සිරිසෙනගේ උදැල්ල කැපෙන්නේ තිස්සට විතරද එතකොට චම්පික රණවක ???

Spread the News

සිරිසෙනගේ උදැල්ල කැපෙන්නේ තිස්සට විතරද එතකොට චම්පික රණවක ???

ජනවාරි 9වෙනිදා වැඩ ආරම්භ කල රජය පසුගිය කාලයේ සදහන් කල රාජපක්ෂ පවුල් ගහේ කිසිවෙකු අද වෙනකන් අත් අඩංගුවට ගෙන නැත . ආන්ඩුවේ ආයතනවල ඉන්නා මහින්දගේ උන් හිනාවෙන්නේ, කෝ යකෝ එකෙක්වත් ඇල්ලුවාද කියලාය. සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමති කරන්නේ, අලි අල්ලන්න යන එකය. ඇත්තටම මේ කුක්කු පැටවුන්, ඇමති කෙනෙක් කියන්නේ කව්ද කියලාවත් නොදන්නා උන්ය. පරිසර වේදීයෝ කියන්නේ, අලි 130-140 ක් පමණ හොර පාරේ ගොස් රාජපක්ෂලා ගාව ඉන්නා බවය. උන් අහු වෙන නිසා මරා දැමීමේ ප්‍රවණතාවයක් ඇතයිද කියන්නේ ඔවුන්මය.

නියෝජ්‍ය ඇමති අලි පස්සේ පන්නන්නේ නැතිව, මේ වැඩේට පරිසර වේදින්ගේ සහාය ඇතිව, පොලීසියට හා වන ජීවී එකේ උන්ට ඒ සඳහා බලය දුන්නා නම්, දවස් තුනෙන් අලි 130 ම අල්ලාගෙන අහවරය. මේ කරන්නේ සෙප්පඩ විජ්ජාය. මුලින්ම කල යුත්තේ, සැක කටයුතු අලින් සියල්ලම අල්ලා ගෙන එන එකය. මොකෝ මේ රටේ හීලෑ අලි ඇතුනට පැටව් හම්බ වෙන්නේ නැතිය. ඒ නිසා මේ හැම පැටවාම නීතී විරෝධි ලෙස ළඟ තබා ගෙන ඉන්නා උන්ය.

අනෙක් හිකෙන් පුනා යන කාරනය නම් ගෝඨාගේ අලි “සන්නස් අලි” කියලා කියන එකය. ඒ අලි එයාට දීලා තියෙන්නේ මහින්ද අයියාය. ඒ සන්නසකිනි. බැලුවම රජවරු ඉඳලා තියෙන්නේ සින්දුවලම විතරක් නෙමේය. ඇත්තටම ඉඳලා තියෙන්නේ මහ රජානෝ කෙනෙක්මය. අපි නම් අහලා තියෙන්නේ සන්නස් වලින් දන් දෙන්නේ රජවරුන් කියාය. එත කොට අලින්ට කන්න දීලා තියෙන්නේත් අපේ සල්ලි වලින්ය.

අද ගෝඨා කියන්නේ එයාට ඇත් පැටවු දෙදෙනා මේන්ටේන් කොරන්න බෑ කියලාය. ඒක නම් සහතික ඇත්තය අද ගෙයක් වත් නැතිව නෝ ලිමිට් කාරයාගේ ගෙදර ඉන්න මනුස්සයාට මොන ඇත්තුද. ඇත්තු තියාඅද එයාලාට බලු බල්ලෙක් වත් නැතිය. එයාටත් තිබුනේ අර පුරහඳ වගේ හිටිය බැසිල් අයියත් එක්කම ඒ ප්ලේන් එකෙන්ම ඇමරිකාව බලා යන එකය.

පින්නවල අලි පැටවුන්, බලාගෙන සිටියදීම අතුරුදන් වනවා අපි දැක ඇත්තෙමු. මුන්ට තිබිලා තියෙන්නේ එසේ මෙසේ පිස්සු නෙමෙය. අලි පිස්සුය. තමන්ට විතරක් තනියෙන් යන්න සුපිරි ජම්බෝ ජෙට් ගේන්නේ ඒ හේතුවෙනි. මෙහේ ගෙදර යන්න බස් එකක් නැතිව කට්ට කළුවරේ පාරේ යන මිනිසුන්ය. දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිව ගෙල වැලලා ගන්නා මවුවරුය, ගඟේ පනින අම්මලාය, දරුවන් ගඟට, ළිඳට විසිකරනා මව්වරුය, දරුවන්ටද වස පොවා පවුල් පිටින් දිවි තොර කර ගන්නා දෙමව්පියන්ය.

කියන්න ඕන දේවල් සේරම කියල තියනවා. ලංකාවෙ ඉතිහාසය තුලවත් හොරුන්ට දඩුවම් දීල නෑ.ඒකට හේතුව මේ අය අලුත් අය එක්ක ඩීල් දාන එකයි.ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්.හොරකම් ගැන කතා කරන්නෙ ඡන්ද ගන්න විතරයි.හොරකම් හෙවිල්ලක් නෑ1994 ආපු ආණ්ඩුව ඊට පෙර අය කළ ඒව හෙව්වෙ නෑ.බොරු කොමිසම් නාඩගමක් නැටුව මිස.
2001 යූඇන්පී ආණ්ඩුව කලින් පෙරමුණේ හොරකම් ඇල්ලුවෙ නෑ.
2004 ආපු සංධානෙ කලින් අවුරුදු දෙකේ හොරකම් ඇල්ලුවෙ නෑ.ඒ වාගෙම මේ ආණ්ඩුවත් සංධානෙ හොරකම් අල්ලන්නෙ නෑ ඒක සහතිකයි.
මොකද හැමදාම හොරු අනාගතයට ඩීල් දමනව.මේ අය දන්නව අනාගත ශ්‍රී ලංකා ආණ්ඩුවකින් තමන්ගෙ වැරදි වලට රක්ෂනයක් ලැබෙන බව.

නමුත් අද වෙනසක් තියනව.ඇත්තටම ලැබිල තියෙන්නෙ විකෘති ඡන්ද ප්‍රතිපලයක්.ඇත්තටම යහපාලනයක් ඕන වුන අය ඉන්න ඇති.ඒත් සිංහල ජනතාවගෙන් 55 % ක් මහින්දට දීල තියනව.55% වෙනකම් අඩුවුනේ හොරකම්,නාස්තිය,පවුල් පාලනය වගෙ හේතු නිසා.සුළු ජාතීන් ඡන්දය දුන්නෙ ජාතික අවශ්‍යතා වලට.මේ තත්වය මීට පෙර කිසිම ඡන්දෙකදි නොදුටු ලක්ෂනයක්.යහපාලන කතා වගෙ ඒව අදාල සිංහලයන්ටනෙ.දෙමළ අයට ඊළම, මුස්ලිම් අයට ඉස්ලාමීය රාජ්‍යයක්.ඒකනෙ ඇත්ත කතාව.

දැන් මේ හොරකම් අල්ලන්නෙ නැතිවුනහම ජනතාව පෙළඹෙනව අනේ මේ චෝදනා බොරු වෙන්න ඇති වත්ද කියල හිතන්න එතකොට මොකද වෙන්නෙ අර 55% 60% හෝ 65 % වෙනව.සහන වල කෙළෙහිගුණ කතා නම් කියන්න එපා.මහින්දගෙ ආණ්ඩුවෙන් රස්සා ගත්ත අයත් හංසයට දුන්න එකේ ඔය සහන මතක තියෙන්නෙ නෑ.අනික හංසයට කෙළෙහිගුණ කියන කතාව කියන්න සදාචාරාත්මක අයිතියකුත් නෑ.

හොරකම් අල්ලන්නෙ නැතිව එකට කැන්ටිමේදි හම්බවෙන ප්‍රිය සම්භාෂනවලදි හම්බවෙන යාළුවො නිදහස කරල ජනතාවට සහන දීල ව්‍යවස්ථා ජංජාලයක් දාල ඉස්සරහට යන්න හිතනවනම් වැරදියි අයවැය සහන මතින් එජාප ආණ්ඩුවක් බලා ඉන්න පිරිසක් ඇති.ඇත්තටම අයවැය හොඳයි.ඒක අපි ගැන විතරක් බලල හදපු එකක් නොවෙයි.අපි විතරක් කාල හරියනවයැ.ඉන්දියන්කාරය ,ඇමරිකන් කාරය ගැනත් හිතල තියනව.වන්දනාවෙ යන අය දකිනව ඉන්දියාවෙ තියන දරිද්‍රතාව .ඉතින් කොත්තමල්ලි,කහ සූදුරු වගෙ ඒව අඩුකරන එක හොඳයි.ඇමරිකන් තිරිගු ගොවිය ටත් සහන දීල තියනව ඒක හොඳයි.

ඇත්තෙන්ම මේ ආණ්ඩු පෙරළිය රටක් හැටියට හොඳයි.චීනය වෙනුවට ඉන්දියාව රිප්ලේස් වෙලා.ඒක මෙහෙම නොඉවුනනම් අසූ ගනන් වල කළා වගේ දෙමළ ජාතිවාදය අවුස්සන තැනට ඉන්දියාව තල්ලු වෙන්න ඉඩ තිබුනා.එහෙම වුනානම් ලොකු ප්‍රශ්නයක්.ජේ ආර් ඉවත්කරගන්න දෙමළ සන්නද්ධ කල්ලි පුහුණු කිරීම මතකනෙ.ඒ වුනත් හොරු ඇල්ලිල්ලයි අංක එක.දෙවනුවත් හොරු ඇල්ලීම,තෙවනුවත් හොරු ඇල්ලීම මේකයි රටේ තත්වෙ.ඉතින් මොන හේතුවක් නිසා හෝ අලුත් ආණ්ඩුවක් පත්වෙලා තියනවනෙ.මෙතනදි ජනතාව දක්ෂ වෙන්න ඕන අලුත් ආණ්ඩුවට බල කරන්නට පරණ ආන්ඩුවෙ හොරකම් අල්ලන්න.එහෙම ඇල්ලුවොත් ( එසේම වේවා ) ඊට පස්සෙ හොරාකන සංස්කෘතිය දුරුවෙනව.මුන්ටත් හොරාකන්න බෑ ඊලඟ එවුන් අල්ලනව කියල දන්නව .අන්න ඒ සිස්ටම් එක එනව.එහෙම නැත්නම් වෙන්නෙ හොරු හැමදාම අනාගතයට ඩීල් දාන එක.

සිරිසෙනගේ උදැල්ල කැපෙනව මදි.. විශේෂයෙන්ම වංචාව, දූශණය හා හොරකම නවත්තන පැත්තට.. හැබැයි දැන් අපිට දැනෙන ආකාරයට පසුගිය කාලයේ ලංකාවේ වැරදි කරලා තියෙන්නේ තිස්ස අත්තනායක විතරයි ,?එතකොට චම්පික රණවක පෙන්නපු සහ රටම රවට්ටපු ෆොටෝ ෂොප් kp සහ මහින්ද ෆොටෝ එක සිරිසේනට අනුව වරදක් නොවන බව පැහැදිලිය ?? පාර්ලිමේන්තුව දැනුවත් නොකරම මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට ගැනීම යහපාලනයද ?

යහපාලනය ??????????????????????????? ,