන්කා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය ආදි වශයෙන් ව්‍යවස්තාවේ 3 යටතේ දක්වා තිබීම අර්ථ සූන්‍යය. එසේම හාස්‍ය දනවනසුළුය.