Spread the News

සිරිලක උසස් අධ්‍යාපනයට එරෙහි කුරුස යුද්ධය

විශ්ව විද්‍යාල ආචාර්ය වර්ජනයේ සැගවුණු විස්තර

Posted on September 30th, 2012

– තතු දන්නා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්- Lankacnews.com

නිර්මාල් රන්ජිත් දේවසිරි යනු හිටපු කතෝලික පුජකයෙකි. කොලඹ සරසවියේ ඉතිහාස දෙපාර්තමේන්තුවේ ආචාර්යවරයෙකි. වත්මන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති වරයාය. ඔහු කියන්නේ දුටුගැමුණු යනු අමානුෂික වහල් නායකයෙක් බවයි. ඔහුට අනුව යනු LTTE ත්‍රස්තවාදීන් යනු විමුක්ති සටන්කාමීන්ය. දේවසිරි කොටින්ට ස්වයන් පාලන අයිතිය ලබා දිය යුතු බවට ප්‍රසිද්දියේ ප්‍රකාශ කල ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙකි.
ඔහු දීප්ති කුමාර ගුණරත්න, ධම්ම දිසානායක සහ චරිත හේරත් එකතුව කලකට පෙර X කණ්ඩායම නමින් විජාතික ආයතනයක් ඇරඹීය. එහි අරමුණ වුයේ බුදුදහමට සහ සිංහල සංස්කෘතියට නිගා කර පශ්තාත් නුතනවාදය නම් අදහස වැපිරීමයි. ධම්ම දිසානායක අද ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක කෙනෙකි.
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම්වරයා වන මහීම් මෙන්ඩිස් යනු අන්තවාදී ක්‍රිස්තියානි නිකායක සාමාජිකයෙකි. ඔහුගේ කතා විලාසය පවා පල්ලියේ පුජකයකුගේ කතා විලාසයමය. මෙන්ඩිස් LTTE සංවිධානය වෙනුවෙන් කොළඹ සිට ක්‍රියාත්මක වූ NGO සංවිධානයක උපදේශකයකු ලෙස ක්‍රියා කළේය.
අද මේ අය වැඩි පඩි ඉල්ලන්නේ 6% ඉල්ලන්නේ වෙනත් අරමුනකටය. දෙන්න බැරි දේවල් ඉල්ලමින් සෙනග එකතු කරමින් මේ උත්සාහ දරන්නේ ලිබියාවේ, ඊජිප්තුවේ කල දේ ලංකාවෙත් කරන්න පුළුවන්දැයි සොයා බැලීමය.
අද ශාස්ත්‍ර පීඨයක, කළමනාකරණ පීඨයක ආචාර්ය වරයෙක් බාහිර උපාධි පන්ති පැවැත්වීමෙන් පමණක් මසකට ලක්ෂ 2-3 ආදායමක් ලබයි. බාහිර උපාධි විභාගයකට 20000 පමණ අවම වශයෙන් පෙනී සිටී. එක ප්‍රශ්නයක් බැලීමට රුපියල් 100 ගෙවයි.මේ ආචාර්යවරු බොහොමයක් බාහිර උපාධි ලකුණු දෙන්නේ ප්‍රශ්න පත්‍රය දිහාවත් නොබලාය.එහෙත් අදාල මුදල ලබා ගනී. වසරකට කිහිප වරක් මේ විභාග පවත්වයි. අද මේ වර්ජන කරන්නේ මෙහෙව් අයි. ඔවුන් බොහෝ දෙනකු අදායම් බදු නොගෙවයි.ඔවුන්ගේ සැබෑ ආදයම කිසිදු වෛද්‍යවරයකු හෝ නොලබයි.
මේ වර්ජනය පටුපස ඉන්නේ සදා නොවෙනස් වන කොටි පිටුපස සිටි පිරිසමය. වෙනස ඉස්සරහ බෝර්ඩ් එකේ පමණය. මේ වර්ජන කාරයෝ බොහොමයක් කොටිපතියෝය.
පඩි මදි කියන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් රුපියල් 172227.75ක වැ‍ටුපකුත්, මහාචාර්යවරයෙන් රුපියල් 157332.10 ක වැ‍ටුපකුත්, සහාය මහාචාර්යවරයෙක් රුපියල් 136855.70 ක වැ‍ටුපකුත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පළමු ශ්‍රේණිය රුපියල් 113755.80 ක වැ‍ටුපකුත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙවැනි ශ්‍රේණිය රුපියල් 104677.80 ක වැ‍ටුපකුත්, කථිකාචාර්යවරයෙකුට රුපියල් 83000.70 ක වැ‍ටුපකුත් ලබා ගනී.