සුදු කොඩි සිද්ධිය ගැන විමර්ශන නෑ
– රජය පිල්ලේට දන්වයි

කීර්ති වර්ණකුලසූරිය
source:
ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයකට ලක්‌වූ සුදු කොඩි සිද්ධිය සම්බන්ධව කිසිදු සාක්‍ෂියක්‌ නැති නිසා ඒ ගැන විමර්ශන පවත්වන්නේ නැතැයි රජය මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ වෙත දැනුම්දී ඇත.

මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සුදු කොඩි සිද්ධිය හෙවත් යටත්වීමට පැමිණි කොටි නායකයන්ට වෙඩි තබන ලෙසට ආරක්‍ෂක ලේකම්වරයා නියෝග කළ බවට කියන පුවත ගැන ප්‍රශ්න කිරීමට නියමිතව තිබිණි.

කිසිදු සාක්‍ෂියක්‌ නැති චෝදනාවක්‌ ගැන රජය විමර්ශනය කරන්නේ කෙසේදැයි රජය නවිපිල්ලේගෙන් ප්‍රශ්න කර ඇත.

මෙම සුදු කොඩි සිද්ධිය ගැන සාක්‍ෂිදීමට කැමැති සාක්‍ෂිකරුවන් රාජ්‍ය නොවන සංවිධාන මගින් ඉදිරිපත් කර ඇතැයි නවිපිල්ලේ සිය වාර්තාවේ දක්‌වා තිබිණි.

එහෙත් එකී සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කිරිමට නවිපිල්ලේට නොහැකිවී ඇත.

Protected by Security by CleanTalk