හමුදාවේ රැසක් සාම සාධක හමුදාවට

Spread the News
source:

ශ්‍රී ලංකාවේ හමුදා භටයන් විශාල පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්ත කිරීමට හැකි වනු ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා සිළුමිණට පැවැසීය.

ශ්‍රී ලංකා හමුදාව කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධ යුද්ධයක් ජයගත් කීර්තිමත් වෘත්තීය තත්ත්වයෙන් ඉහළ හමුදාවක් නිසා මෙසේ විශාල පිරිසකට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ දොර ඇරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ද ඇමැතිවරයා කීය.

පසුගියදා මෙරටට පැමිණි ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා දේසායි බිෂ්වාල් මහත්මිය සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් ඒ සඳහා හොඳ ප්‍රතිචාර ඇයගෙන් ලැබුණ බවත් ඇමැතිවරයා කීය. මේ පිළිබඳව තමන් විශේෂයෙන්ම මෙරට සිටින බටහිර තානාපතිවරුන් සමඟ ද සාකච්ඡා කර ඇති බවත් තවත් විශාල හමුදා භට පිරිසක් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට ඇතුළත් කරගත හැකි වුවහොත් ඔවුන්ගේ මාසික ඉපැයුම් ප්‍රමාණය ද විශාල ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇතැයි ද ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා හමුදාවේ භටයන් මීට කලින් හයිටි, චැඩ්, ලෙබනන් හා දකුණු සුඩානය යන රටවල එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවලට අනුයුක්ත කෙරිණි