Spread the News

ක්‍රිස්තු පූර්ව 384දී ග්‍රීක් දාර්ශනික Aristotle සඳහන් කළේ “මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සතෙක්” බවයි.

මෙය ඇත්තෙන්ම පැති කිහිපයකින් විමසා බැලිය යුතු ප්‍රකාශයක්.

එය මූලික වශයෙන් ජීව විද්‍යාත්මක විය හැකියි. දෙවනුව සමාජ විද්‍යාත්මක විය හැකියි.
1980දී අප විසින් හඳුන්වා දුන් ජෛව -සමාජ විද්‍යාත්මක න්‍යායට (Social Insecurity) අනුව පුද්ගල අනාරක්ෂිතභාවය පදනම් කරගෙන මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම නොදන්නා අනාගතයක් දක්වාම දිවෙන සනාතන ප්‍රපංචයක් විය හැකියි.

ජර්මන් දාර්ශනික Karl Marx ට අනුව
” මේ දක්වා වූ මානව ඉතිහාසය පන්ති අරගලය පිළිබඳ ඉතිහාසයකි”.
එම මතය පරස්පර විරෝධී බව මවිසින් පෙන්වා දුන්නේ දැනට වසර 44 කට ඉහතදීයි.

Das Capital කෘතියේ මාර්ක්ස් සඳහන් කරන්නේ ප්‍රාථමික කොමියුනිස්ට් සමාජයේ පන්ති භේදයක් නොතිබුන බවයි. පෞද්ගලික දේපළ කියා දෙයක් නොතිබුන නිසා එවන් සමාජයක පන්තිභේදයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නැති බව තේරුම් ගැනීමට උගත්කමක් අවශ්‍ය නොවේ.

තත්ත්වය එසේ තිබියදී මාර්ක්ස් විසින්ම අමතක වීමකින් “මේ දක්වා වූ මානව ඉතිහාසය පන්ති සමාජයක්” කියා හැඳින්වූයේ ඇයිද කියා මා හටද තේරුම් ගත නොහැකියි.

“දේශපාලන සත්වයා” ගේ චර්යාව ව්‍යුහ විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කරන දාර්ශනිකයෙක් නොවුනත් බ්‍රිතාන්‍ය ලේඛකයෙක් වන Jeremy Paxman විසින් 2002 වසරේදී පළ කරන ලද The Political Animal නම් ග්‍රන්ථයේ පොදුවේ දේශපාලකයින් හඳුන්වන්නේ අවජාතකයින් ලෙසයි.

පොදුවේ ගත් කළ දේශපාලකයා ලෝකයේ කොහේ ඉපදුනක් ගුණෝපේත ශීලයෙන් යුත් පුද්ගලයෙක් නොවන බව නම් සක්සුදක් සේ පැහැදිලියි.

Paxman විටෙක දැඩි භාවාත්මක ස්වරූපයෙන් මෙසේ සඳහන් කරයි.
“They may be perfectly pleasant lying bastards, even decent (ඔවුන් විනීත වුවත්, පරිපූර්ණ ප්‍රසන්න බොරු අවජාතකයන් විය  හැකියි).

“මේ බොරුකාර අවජාතකයින් ඇයි මටම බොරු කියන්නේ” කියා විටක මානසික වික්‍ෂිප්තභාවයකින්
අසන්නේ දේශපාලකයන් පිළිබඳව ඔහු තුළ තිබූ අන්තිම විශ්වාසයත් ගිලිහී ගිය අවස්ථාවක විය යුතුයි.

ජාත්‍යන්තරය තත්ත්වය මෙසේ නම් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කුමන කතාද?

ඓතිහාසික වශයෙන් ගත් කළ නිෂ්පාදකයින් නොව වාණිජයින් දේශපාලකයන් වූවා යයි මම අභ්‍යුප ගමනය කරමි.

වෙළඳාමද ලෝකයේ පැරණිම වෘත්තියක් වූ ගණිකා සේවය හා සමාන්තරවම විකාශනය වුණ බව බිඳිය නොහැකි තර්කයකි.

ගැහැණිය ඉන්දියාවේ නගර ශෝභිනියක්, දේවදාසියක්, ජපානයේ ගෙයිෂා  ස්ත්‍රියක් වෙන්න කලින් තම කය විකිණීම තුළින් වෙළඳාමට අවතීර්ණ වුන බව හිතළුවක්වක් නොවේ.

දේශපාලනය හරහා මිනිසා සත්වයෙක් වූවාද, සත්ව සහජාශය  නිසා මිනිසා  දේශපාලකයෙක් වුණිද යන්න විමසා බැලීම විවෘත සංවාදයකට යොමු කිරීම වඩාත් උචිත බව හැඟේ.

ගණිකා වෘත්තිය නීතිගත කිරීම රටේ ආර්ථික දියුණුවට ඉවහල් වන බව කියන වෙනසක් දැකීම සඳහා එය විසඳුමක් ලෙස ඉදිරිපත් කරන
දේශපාලන නව රැල්ලක් ශ්‍රී ලංකාව තුළ ඉදිරියට ඇදෙන බව රහසක් නොවෙයි.

කය විකිණීම හරහා පමණක් නොව උගත්කමද ගණිකා සේවයේ යොදන පිරිස් දිනපතාම වැඩි වෙමින් පවතී.
පැරැන්නන් කීවේ “උගතමනා ශිල්පයමයි මතු රැකෙනා” කියායි.

උගත්කමත් සමග මහ මඟ සිඟන හිඟන්නන්ට අරගල කරනු හැර වෙනත් විකල්පයක් පවතිනා දේශපාලනය විසින් ඉතිරි කර නැත.
මිනිසා මිනිසෙක් ලෙස පවතිනවාද නැතිනම් සත්ව ස්වරූපයට පත් වෙනවාද යන්න තීරණය කරන්නේ දේශපාලනයේ  සදාචාරාත්මක භාවයයි.

මව ගණිකාවක් වූ පළියට දියණියන්ද ගණිකාවන් විය යුතු යැයි කියා ලෝක සම්මතයක් නැත.
එහෙත් දිළිඳු බව නිසාම කාලීන හා කලාපීය වශයෙන් එය අවාසනාවන්ත යථාර්ථයක් බවට පත්ව ඇත.

මානුෂික බව නොඉක්මවා යන වාණිජත්වයක් ආර්ථික ප්‍රවර්ධනයට හේතු විය හැකි බව විවාදාත්මක නොවේ.

දූෂිත පක්ෂ දේශපාලනයෙන් තෙම්පරාදු වී පමණක් නොව හෙම්බත් වී සිටින ජනතාවකට පාර්ලිමේන්තුව දෙවියන් වැඩ වසන දෙවොලක් විය නොහැකියි.

හරිණි දන්නා දේට වඩා නොදන්නා දේ වැඩි නිසා නොදන්නා දේ භාවිතා කරමින් ලියන ලද නිබන්ධනයට බ්‍රිතාන්‍යයින් හරිණිට  යටත් විජිත යුගය සංකේතවත් කරන ඇයටම හරියන පට්ටමක් සාදා දී තිබෙනවා.

පට්ටම නිසා ගැල්සක නොගෙවී දිවෙනවා.

අනේ වාසනාවන්

“වඳින්න වඳින්න ගහන එකාත් මෝඩයාය. ගහන්න ගහන්න වඳින එකාත් මෝඩයාය”

ජාතික වීරයන් සොයා වඳින්න ගිය දේවාලය වන පාර්ලිමේන්තුව  හොරගුලක් නිසා හිස මතට කඩා වැටී තිබියදීත් එම දේවාලයේ සුන්බුන් අතර දෙවියන් සොයන අමන රටවල්  ලෝකයේ තවත් ඇත්ද?

-තෙවැනි ඇස-
10.08.2024