සොරුන්ට, අපරාධකරුවන්ට සැඟවීමට හොඳම තැන චීවරය බවට පත්කරගෙන

Spread the News

සොරුන්ට, අපරාධකරුවන්ට සැඟවීමට හොඳම තැන චීවරය බවට පත්කරගෙන
පොලිසියට බැරි නම් මේවා මැඬිමට බොදු බල සේනා සූදානම්
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

ශිරාන් රණසිංහ source:

බාලවයස්‌කාර දරුවන්ට, තරුණයන්ට චීවර අන්දවා ඒ අය යොදවා මුදල් එකතු කිරීමේ සංවිධානාත්මක ජාවාරමක සුලමුල සොයාගැනීමට බොදු බල සේනා භික්‍ෂු සංවිධානය සමත්ව සිටී.

විහාර ප්‍රතිසංස්‌කරණ හා බුද්ධ ප්‍රතිමා ඉදිකරන මුවාවෙන් මුද්‍රණය කළ ටිකට්‌පත්, මෙම චීවරධාරීන් අතට පත්කර දිනකට එක්‌ අයකු රුපියල් පහළොස්‌ දහසත්, විසිදහසත් අතර මුදලක්‌ මෙලෙස උපයන බව ද බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

කිරුළපන බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ ඊයේ (09 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බොදු බල සේනා සංවිධානය එලෙස සාමණේර වෙස්‌ ගෙන මුදල් එකතු කිරීමේ නිරතව සිවුර අතහැරි 12 හැවිරිදි තරුණයකු ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබිණි.

බුද්ධ ශාසනය වැනසීම සඳහා විවිධ අන්දමින් යම් යම් බලවේග ක්‍රියාත්මක වන බවත් එහි තවත් පියවරක්‌ වන්නේ පන්සල්වලට ආධාර ලබාගැනීම සඳහා මුදල් එකතු කිරීම බවත් එහිදී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පෙන්වා දුන්හ.

හොරුන්, ස්‌ත්‍රී දූෂකයන්ට හා අපරාධකරුවන්ට සැඟවීමට හැකි හොඳම තැන චීවරය බවට පත්ව ඇති බැවින් පොලිසිය හරිහැටි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති නම් බුද්ධ ශාසනය පිරිසිදු කිරීම සඳහා බොදු බල සේනාව අවශ්‍ය පියවර ගන්නා බවත් උන්වහන්සේ කීහ.

බොදු බල සේනා ප්‍රධානි කිරම විමලජෝති හිමියන් පැවසුවේ මෙවැනි වංචා, දූෂණ හා අක්‍රමිකතාවලට සම්බන්ධ චීවරලාගත් අපරාධකරුවන් පහළොස්‌ දෙනකු අල්ලා ඔවුන්ව පොලිසියට බාරදී ඇති බවයි.

බදුල්ල ප්‍රදේශයේ ප්‍රසන්න නමැත්aතකු ටිකට්‌ පොත් මුද්‍රණය කර දිඹුලාගල කේ. ජී. නුවන් කුමාර හෙවත් දිඹුලාගල සමිත්තදේව ලෙස පෙනී සිටි තරුණයා යොදවා මෙම මුදල් එකතු කිරීමේ ජාවාරම කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

කිරිබත්ගොඩ ඥනානන්ද හිමිගේ ගෝලයකු ලෙස පෙනී සිටි අයකු ද උමතු වෙස්‌ ගෙන බුදු සසුනට නිගා කරමින් කටයුතු කරමින් සිටියදී බොදු බල සේනා සංවිධානය මගින් අල්ලා පොලිසියට බාර දී ඇත.

රුවන්වැල්ලේ සෝභිත වැනි කට්‌ටඩි හා වෙද්දුන් රට පුරා සිටින බැවින් කිසිවකු මේ බොරුකාරයන්ට හසු නොවන ලෙස ද උන්වහන්සේලා ඉල්ලා සිටියහ.

මාධ්‍ය ආයතන මෙවැනි චීවර වෙස්‌ ගත් වංචනිකයන්ගේ ධර්ම දේශනා, හදි හූනියම්, වෙදකම් පිළිබඳ ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද මාධ්‍යවලට දැන්වීම මදිවීමෙන් මුදල් අහිමි වේ නම් පිඬුසිඟා වැඩ හෝ මුදල් ලබාදීමට බොදු බල සේනා පියවර ගන්නා බවත් හිමිවරු මෙහිදී කියා සිටියහ.