Spread the News

හලාල් සහතික දීම මින්පසු කවුන්සිලයෙන්
source:
චතුර පමුණුව

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා හලාල් අනුකූලතා සහතික නිකුත් කිරීම මින් ඉදිරියට හලාල් ප්‍රතීතන කවුන්සිලය විසින් සිදු කරනු ඇත. මෙය පසුගිය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මකය.

මෙම කවුන්සිලය 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ස්‌ථාපිත කර ඇති අතර යුරෝපය හා රටවල් 27 ක්‌ මේ වනවිට මෙම කවුන්සිලය හා සමූහ අවබෝධයක්‌ ගොඩනගාගෙන ඇත.

මෙම කවුන්සිලය ලාභ නොලබන ආයතනයක්‌ බව එහි ප්‍රධාන විධායක µනර් අලි මහතා ප්‍රකාශ කරයි.

ලොව පුරා හලාල් නිෂ්පාදන වෙළෙඳපොළේ වටිනාකම ඩොලර් ටි්‍රලියන දෙකකි.

මෙරට හලාල් ප්‍රතීතන කවුන්සිලයේ සියලු කටයුතු විනිවිද භාවයකින් සිදු කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරියා කියයි.