හමුදාවට ගත් උතුරේ අක්‌කර විසිදහසක්‌ යළි මුල් හිමිකරුවන්ට දෙයි

Spread the News

හමුදාවට ගත් උතුරේ අක්‌කර විසිදහසක්‌
යළි මුල් හිමිකරුවන්ට දෙයි

ප්‍රියදර්ශන ලියනගේ – යාපනයේ සිට source:

හමුදාව විසින් අත්පත් කරගෙන සිටි උතුරු පළාතේ පිහිටි ඉඩම් අක්‌කර විසිදහස්‌ එකොළහක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ඉඩම්වල මුල් අයිතිකරුවන්ට ලබාදීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (10 වැනිදා) යාපනයේදී පැවසීය.

මෙම ඉඩම් අක්‌කර 20,011 අතර රජයේ ඉඩම් මෙන්ම පෞද්ගලික ඉඩම් ද තිබෙන බව ඇමැතිවරයා පැවසීය.

මෙම ඉඩම්වලින් අක්‌කර 5000 කට වැඩි ප්‍රමාණයක්‌ මේ වන විටත් එම ඉඩම්වල මුල් පදිංචිකරුවන්ට ලබා දී ඇති බවත්, ඉතිරි ඉඩම් කඩිනමින් මුල් පදිංචිකරුවන්ට ලබාදීමට ආරම්භ කරන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

මෙම ඉඩම් යළි ලබාදුන්නද ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සෘජු වැදගත්කමක්‌ ඇති ඉඩම් තවදුරටත් රජය යටතේ තබාගන්නා බවත්, රජය කිසිසේත්ම උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර නොගන්නා බවත් ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.