Sat. Jan 18th, 2025
Spread the News

source:

සුනන්ද දේශප්‍රිය හෙවත් ද්‍රෝහියාගේ ජිනීවා ආගමනයඇවිද්ද පය ඩොලර් වටී.. ද්‍රෝහී කට යුරෝ වටී…

ජාතික වීරයින්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලාංකේය ඉතිහාසය විමසා බැලීමේ දී සැණෙකින් පසක් වන අනෙක් කරුණ නම්, මෙරට පහල වූ එම වීර පුතුන් තරමට ම හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ද්‍රෝහීන් පිරිසක් ද වූ බව යි. ඈත අතීතය කෙසේ වෙතත් මෙයට දශකයකට එහා අතීතය නම් කෙසේවත් විමසා බලන්නට එපා යැයි යෝජනා කරමු.

ඒ වෙනකක් නිසා නොව මෙයට දශකයකට පෙර වකවානුව තුල මෙරට සිටි වීරයින් මේ වනවිට ද්‍රෝහීන් බවට පත් ව තිබීමත්, එකල සිටි ද්‍රෝහීන් මෙකල වීරයින් බවට පත් ව තිබීමේ අරුමය නිසා ම ය.

එකල නිතර නිතර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීහු විසින් ආරක්ෂක හමුදා සෙබළුන් ඇතුළු මෙරට සිවිල් ජනතාවට එල්ල කල ප්‍රහාරවලින් දහස් ගණනක් මිය ගිය අතර එම ම්ලේච්ඡ ප්‍රහාර හෙළා දැකීම් වලින් පමණක් ඊනියා ජාත්‍යන්තරය අත් පිස දමා ගත් අතර එම සිදුවීම් යටපත් කරනු වස් සැණෙකින් කොළඹ කොටුව දුම් රිය ස්ථානය ඉදිරිපිට ට හෝ ලිප්ටන් වට රවුමට එකතු වන පිරිසකි.

“මාධ්‍ය නිදහස දියව්.. දමිල අයිතීන් සුරකිව්..” යනාදී සටන් පාඨ රැසකි. බටහිරයෝ විසින් තම ඉඳුලට නම්මවා ගත් නරුමයෝ රැළකි. ඒ අතරේ සිටින “මෙරට මහා මාධ්‍ය ඔස්තාර්” යැයි කියා ගත් සුනන්ද දේශප්‍රිය නැමැත්තෙක් වේ. හේ අන් කවරෙක් හෝ නොව. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යැයි හැඳින්වූ සංවිධානයේ කැඳවුම්කරු විය. බටහිරින් ලැබෙන ඩොලරය මේ නිර්ලජ්ජිතයින්ට කෙතරම් වටී ද යත් ඒ වෙනුවෙන් සමස්ථ ජාතියම නොව සිය මව් වුවද විකිණිය හැකි මේ සුනන්ද දේශප්‍රිය වැන්නවුන් පසු කලක දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත්වාදීන්ගෙන් පඩි ගන්නා තත්වයට ම නපුංසක වී සිටිය හ,.

සුනන්ද දේශප්‍රිය නම් මේ නිර්ලජ්ජිත නපුංසකයා ගැන අප මේ තව තවත් කතා කරන්නේ, ඉතිහාසයට එක්වන මෙවන් ද්‍රෝහීන් පිලිබඳ හැකි තරම් ලිඛිත සටහන් සයිබරය පුරා විසිරුවා තැබීමට මිසක් මේ නිර්ලජ්ජිත හිඟන්නන්ට ප්‍රසිද්ධිය ලබා දීමට නොවේ,. 2009 වර්ෂයේ දී ත්‍රස්තවාදය මෙරටින් තුරන් වීමත් සමගම විදේශයකට පැන ගිය මේ ද්‍රෝහියා ගේ “දේශයට හතුරු” ක්‍රමවේදය අදටත් ඒ ඒ රටවල සිට දියත් කරන්නේ, “ඩොලරය” නිසාම මිස වෙන යම් දේකට නොවේ.

පසුගියදා ජිනීවා හි ජගත් මානව හිමිකම් සැසියේ දී දක්නට ලැබුණු මේ නිර්ලජ්ජිතයාගේ සුපුරුදු ද්‍රෝහී ක්‍රියාදාමය යළිත් එළි දැක්විණි.

තමාට උපන් දේශයට එරෙහි ව ඉතා නිර්ලජ්ජිත අයුරින් ජාත්‍යන්තරය ඉදිරියේ ක්‍රියා කිරීම මේ ද්‍රෝහියාට “හරි ලොකු” වැඩක් වන්නට පුළුවන.. ඒත් සුනන්ද දේශප්‍රියගේ මේ ද්‍රෝහී ක්‍රියාපිළිවෙතට නියම උත්තරය සැපයුවේ මාලදිවයිනෙනි. ඒ මාලදිවයින් ජනපතිවරයාගෙන් කිසිවිට ලැබේ යැයි කියා නොසිතූ ප්‍රතිචාරයකිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කිරීමට මාලදිවයින් ජනපතිවරයාට ඇති අයිතිය පිලිබඳව ප්‍රශ්ණ කල සුනන්ද දේශප්‍රිය නම් මේ නපුංසකයාට පෙරළා මාලදිවයින් ජනපති මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාව පිලිබඳ තමාගේ ඇති දැනුම ද සමගින් ප්‍රතිචාර දැක්වුයේ, “ඔබේ මව් රටට එරෙහිව මේ අයුරින් ක්‍රියා කිරීම කෙතරම් නිර්ලජ්ජිත ද?” යන්න විමසීමෙනි.

සුනන්ද දේශප්‍රියට එකක් මතක් කර දිය යුතු වේ..
එනම්, සදාකල් මෙරටින් බැහැර වී ඔහුට පැවතිය නොහැකි බව යි. මේ දුවන දිවිල්ලෙන් හති වැටුනු දාක බටහිරයෝ හෝ ත්‍රස්ත මිතුරෝ ඔහුව නොසලකා හරිනු ඇත. එදාට යළි මෙරටට පා තැබීමට සිදුවීම ද අනිවාර්‍යය ය.

– කිවුලේගෙදර මොහොට්ටාල වන මවිසින් අබුද්දස්ස කාලේ හතර කොණ හිංගලයින් වෙත ලියා දැන් වූ වගකි…

Protected by Security by CleanTalk