සීගිරි කැටපත් පවුරේ ඉංග්‍රීසි අකුරු ලියූ තරුණිය දෙවසරක්‌ හිරේ

Spread the News

චමින්ද සිල්වා

සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී වල ඉංග්‍රීසි අක්‍ෂර ලියූ තරුණියකට දඹුල්ල මහෙස්‌ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා විසින් පෙරේදා (02 වැනිදා) වසර දෙකක සිර දඬුවම් නියම කර ඇත.

මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි සින්නතම්බි උදේනි නමැති ඇඟලුම් කම්හල් සේවිකාවකි. මඩකලපුව ප්‍රදේශයේ සිට පිරිසක්‌ සමඟ සීගිරිය නැරඹීමට පැමිණි සැකකාර තරුණිය සීගිරි කුරුටු ගී මත ඉංග්‍රීසි අක්‍ෂර ලියමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පුරාවිද්‍යා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම දඬුවම නියම කරනු ලැබීය.