හිටපු කොටියා වෙළෙඳ සලකට පැන ගිනි අවි හරඹ පෙන්වයි

Spread the News

හිටපු කොටියා වෙළෙඳ සලකට පැන ගිනි අවි හරඹ පෙන්වයි

හේමන්ත රන්දුණු
source:
කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයකු බව කියන ගෝවින්දන් නමැත්තා ටී 56 ගිනි අවියක්‌ රැගෙන වෙළෙඳ සලකට කඩා වැදී හතර අතට වෙඩි තබමින් යකා නැටීම නිසා මඩකලපුව වෙල්ලාවලි ප්‍රදේශයේ (පෙරේදා 3 වැනිදා) සවස උණුසුම් තත්ත්වයක්‌ උද්ගතවිය.

මෙම හිටපු කොටි ත්‍රස්‌තවාදියා හතර අතට වෙඩි තබමින් කලහකාරී ලෙස හැසිරෙද්දී වෙළෙඳ සලේ සිටි සේවකයන් කීප දෙනෙකු ඔහුට පහරදී තිබේ.

එහිදී ප්‍රහාරයට ලක්‌වූ හිටපු කොටි ත්‍රස්‌තවාදියා බරපතළ තුවාල ලැබූ අතර පසුව ඔහු කලවන්චිකුඩි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර තිබේ.

හිටපු ත්‍රස්‌තවාදියා සතුව තිබූ ටී. 56 ගිනි අවියද පොලිස්‌ භාරයට ගෙන ඇත. මෙම හිටපු ත්‍රස්‌තවාදියා තවත් පුද්ගලයකුද සමග මඩකලපුව වෙල්ලාවලි ප්‍රදේශයේ වෙළෙඳ සලකට කඩා වැදී ඇත්තේ එහි හිමිකරුට තර්ජනය කර මුදල් ලබා ගැනීම සඳහාය.

ව්‍යාපාරිකයා හිටපු කොටි සාමාජිකයාට එහිදී බැන වැදී ඇති අතර පසුව ත්‍රස්‌තවාදියා හතර අතට වෙඩි තබා තිබේ.

ඒ අවස්‌ථාවේ වෙළෙඳ සලේ සිටි සේවකයන් කීප දෙනෙකු මෙම හිටපු කොටි ත්‍රස්‌තවාදියාට පහරදී පසුව ඔහු අල්ලා බැඳ දමා පොලිසිය වෙත භාරදී ඇත.

ගෝවින්දන් නමැති මෙම හිටපු කොටි සාමාජිකයා කලක්‌ කොටි සංවිධානයේ ප්‍රබලයකුව සිටි අතර නැගෙනහිර පළාතේ කොටි ක්‍රියාකාරකම් රැසකට ද සම්බන්ධවී සිටි බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

කලවන්චිකුඩි පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.