Thu. Nov 28th, 2024
Spread the News

සුදාගේ මාධ්‍යකරණය ගැන මම යමක් කියන්න යන්නේේ නෑ. ඒක අනාගතයට තියලා අතීතයේදී මොකද උනේ වර්තමානයේ මොකද වෙන්න යන්නේ කියන එකයි මා කියන්න උත්සාහ කරන්නේ.

එක්කෝ සුදා දන්නේ නැහැ. එහෙම නැත්නම් සූදා ඒක නොදන්න විදිහට රඟපානවා විය හැකියි.

කොටි ත්‍රස්තවාදයට උපත දුන්නේ, කතෝලික පල්ලිය උතුරෙන් ආරම්භ කරන කතෝලික දමිළ රාජ්‍යය දකුණ දක්වා ව්‍යාප්ත කිරීමේ ඇමෙරිකාව ඉන්දියාව සහ වතිකානුව ඒකාබද්ධව සැළසුම් කර ඇති වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම සඳහායි.

2009 දී ශ්‍රී ලංකාවේ වීර සෙබළුන් ඓතිහාසික ජයග්‍රහණයකින් යුද්ධය නිමා කළ අවස්ථාවේ හිටපු රදගුරු Oswald Gomiz ප්‍රසිද්ධියේම පැවසූයේ යුද්ධය අවසන් වුණත් ත්‍රස්තවාදය අවසන් නොවුන බවයි.

කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කීවා සේ රද ගුරු කළේ ඇත්ත වැමෑරීමයි.

මෙයට එක් ප්‍රබල සාක්ෂියක් නම් දමිළ ත්‍රස්තවාදයට ඔක්සිජන් සපයන දෙමළ ඩයස්පෝරාව කතෝලික පූජක Emanual යටතේ අදටත් පැවතීමයි.

කපන්න බැරි අත ඉඹීමේ සිරිතට අනුව දකුණේ සිංහල ත්‍රස්තවාදීන්ට අතීතයේදී කිරි පවා හදා අන්තිමට රාජ්‍ය බලය පවා ලබාදීමට කොළඹ රදගුරු සම්මේලනය වෙනුවෙන් කාදිනල් මැල්කම් රංජිත් කටයුතු කළා.

කොළඹ රදගුරු සම්මේලනය අදටත් දෙමළ ඩයස්‌පෝරාවට කිරිපොවනවා. ජීව විද්‍යාත්මකව තණ පුඩු දෙකක් ලැබී තිබෙන නිසා, උතුරේ බෙදුම් වාදීන්ට සහ දකුණේ බෙදුම්වාදීන්ට පල්ලිය කිරි පොවමින් සිටිනවා.

මේවා තේරුම් ගැනීමට තරම් මොළයක් අපට සුදාගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් සුදා ඇත්තටම රටට ආදරේ නම් වහාම කළ යුත්තේ උතුරේ දමිළ බෙදුම්වාදීන්ට පල්ලිය චාමර සැළීම නැවැත්වීමයි.
හැකි නම් එය කර ලක් මෑණියන්ගේ සැබෑ පුත්‍රයෙක් වන්න!

-තෙවෙනි ඇස-
23.11.2024

Protected by Security by CleanTalk