Spread the News

හමුදාව යුද අපරාධකරුවන් කරන්නට
එන්.ජී.ඕ. 3 ක්‌ දැරූ තැත වළකී

SOURCE:

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන තුනක්‌ විසින් එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ නව ප්‍රඥප්තියට ඇතුළත් කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇත. මෙම නව ප්‍රඥප්තිය 2011 ජුලි 11 වැනිදා සිට ක්‍රියාත්මක වන නිසා කොටින්ට එරෙහි දියත් කළ වන්නි මෙහෙයුම ඊට අයත් නොවේ. රෝහල්වලට පහරදීමට වගකිවයුතු පාර්ශ්ව දැක්‌වීම සඳහා එකී පාර්ශ්ව නම් කිරීම මෙකී නව ප්‍රඥප්තියට ඇතුළත් වී තිබිණි.

ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප්, ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල්, රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධාන විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එකී ක්‍රියාදාමයට සම්බන්ධ වී තිබේ.

මේ නව ප්‍රඥප්තිය ආරම්භවීමට පෙර එක්‌සත් ජාතීන්ගේ ළමා ආරක්‍ෂක කාර්යාලය විසින් චැනල් 4 වීඩියෝ පටය සම්බන්ධව ආරක්‍ෂක මණ්‌ඩලයේ නියෝජිතයන් වෙත විද්යුත් ලිපියක්‌ රහසිගතව යවා තිබූ බවද හෙළිවී ඇත.

මේ ගැන ශ්‍රී ලංකා රජයට වාර්තාවීමත් සමග එම කාර්යාලයේ ප්‍රධානියා වූ රාධිකා කුමාරස්‌වාමි තමා ඊට සම්බන්ධ නැතැයි ප්‍රකාශ කර තිබේ.