
හැම පුද්ගලයෙක් තුළම මෝඩයෙක් වගේම බුද්ධිමතෙක්ද ජීවත් වෙනවා.
එය ස්වභාව ධර්මයෙන් මිනිසාට ලැබෙන ජීවවිද්‍යාත්මක ත්‍යාගයක්.
හැමදාම හැම විටම බුද්ධිමතෙක් ලෙස ම පෙනී සිටින්න උත්සාහ කළොත් එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස මෝඩකම මතුවෙනවා.
හැමදාම මෝඩයෙක් ලෙස ජීවත් වුනොත් තමන්ට පමණක් නොව තමන්ගේ සමීපතම අයටත් එය ප්‍රශ්නයක් වෙනවා.
ඒ නිසා ස්ථානෝචිත ප්‍රඥාව ලෙස අවස්ථානුකූලව වරෙක මෝඩයෙක් ලෙසද තවත් විටෙක බුද්ධිමතෙක් ලෙස ද නම්‍යශීලී අන්දමින් ජීවත්වීම එක්තරා විදිහක මැදුම් පිළිවෙතක්. කෙළින්ම මෙය මැදුම් පිළිවෙතක් ලෙස නොපෙනුනත්, ආතතිය අවම කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ඉතාමත් ප්‍රායෝගික විය හැකියි
මෝඩයින් සමග ගනුදෙනු කිරීමේදී මෝඩයෙක් ලෙස ජීවත්වීම තමයි නුවණක්කාර කම.
තමාව හරිහැටි හඳුනා නොගත් කිසිවෙකුට අනිකාව තේරුම් ගන්න බැහැ
- තෙවැනි ඇස-
18.10.2023