Spread the News

සී.අයි.ඒ. සහ එෆ්.බී.අයි. සංවිධාන
රජයේ කටයුතු ගැන ඔත්තු බලලා

source:
කීර්ති වර්ණකුලසූරිය

ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය එෆ්. බී. අයි. පොලිසිය සහ ඇමරිකානු රහස්‌ බුද්ධි සේවාව යන ආයතන ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධ ඔත්තු බැලූ බව ප්‍රථම වරට විකිලික්‌ස්‌ වෙබ් අඩවිය විසින් හෙළිකර ඇත.

“රහසිගතය” යන තේමාව යටතේ මෙම ඔත්තු බැලීමට අනුමැතිය දී ඇත්තේ රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් මහත්මිය විසිනි.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාවට සහාය දැක්‌වූ රුසියාව සහ චීනය යන රටවල නිත්‍ය නියෝජිතයන් ගැනද ඔවුන් ඔත්තු බලා තිබේ.

විශේෂයෙන් ශ්‍රී ලංකා රජයේ කටයුතු සම්බන්ධව මෙලෙස ඔත්තු බලා ඇතැයි අනාවරණය වී ඇත. ඇමරිකානු රජයේ මෙම රහසිගත ක්‍රියාදාමය ගැන ශ්‍රී ලංකා රජය වෙත වාර්තා වී නොතිබිණි.

ජිනීවාහි මානව හිමිකම් යෝජනාව සම්මත වීමට පෙර මෙම ඔත්තු බැලීම් කටයුතු සිදුවී ඇත.