Sat. Jan 18th, 2025
Spread the News

‘සීපා’ අත්සන් කළොත් දේශීය ව්‍යාපාර අනතුරේ!

ව්‍යාපාරිකයෝ – වෘත්තීය වේදියෝ සැක පළ කරති

ජනිත සෙනෙවිරත්න

ඉදිරියේදී ඉන්දියාව සමග ශ්‍රී ලංකාව අත්සන් කිරීමට යන සීපා හෙවත් පූර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් තැබුවහොත් මෙරට දේශීය ව්‍යාපාරික හා වෘත්තීයවේදීන් රැසක්‌ දැඩි අනතුරකට ලක්‌වන බව ව්‍යාපාරිකයෝ හා වෘත්තීයවේදීහු සැක පළකරති.

ඉන්දියාව වැනි අති විශාල වෙළෙඳපොළක්‌ ඇති රටක්‌ මෙන්ම විශාල විරැකියාවක්‌ ඇති රටක්‌ සමග මෙවැනි ගිවිසුමක්‌ අත්සන් කිරීම මගින් ඉන්දීය සමාගම් වලට මෙරටට පැමිණ තීරු බදු රහිතව ව්‍යාපාරවල නිරත වීමට අවස්‌ථාව සැලසේ.

එසේම ඉන්දියානුවන්ට මෙරට රැකියාවල බාධාවකින් තොරව නිරත වීමටද අවස්‌ථාව සැලසේ.

එසේම ඒ තුළින් මෙරටදී උපයා ගනු ලබන ධනයද විදේශ විනිමය ලෙස ඉන්දියාවට ගෙනයන්නට ඉන්දියානුවන්ට ඉඩ ලැබේ.

දැනට ක්‍රියාත්මක ඉන්දු ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම යටතේ පවා ඉන්දියානු සමාගම් ශ්‍රී ලාංකික සමාගම් ලෙස මෙරට සිට භාණ්‌ඩ ඉන්දියාවට යවන බවට චෝදනා පවතී.

සීපා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ඉන්දියානු සමාගම් මෙරට ව්‍යාපාර අල්ලාගත් විට දේශීය ව්‍යාපාර වල සේවය කරන ලක්‍ෂ ගණනක්‌ ශ්‍රී ලාංකිකයන් දැඩි අනතුරකට පත්වීමට ඉඩ ඇතැයි දේශීය ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

Protected by Security by CleanTalk