Spread the News

megettuwatte

Divaina: ඉවෝනි පුත්තලම කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි. විවාහක ඇය අන්තවාදී කතෝලික ආගමක ප‍්‍රබල සාමාජිකාවකි. එලෙසම රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ සම්බන්ධ වී මුදල් මත බුද්ධාගම විනාශ කිරීම සඳහා නොයෙක් ආකාරයේ කුමන්ත‍්‍රණ සිදු කරයි.

 අනූපමා බෞද්ධ කාන්තාවකි. ඇය ද වසර කිහිපයක සිට මුදල් මත ඉවෝනි සමඟ එකතු වී බුද්ධාගම විනාශ කිරීම සඳහා කුමන්ත‍්‍රණය සිදු කරයි. ඉවෝනිගේ හොඳම ගෝලයා වන්නේ ද ඇයයි.

 පුත්තලම ප‍්‍රදේශයේ එක්තරා කාන්තා සංවිධානයක් තිබේ. ඉන්‍ද්‍රා එම කාන්තා සමිතියේ ප‍්‍රබල සාමාජිකාවකි. එමෙන්ම ඇය පුත්තලම ප‍්‍රදේශයේ මුදලට කාන්තාවන් විකුණන ජාවාරමක් ද හොර රහසේ සිදු කරගෙන යයි.

 ගණිකා වෘත්තිය අනිවාර්යයෙන් ම නීති ගත කළ යුතු බවත්, මෙරට යුද හමුදා සෙබළුන් උතුරේ දෙමළ තරුණියන් බලහත්කාරයෙන් දූෂණය කළ බවත් පවසා රට පුරා බොරු ප‍්‍රචාර දියත් කිරීමට ද මෙම කාන්තාව උත්සාහ කළාය. එමෙන්ම ඇය ඉවෝනිලා සමග එකතු වී බුද්ධාගම විනාශ කිරීමට ද කටයුතු සිදු කරයි.

 පසුගිය සතියේ එක්තරා දිනක මෙම කාන්තාවන් තිදෙනා මුණගැසී මෙලෙස කතාබස් කළහ.

 ‘‘ඉවෝනි අපේ ගමේ පන්සලේ නායක හාමුදරුවන්ට පොඩි ගේමක් දෙන්න ඕනෑ’’

 ‘‘ඒක තමයි ඉන්ද්‍රා ඒකනම් නියම අදහසක්. මමත් කල්පනා කළා ඔය ගැන ටික දවසක ඉඳන්. මේ බෞද්ධ කාන්තාවක් වන අනූපමාත් ඉන්නවනේ අපිත් එක්ක.’’

 ‘‘ඔව් ඔව් මම බෞද්ධ නමට විතරයි. ඒක නිසා ඕන දෙයක් කරන්නම්.’’

sanga2

‘‘අනේ ඒක ලොකු දෙයක් අනූ.’’

 අපි හොඳ ගේමක් ගහලා පන්සලේ හාමුදුරුවන්ව පන්නලා දාමු.’’

 ‘‘ඒක තමයි ඉන්ද්‍රා අනිවාර්යෙන්ම කරන්න ඕනෑ. අපේ් ආගමෙන් කියන්නෙත් ඒකම තමයි. කොහොම හරි බුද්ධාගම විනාශ කරන්න කියලා. ඒ සඳහා සල්ලිත් ඕන තරම් වියදම් කරනවා.’’

 ‘‘ඒකනෙ ඉවෝනි, අපිට සලිල් තියෙනවනේ. හොඳ වැඩක් දෙමු. එහෙනම් හාමුදුරුවන්ට’’

 ‘‘අනූ මොකක්වත් කල්පනා වෙන්නේ නැද්ද ඔයාට’’

 ‘‘එක පාරට නම් කල්පනා වෙන්නේ නැහැ. බලමු හොඳ වැඩක් අඹරලා දෙන්න හාමුදුරුවන්ට.’’

 ‘‘තියෙනවා කරනවා නම් නියම වැඩක්.’’

 ‘‘මොකක්ද ඉවෝනි ඒ.’’

 ‘‘අපේ ආගමෙන් තමයි හාමුදුරුවන්ට එහෙම කරන්න කියන්නේ.’’

 ‘‘ඒ මොකක්ද? අගේ නොකර ඉක්මනට කියන්නකො.’’

 ‘‘එහෙනම් නෝනලා දෙන්නා හොඳට අහගන්න.’’ අපි තරුණියෝ දෙන්නෙක් ඇඟපත පේන විදිහට අන්දලා පන්සලට යවනවා.’’

 ‘‘එහෙම යවලා මොනවා කරන්නද?’’

 ‘‘පැහෙන්නෙ නැතිව ඉන්නකො. ඊට පස්සෙ කරන දේ මම කියන්නම්. ඒ යන එක් තරුණියකට තියෙන්නේ හාමුදුරුවන්ට සෙක්ස් කතා ටිකක් කියලා පොඞ්ඩක් යාළුකර ගන්න බලන්න. එහෙම බැරිවුණොත් එක පාරට ම හාමුදුරුවන්ව බදාගෙන කෑගහන්න දූෂණය කරන්න හැදුවා කියලා. ඒ එක්කම අනෙක් කෙනා මේ සේරම වීඩියෝ කරන්න ඕන. ඒ එක්කම අපේ ඉන්න සෙට්එක අරන් පන්සලට මම එන්නම්. ඇවිත් හාමුදුරුවන්ටත් ගහලා, පන්සලත් විනාශ කරමු. වීඩියෝ එකත් එක්ක ප‍්‍රචාරය යවමු පන්සලට ආපු තරුණියක්ව හාමුදුරුවෝ දූෂණය කරන්න හැදැවා කියලා. එතැනින් අපේ නාට්‍ය ඉවරයි. හොඳ ගාණක් ගන්නත් පුළුවන්.’’

 ‘‘නියමයි ඉවෝනි නියමයි.’’

 ‘‘ඒත් පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා ඉන්ද්‍රා’’

 ‘‘මොකක්ද ඒ’’

 ‘‘පන්සලට යන්න කෙල්ලො දෙන්නෙක් හොයා ගන්නේ කොහොමද?’’

 ‘‘අයියෝ ඒක සුළු දෙයක්නෙ. වෙන කවුරුත් ඕන නැහැ. මමයි අනූයි යන්නම්කො. මොකද කියන්නේ අනූ උඹ කැමතිද මේකට’’

 ‘‘ආයි අහන්නත් දෙයක්ද අක්කේ.. මම එන්නම්.’’

‘‘ඒකනේ කියන්නේ ඉවෝනි. දැන් ප‍්‍රශ්නෙ ඉවරනේ. ඔයා අනිත් වැඩ ටික බලාගන්න. පන්සලට යන්න ඕන දවස විතරක් අපිට කියන්න.’’

 එම කාන්තාවන් තිදෙනාගේ කතාව එතැනින් අවසන් විය. ඉන් පසු ඉවෝනි තම ආගම් නායකයන්ට ඒ පිළිබඳව දැන්නුවාය. එහිදී එම අන්තවාදී ආගම් නායකයන් ඇයට අවශ්‍ය උපදෙස් ලබා දී පැවසුවේ හැකි ඉක්මනින් එය සිදු කරන ලෙසයි.

ඒ අනුව ඉවෝනි පන්සලේ නායක හාමුදුරුවන් එළවා දැමීම සඳහා ඉන්ද්‍රා සහ අනූ සමග එකතු වී සැලසුම් කළහ. ඒ සඳහා නියමිත දිනයක් සහ වේලාවක් ද සාදා ගත්හ.

 එම ප‍්‍රදේශයේ සිටිනා බෞද්ධ විරෝධීන් පිරිසකට ද ඇය මේ පිළිබඳව පවසා පන්සලෙන් හාමුදුරුවන් එළවා දැමීමට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය. එම පිරිස ද එක පයින් ම එයට කැමැති වූහ. ඒ අය අතර ඉහළ රාජ්‍ය නිලධාරීන් සහ එම ගමේ ප‍්‍රභූ පිරිසක් ද සිටියහ.

 ඉවෝනිගේ සැලසුමට අනුව එම පිරිස කුමන්ත‍්‍රණය කළේ කල්පිටිය පාර දැවව මාංපුරිය ගමෙහි පිහිටි අන්තර් සම්බුද්ධ විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වන සුමිත්ත හිමියන් පන්නා දැමීමටයි.

 රහසිගතව ඉතාමත් සූක්‍ෂමව පිරිස මෙම කුමන්ත‍්‍රණය සිදුකළත් සුමිත්ත නායක හාමුදුරුවන්ට ඒ පිළිබඳව දැන ගන්නට ලැබුණි. ඒ එම ප‍්‍රදේශයේ ම සිටින ක‍්‍රිස්තියානි ආගමික කාන්තාවක් මාර්ගයෙනි. එම කාන්තාව සිදුවන්නට යන කුමන්ත‍්‍රණය පිළිබඳව අකුරක් නෑර සුමිත්ත හිමියන්ට පැවසුවාය.

 සුමිත්ත හිමියෝ වහාම දායක සභාව රැස් කළහ. එලෙස රැස් කර සිදුවන්නට යන දෙන පිළිබඳව ඔවුනට පැවසූහ. ඒ අනුව රැස්ව සිටි දායක පිරිස ඒ පිළිබඳව සාකච්ඡා කරගත යුතු පියවර ගැන තීරණයකට පැමිණියහ.

 නියමිත දිනය උදාවිය. දායක සභාවේ සාමාජිකයෝ පිරිසක් කල්වේලා ඇතිව පන්සලට පැමිණියහ. ඔවුහු හොර රහසේම විහාර ගෙය ඇතුළට වී ඉදිරියේදී සිදුවන්නට යන දෙය පිළිබඳව විමසිල්ලෙන් පසුවූහ.

 එම පිරිස පැමිණ පැයකට පමණ පසු ඉන්ද්‍රා සහ අනූ පන්සලට පැමිණියහ. එලෙස පැමිණ ගරු සැලකිල්ලක් නොමැතිව සුමිත්ත හාමුදුරුවෝ සමඟ මෙලෙස කතා බස් කළහ.

 ‘‘ඉතින් හාමුදුරුවනේ කොහොමද සැප සනීප’’

 ‘‘වරදක් නැහැ. හොඳින් ඉන්නවා’’ මේ උපාසක නෝනලා දෙන්නා පන්සලට ආවේ විශේෂ හේතුවකට ද?’’

 ‘‘අනේ නැහැ. අපේ හාමුදුරුවන්ව බලලා පොඞ්ඩක් කතා කරලා යන්න’’ ආවේ.

 ‘‘එහෙමද. මුලින්ම ගිහිල්ලා බුදුන් වැඳලා එන්න එහෙනම්.’’

 ‘‘බුදුන් වඳින්න ඕනෑ නැහැ. අපි අපේ නායක හාමුදුරුවොත් එක්ක ටිකක් කතා කරලා යන්නං’’

 ‘‘උපාසක නෝනලාට මගෙන් මොනවද දැන ගන්න ඕනෑ’’

 ‘‘එහෙම විශේෂ දෙයක් නැහැ. ටිකක් කතා කරමු.’’

 ‘‘ඒක තමයි මම එක පාරක් ඇහුවේ මොනවා ගැන ද කතා කරන්න ඕනෑ කියලා.’’

 ‘‘මේකයි හාමුදුරුවනේ අපි දෙන්නම කැමතියි හාමුදුරුවන්ට.’’

 ‘‘මට ඔය උපාසක නෝනලා දෙන්නා විතරක් නොවෙයි ගමේ හැම දෙනාම වාගේ කැමතියි. මොකද මම ඉන්නේ ඒ අයට ධර්මය අවබෝධ කර දෙන්නනේ.’’

 ‘‘අපිටනම් ධර්මය අවබෝධ කර ගන්න ඕනේ නැහැ. හාමුදුරුවොත් එක්ක ළඟින් ඉඳන් කතාකරන්න තිබුණොත් ඇති.’’

 ‘‘මට හරියට පැහැදිලි නැහැ උපාසකම්මලා කියන කතාව.’’

 ‘‘මේකයි හාමුදුරුවනේ කෙළින්ම කතා කරමුකෝ. අපි කැමතියි හාමුදුරුවොත් එක්ක පේ‍්‍රම සම්බන්ධතාවක් ගොඩනඟා ගන්න. ඒක කාටවත් කියන්නේ නැහැ. අපි දෙන්නා විතරයි දන්නේ. මොකද කියන්නේ.’’

 ‘‘ඔය ළමයි දෙන්නට පිස්සුද? මම එහෙම කෙනෙක් නෙමෙයි. බුද්ධ පුත‍්‍රයෙක්. ඔය වගේ කතා කියලා පව් පුරවා ගන්න එපා.’’

 ‘‘අනේ යන්න හාමුදුරුවනේ. ඔය ඕන තරම් සාධුලා එහෙම කරන්නේ. අපි දන්නවා ඒකයි අපිත් ආවේ හාමුදුරුවෝ එක්ක එහෙම එකක් පටන් ගන්න.’’

 ‘‘නිකං බොරු කියලා පව් පුරවා ගන්නේ නැතිව මෙතැනින් පිටවෙලා යන්න ඔය ළමයි දෙන්නා.’’

 ‘‘එහෙම කියන්න එපා. අපිත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න. හාමුදුරුවන්ට හොඳ ෆන් එකක් දෙන්නම්. බලන්න අපි දෙන්නා දිහා කොච්චර ලස්සනද? ආයි මේ වගේ චාන්ස් එකක් එන්නේ නැහැ කවදාවත්.’’

 ‘‘මම ඔය ළමයින්ට හොඳින් තේරුම් කරලා දුන්නා. ඔය වගේ කතා කියලා පව් පුරවා ගන්න එපා කියලා මම එහෙම කෙනෙක් නොවෙයි.’’

 සුමිත්ත නායක හාමුදුරුවන්ට පැවසීමට හැකි වූයේ එපමණකි. එක්වරම එතැන සිටි කාන්තාවක් කෑ ගසාගෙන නායක හාමුදුරුවන් බදා ගැනීමට ඉදිරියට පැන්නාය. එහෙත් ඇයට ඉලක්කය වැරදුනි. නායක හාමුදුරුවෝ පියවරක් පිටුපසට වූහ. ඒ ක්‍ෂණයකින් එම අවට හොර රහසේ සැඟවී සිටි දායක සභාවේ සාමාජිකයෝ ද එම ස්ථානයට පැමිණියහ. ඔවුහු මුල සිටම සිදු වූ දෙය බලා සිටියහ.

 කාන්තාවෝ දෙදෙනා තමන් සිදු කරන්නට ගිය කුමන්ත‍්‍රණය වැරදුන බව දැන ගත්හ. ඒ අනුව විහාරස්ථානයෙන් හොර රහසේම පැන ගන්නට උත්සාහ කළහ. එහෙත් එම ස්ථානයේ සිටි දායක සභාවේ සාමාජියෝ එයට ඉඩ නොදුන්හ. ඔවුහු තරයේ එම කාන්තාවන්ට අවවාද කළේ යළි මෙවැනි ක‍්‍රියා සිදු නොකරන ලෙසය.

 සිද්ධිය එතැනින් අවසන් වූයේ නැත. මෙම කුමන්ත‍්‍රණයේ මහ මොළකාරිය වූ ඉවෝනි සිටියේ දැඩි කේන්තියකිනි. ඒ තම සැලසුම ක‍්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ නිසා ය. එහෙත් එම ස්ත‍්‍රිය එයින් නතර වූයේ නැත. එම ප‍්‍රදේශයේ පොලිසියේ නිලධාරියෙක් සහ රජයේ උසස් නිලධාරියකු සමඟ එකතු වී සුමිත්ත හිමියන්ට විරුද්ධව මඩ ප‍්‍රචාරයක් ගෙන ගියහ. ඒ සුමිත්ත හාමුදුරුවන් පන්සලට පැමිණි තරුණියකට ලිංගික හිරිහැර කිරීමට සැරසුණු බව පවසමින් ය.

 එය සැලවීමත් සමඟම සුමිත්ත හිමියෝ නොරොච්චෝල පොලිසියට ගොස් තමාට සිදු වූ අසාධාරණය පිළිබඳව සාක්‍ෂි සහිතව පැමිණිල්ලක් දැමූහ. පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු සැකකාර කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ. එලෙස ගෙන කළ ප‍්‍රශ්න කිරීම් හමුවේදී එයට අනුබල දුන් මහ මොළකාරිය ද අත්අඩංගුවට ගත්හ. එහිදී අනාවරණයවූයේ අන්තවාදී ක‍්‍රිස්තියානි ආගමක අනුදැනුම ඇතිව සුමිත්ත හිමියන් විහාරස්ථානයෙන් එළවා දැමීම සඳහා මෙවැනි කුමන්ත‍්‍රණයක් සිදුකළ බවයි.

 අවසානයේ අධිකරණයට ඉදිරිපත් කළ පසු මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ එම සැකකාර කාන්තාවන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

 මෙම සිදුවීම සුළුකොට තැකිය නොහැකිය. වර්තමානය වනවිට බුද්ධාගම ඉලක්ක කරගෙන අන්තවාදී ආගම් සහ සමහර රාජ්‍ය නොවන සංවිධාන මෙවැනි කුමන්ත‍්‍රණ සිදු කරයි. මෙහි බරපතළම තත්ත්වය වනුයේ සිවුරු පොරවාගෙන බෞද්ධ භික්‍ෂුන්වහන්සේ වශයෙන් පෙනී සිටිමින් මෙවැනි අන්තවාදීන් භික්‍ෂුවකට නොගැළපෙන ක‍්‍රියා සිදුකර අන්තර්ජාලයට පවා මුදා හැරීමයි.

 වගකිවයුතු නිලධාරියනි, මෙවැනි පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව සොයා බලා වහාම නීතිය ක‍්‍රියාත්මක කරන්න. එලෙස නොකළහොත් මෙවැනි අන්තවාදීන් බුදු දහම මෙරටින් සදහටම තුරන් කිරීමට පියවර ගනනවා ඇත.