Spread the News

හිටපු නාවික කොමදෝරුගේ වැරදුන කුරුමානම

source:

මරණ තර්ජන ඇති බවට පවසමින් කැනඩා රජය නොමග යෑවීමට උත්සාහ කළ හිටපු නාවික කොමදෝරු නඩරාජා කුරුපරන්

* කැනඩා නඩුකාරයෙක්‌ කැනඩාවේ සිට
නාවික හමුදාව යුද අපරාධ කළ බවට කැකිල්ලේ තීන්දුවක්‌ දේ

* වවුනියා සිරගෙයි ජේලර් උප නායක මාරු කිරීමෙන් පසු
කොටි සිරගෙයි පාලනය අල්ලාගත් බව හෙළිවේ

* වන්නි මෙහෙයුමට දායක නොවූ හිටපු නාවික
නිලධාරියකු වූ කුරුපරන් කළ බොරුව හෙළිවේ

* විමුක්‌ති අරගලයට ලොව පුරා ද්‍රවිඩයන්ගේ සහාය
ලැබෙන බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් කැනඩාවේදී පවසයි

* මහර සිරගෙට ගිය එන්.ජී.ඕ. කණ්‌ඩායමක්‌
කොටි ත්‍රස්‌තයන්ගේ සුවදුක්‌ විමසීමට උත්සාහ කරයි

* හිටපු කොටි ත්‍රස්‌තයකු වූ නිමල රූබන් වෙනුවෙන්
ද්‍රවිඩ දේශපාලකයෝ යුක්‌තිය ඉල්ලති

“සරවනබවත් මහත්තයාව ආරක්‍ෂක හමුදාව විසින් අනුරාධපුරයට ගෙන ගියා. මේ නිසා බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු අල්ලාගත් සිරකරුවන් සරවනබවන්ව මුදාහරින්නැයි ඉල්ලීම් කළා.” – කොටි නිල වෙබ් අඩවිය


කැනඩාවේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව යුද අපරා ධ කළ බවට කැකිල්ලේ තීන්දුවක්‌ දුන් ජෝන් ඕ කෙපේ නමැති නඩුකාරයා

වවුනියාවේ කොටි ත්‍රස්‌තයන්ගේ
ඉල්ලීමට මාරු කළ ඡේලර් දසනායක

වුනියාවේ සිරගෙයි තිබී සොයාගත් කොටි ස්‌මාරකය සහ ඇපල් වර්ගයේ චන්ද්‍රිකා දුරකථන

ශ්‍රීධරන් කැනඩාවේදී

සරවනබවන් යනු අහිංසක ද්‍රවිඩ සිවිල් වැසියෙක්‌ නොවේ. විල්පත්තුවේ බිම් බෝම්බ ඇටවූ කොටි ත්‍රස්‌තයෙකි. පසුගිය 29 වැනි සිකුරාදා උදේ වන තෙක්‌ම වවුනියාවේ සිරගෙදර කොටි සිය අණසක මුළු සිරගෙයි තුළ පතුරුවා තිබිණි. මෙයට පෙර දසනායක නමැති ජේලර්වරයෙක්‌ වවුනියා සිරගෙයි පාලකයා විය. ඔහු සිරගෙට එන සෑම දෙයක්‌ම පරීක්‍ෂාවට ලක්‌ කළේය. මේ නිසා කෝපයට පත් කොටි ත්‍රස්‌තයෝ වහාම ජේලර්වරයාව මාරු කළ යුතු යෑයි කියමින් උද්ඝෝෂණයක්‌ කළහ. මේ ඉල්ලීමට බන්ධනාගාර බලධාරීහු හිස නමා විගස දසනායක මීතිරිගල එළිමහන් කඳවුරට මාරු කරනු ලැබීය. ඉන් පසු සිදුවූයේ වවුනියා සිරගෙය හිටපු කොටි ත්‍රස්‌තයන්ගේ පාලනයට නතුවීමයි.

මේ හේතුවෙන් පිටත සිට සිරගෙට ගඩොල් ගෙන්වාගත් හිටපු කොටි ත්‍රස්‌තයන් මියගිය කොටි මිනීමරුවන් සැමරීමේ ස්‌මාරකයක්‌ ද තැනූහ. එහෙත් සිරගේ තුළ සිදුවන්නේ කුමක්‌ද යන්න ආරක්‍ෂක බලධාරීන්ට වාර්තා වූයේ නැත.

විශේෂ කාර්ය බළකායේ ස්‌වැට්‌ කණ්‌ඩායම විසින් සිරගේ තුළ සිටි කොටින්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්වූ චන්ද්‍රසිරි, රෝහිත සහ රත්නායක යන බන්ධනාගාර නිලධාරීන් මුදා ගැනීමෙන් පසු හිටපු කොටින්ගේ මෙහෙයුම හෙළි විය. චන්ද්‍රිකා දුරකථන ඇතුළු ජංගම දුරකථන 54 ක්‌, අමතර බැටරි, සිම්කාඩ් පත් 17 ක්‌, චාජර් 35 ක්‌, හෑන්ඩ් ප්‍රී සෙට්‌ 29 ක්‌, යකඩ කූරු, ගුවන්විදුලි යන්ත්‍ර හතරක්‌, පී කිට්‌ හා වෙනත් උපාංග ද රුපියල් 23047 ක මුදලක්‌ ද සිරගෙයි තුළ තිබී හමුවිය.

මෙලෙස හමුවූ ජංගම දුරකථන අතර ඇපල් අයි වර්ගයේ තමන් සිටින ගැන දැනගත හැකි ජී.පී.එස්‌. තාක්‍ෂණය සහිත චන්ද්‍රිකා දුරකථන ද විය.

විශේෂ කාර්ය බළකාය විසින් මෙම මෙහෙයුම දියත් කරන අතරේ පිටත සිට සිරගෙයි සිටි කොටින්ට තත්ත්වය දැනුම් දුන් කොටි බුද්ධි අංශයට සම්බන්ධ තිදෙනකු ද අසුවිය.

මේ නිසා සනාථ වූයේ වවුනියාවේ සැඟවී සිටින කොටි හිතවාදීහු සිරගෙයි සිටි කොටින්ට අවශ්‍ය සෑම දේම සපයන බවයි. මේ පසුබිම යටතේ වවුනියාවේ සිටි කොටි ත්‍රස්‌ත සිරකරුවන් රැසක්‌ අනුරාධපුර බන්ධනාගාරයට මාරු කෙරිණි.

එම අවස්‌ථාවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් වූ මාවයි සේනාධිරාජා සහ සුමන්තිරන් අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ හිටපු කොටින්ව බැලීමට අවසර ඉල්ලා සිටියත් නිලධාරීහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ. මේ නිසා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරා මෙහෙය වන යුරෝපා කොටි වෙබ් අඩවිය පැවසුවේ අනුරාධපුර සිරගෙදර දී ද්‍රවිඩ සිරකරුවන්ට පහරදී ඇති බවයි.

මේ අතර වවුනියා සිරගෙදර සිටි හිටපු කොටි සතු සිම් කාඩ්පත්වලින් ඔවුන් සබඳකම් පැවැත්වූවන් හෙළි විය. වවුනියාවේ එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු ද්‍රවිඩ සන්ධාන දේශපාලන පාර්ශ්වයන්, කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය හා ව්‍යාපාරික පිරිස්‌ ද ඒ අතර විය. එසේම විදේශ රටවල කොටි ඩයස්‌පෝරාවේ ඒජන්තවරු සමග ද හිටපු කොටි සාකච්ඡා පවත්වා තිබේ.

මෙලෙස වවුනියා සිරගෙදර කොටින්ගේ ප්‍රාණ ඇපකරුවන්ව සිටි බන්ධනාගාර නිලධාරීන්ව බේරා ගැනීමේ මෙහෙයුමට අදාළ සාවද්‍ය තොරතුරු වවුනියාවේ කොටි හිතවාදී මාධ්‍ය පාර්ශ්ව විසින් විගස ලන්ඩනයේ ටී.අයි.සී. නමැති ආයතනය වෙත යවා තිබූ බව හෙළි විය. ඊට අදාළ වීඩියෝ ඡායාරූප යෑවීමට වවුනියාවේ නීතිවේදීන් දෙදෙනකු දැරූ උත්සාහය ද ව්‍යාර්ථ විය.

මේ පසුබිම යටතේ සිය බිරිය හා දරු දෙදෙනා සමග ඇමරිකාව හරහා කැනඩාවට පැනගිය හිටපු නාවික නිලධාරියකු දේශපාලන රැකවරණ ලබාගැනීමට දැරූ උත්සාහයක්‌ ව්‍යාර්ථ වීමේ සිද්ධියක්‌ හෙළි විය.

මෙම නාවික නිලධාරියා 2009 ජුනි මස නාවික හමුදාවෙන් විශ්‍රාම ලැබීය. ඒ වන විට ඔහු නාවික හමුදාවේ විදුලි අංගයේ ද පසුව කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ ද සේවය කළ අතර කිසිසේත් වන්නි මෙහෙයුමට දායක වූයේ නැත.

නඩරාජා කුරුපරන් නමැති මොහු 2009 අගෝස්‌තු 4 වැනිදා ඇමරිකානු – කැනඩා දේශසීමාවට පැමිණියේ සිය බිරිය හා දරු දෙදෙනා සමගය. ඔහු එහිදී දේශපාලන රැකවරණ පැතීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරුවකු දක්‌වා උසස්‌වීම් ලත් කුරුපරන්ට ඇමරිකාවට යැමට වීසා බලපත් සැපයුවේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙනි.

මේ නිසා නඩරාජා කුරුපරන් සහ ඔහුගේ පවුලේ අය කැනඩාවේ දේශපාලන රැකවරණ පතන බව ඇමරිකානු තානාපති නිලධාරීන් නොදැන සිටී යෑයි කිවහැකිද?

2009 අගෝස්‌තු මස සිට කැනඩාවේ ටොරොන්ටෝ නුවර ජීවත්වූ මොහු කැනඩා ආගමන හා සරනාගත මණ්‌ඩලය වෙත කරුණු යොමු කරමින් දේශපාලන රැකවරණ දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. “නාවික හමුදාවේ සිටි ද්‍රවිඩ නිලධාරීන් පස්‌දෙනාගෙන් එක්‌ අයෙක්‌ මමයි. මම ආණ්‌ඩුවටත්, රජයට සම්බන්ධ කණ්‌ඩායම් සහ සටන්කාමීන්ට බියක්‌ දක්‌වනවා”යෑයි ඔහු කියා සිටියේය.

නඩරාජා කුරුපරන් කැනඩා බලධාරීන් හමුවේ තවත් ප්‍රකාශයක්‌ ද කළේය. “විශ්‍රාම යැමෙන් මසකට පසු කරුණාගේ කණ්‌ඩායම විසින් සිය බිරිය පැහැරගෙන ගොස්‌ අතිවිශාල කප්පම් මුදලක්‌ නොදුන්නොත් පවුලේ සියලු දෙනාම මරණ බවට තර්ජනය කළා”යෑයි ඔහු කියා සිටියේය.

එහෙත් මේ බව ඔහු පොලිසියට හෝ මානව හිමිකම් සංවිධානවලට පැමිණිලි කළේ නැත. පැහැර ගැනීමට ලක්‌වූ බව කියන ඔහුගේ බිරිය හා දරු දෙදෙනා සමග ජුලි මසදී ඇමරිකාවට පැමිණීමට හැකිවූයේ කෙසේද?

නඩරාජා කුරුපරන් සහ ඔහුගේ පවුලේ අය කැනඩාවට පැමිණි බව කැනඩා කොටි ජාලයට වාර්තා වුවත් ඔවුහු නිහඬව සිටියහ. පසුගිය ජුනි 13 වැනිදා කැනඩා පෙඩරල් අධිකරණය විසින් කුරුපරන්ගේ දේශපාලන රැකවරණ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඔහු සහ පවුලේ අයව ආපසු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නැයි නියෝග කළේය.

මෙයට අදාළව විනිසුරු ජෝන් ඕකෙපේ ද අපූරු නඩු තීන්දුවක්‌ දුන්නේය. පිටු 50 කින් යුත් එම නඩු තීන්දුවෙන් ඕකෙපේ නඩුකාරයා ශ්‍රී ලංකා නාවික හමුදාව යුද අපරාධවලට හවුල්වී ඇතැයි සඳහන් කළේය.

නඩරාජා කුරුපරන් ද නාවික හමුදාවේ දිගු කලක්‌ සේවය කළ නිසා ඔහු ද ඊට හවුල් වී ඇති බව ඔහු කියා සිටියේය.

ජෝන් ඕකෙපේ නඩුකාරයා මෙහිදී ක්‍රියා කළේ විනිසුරුට අමතරව පැමිණිලිකරු හා සාක්‍ෂිකරු ලෙසිනි. දස දහස්‌ ගණනක්‌ අතුරුදන්වීම හා වධහිංසාවලට ගොදුරුවීමට අදාළ වාර්තා සහ සාක්‍ෂි මත නාවික හමුදාව සහ ආරක්‍ෂක හමුදාව ශ්‍රී ලංකාවේදී ක්‍රමානුකූලව ප්‍රහාර එල්ල කර තිබෙනවා”යෑයි හෙතෙම තවදුරටත් පළ කළේය.

මින් සනාථ වන්නේ නඩරාජා කුරුපරන් තමාටත් පවුලේ අයටත් දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා යොමු කළ කරුණු පාරාවළල්ලක්‌ වීමයි.

කැනඩාවේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව යුද අපරාධ සිදු කළ බවට තීන්දු කළ මේ විශ්මයජනක නඩුකාරයාගේ තීන්දුවෙන් පසු කොටින්ට අරමුදල් සැපයීම සම්බන්ධව චෝදනා එල්ලවී තිබූ කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ ප්‍රකාශක ඩේවිඩ් පූපාලපිල්ලේ එරට මාධ්‍ය අමතා ප්‍රකාශයක්‌ කළේය. “අපේ අධිකරණ පද්ධතිය (කැනඩාවේ) ලොව විශිෂ්ටතම පද්ධතියක්‌. ශ්‍රී ලංකාවේ හමුදා යාන්ත්‍රණය යුද අපරාධ සිදු කළා. ඒ ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු යෑයි තීන්දු කළා”යෑයි ඔහු කියා සිටියේය.

එහෙත් පූපාලපිල්ලේ දේශපාලන රැකවරණ ප්‍රතික්‍ෂේප වූ නඩරාජා කුරුපරන් ගැන සඳහන් කළේ නැත. 1981 දී ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳුන නඩරාජා කුරුපරන් අධිකරණය වෙත පැවසුවේ තමා වෙතින් කොටි සහාය ඉල්ලා සිටි බවත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බවත්ය. එහෙත් ඔහු ඒ බව නාවික හමුදාවට දැනුම් දී නැත.

එසේ වුවත් හෙතෙම කැනඩා අධිකරණය හමුවේ නාවික හමුදාවට එරෙහිව සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇතැයි කෙපේ නඩුකාරයාගේ තීන්දුවෙන් සනාථ විය. මේ අතර නඩරාජා කුරුපරන්ට සිදුවූයේ වඳින්න ගිය දේවාලේ හිස මත කඩාවැටුණාට සමාන සිද්ධියකි.

කැනඩා විනිසුරුගේ නඩු තීන්දුවත් සමගම ටැමිල් එගෙන්ස්‌ට්‌ ජෙනෝසයිඩ් නමැති ඇමරිකානු කොටි හිතවාදී සංවිධානයේ ප්‍රකාශක රජිව් ශ්‍රීධරන් පැවසුවේ යුද අපරාධ සම්බන්ධව කුරුපරන්ට එරෙහිව කැනඩා රජය නඩු පැවරිය යුතු බවයි. මේ පසුබිම යටතේ විනිසුරු ජෝන් ඕකෙපේ වෙත කුරුපරන් යොමු කළ සියලු තොරතුරු හෙළි වී ඇත. 2001 දී ද්‍රවිඩ ජාතිකයකු කුරුපරන් වෙත පැමිණ නාවික හමුදා මෙහෙයුම් ගැන තොරතුරු විමසා තිබේ. 2008 දී කොටින්ගේ මෙහෙයුම් සඳහා බුද්ධි තොරතුරුවල අවශ්‍යතාව මතුවූ අතර ඒ සඳහා විවිධ කොටි ආධාරකරුවන් කුරුපරන් වෙත යොමුවී උපකාර පතා ඇත. මේ අතර 2008 වසරේදී රජයට සම්බන්ධ කණ්‌ඩායම් හා බුද්ධි සේවාව විසින් ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කරන බවට මිතුරකු අනතුරු අඟවා තිබේ. එහෙත් එම මිතුරාගේ ප්‍රකාශය ඇතුළත් දිවුරුම් පෙත්සමක්‌ ඉදිරිපත් කර නැත. මේ නිසා ඝාතන කතාව බොරුවක්‌ බවට කැනඩා ආගමන මණ්‌ඩලය විසින් දක්‌වා ඇත.

කැනඩා ආගමන මණ්‌ඩලය විසින් නඩරාජා කුරුපරන් සහ ඔහුගේ බිරිය වූ බනමිනි කුරුපරන් සහ දරුවන් වූ මයුරන් කුරුපරන් සහ නිරුශාන්ති කුරුපරන්ට දේශපාලන රැකවරණ දීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා ආගමන හා පුරවැසිභාවය සම්බන්ධ ඇමතීමට එරෙහිව නඩු පවරා ඇත.

එම නඩුවේදී විනිසුරු ජෝන් ඕකෙපේ මෙලෙස පවසා ඇත. “කුරුපරන් කිසිවිටක නාවික හමුදාවෙන් ඉවත්වීමට උත්සාහ කර නැත. එහෙත් දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා ඔහු කතාවක්‌ ගොතා ඇත.”

මේ අන්දමටම ද්‍රවිඩ මාධ්‍යවේදියකු යෑයි හඳුන්වා ගන්නා තවත් නඩරාජා කුරුපරන් කෙනෙක්‌ ලන්ඩනයට පැන ගියේය. තමාව ආරක්‍ෂක හමුදාවෙන් පැහැර ගැනීමට උත්සාහ කළ බව ඔහු එහිදී කියා සිටියේය.

මෙලෙස පැහැර ගැනීමට උත්සාහ කළ දින වකවානු පවා තමාට අමතක යෑයි ඔහු පළ කළේය. මේ අතර කොටි බෝම්බවලින් මියගිය අයගේ ඥතීහු තිස්‌ දෙනකු විසින් ඇමරිකාවේ සිරදඬුවම් විඳින කෝටිපති ද්‍රවිඩ ව්‍යාපාරිකයකු වූ රා- රාජරත්නම්ගෙන් වන්දි ඉල්ලා පැවරූ නඩුව පසුගිය සතියේදී ඇමරිකානු ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය. මේ නඩුවට අදාළ සාක්‍ෂි එක්‌රැස්‌ කළේ රහස්‌ පොලිසියේ හිටපු පොලිස්‌ පරීක්‍ෂක ලයනල් මුණසිංහයි. කොටි ප්‍රහාරවලට ලක්‌වූවන්ගේ ඥතීහු රැසක්‌ හමුවීමට ගිය අවස්‌ථාවේ බොහෝ දෙනෙක්‌ ප්‍රභාකරන්ට ඇති බිය නිසා සාක්‍ෂිදීමට ඉදිරිපත් නොවූහ.

එහෙත් කොන්දක්‌ ඇති පිරිස ලයනල් මුණසිංහ හමුවේ සාක්‍ෂි දුන්හ. ප්‍රභාකරන් නමැති මිනීමරුවා ජීවත්ව සිටියදී කොටි හිතවාදී රා- රාජරත්නම්ට එරෙහිව නඩුවක්‌ ගොනු කිරීමට දායක වූයේ නුගේගොඩ නෝලිමිට්‌, වැලිවේරිය, පිළියන්දල සහ කොටුව දුම්රිය ස්‌ථානයේදී කොටි බෝම්බවලට ලක්‌වූවන්ගේ ඥතීන්ය. කරුණාතන්ත්‍රිගේ චමිලා ක්‍රිශාන්ති, ප්‍රියන්ත පෙරේරා, ජයතුංග පුන්‍යශීලි, ධම්මිකා රාජපක්‍ෂ, සදීප ජයසිංහ ගුණසේකර, මියුරින් සිල්වා, අනුෂ කුමාර් ප්‍රනාන්දු, කුසුමාවතී දාබරේ, සුදර්ශිනී ගමගේ, සරත් චන්ද්‍රසෝම, සේනවීර මුනිදාස, මොනිකා කීර්තිලතා, දොaන ශ්‍රියානි සාගරිකා ප්‍රියදර්ශනී, කංකානම්ගේ විෙ-රත්න, දේවගේ දයාවතී, පත්මිනි මහමුදලිගේ, කේ. ගුණවතී, නිරංජලා බුනිඩි පෙරේරා, රෝහණ පත්මසිරි පෙරේරා, මනෝහාරි මෙන්ඩිස්‌, අසංක චන්ද්‍රකුමාර, විජයන් රාජරත්නම්, කපිතන් පත්මසිරි තෙවරප්පෙරුම, රමනි පීරිස්‌, විතාරනගේ චූලරත්න, රාජපක්‍ෂ මනික්‌කුතම්බි සහ යමුනා රානි නමැති පිරිස මෙලෙස රාජරත්නම් හමුවේ පැමිණිලිකරුවන් විය.

මොවුන් අතර ද්‍රවිඩ ජාතික විජයන් රාජරත්නම් ද සිටීම විශේෂ සිද්ධියකි.

මේ නඩුව පවරන අවස්‌ථාවේ රාජරත්නම්ගේ මෙරට වත්කම් රුපියල් බිලියන 13 කට සමාන විය. එහෙත් ඔහුගේ කොළඹ සගයෝ එකී මුදල් තහනමට ගැනීම ව්‍යාර්ථ කළහ.

එසේම ඔවුහු විගස මෙරට නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු ලවා එකී නඩුවට ප්‍රතිචාර දැක්‌වූ නමුත් එය නිෂ්ප්‍රභා විය.

ඒ වන විට ඇමරිකානු එµa.බී.අයි. පොලිසිය විසින් රා- රාජරත්නම් විසින් කොටින්ට ඩොලර් මිලියන පහක්‌ ලබාදී තිබූ බව සොයාගෙන තිබිණි.

මේ කොටි හිතවාදියා 2002 පැවැති රජය සමයේ කොටි දුන් මුදල්වලින් මෙරට බැංකු 2 ක හා සමාගම් 10 ක කොටස්‌ මිලයට ගෙන තිබිණි.

මොහුට මෙරටට එන ලෙස ඇරයුම් කර ඇත්තේ කොළඹ ව්‍යාපාරිකයන් දෙදෙනකු යෑයි හෙළි විය. ඔවුහු අදටත් සුවසේ ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටී. රා- රාජරත්නම් කොටියා ඇමරිකාවේදී ශ්‍රී ලංකාවේ අධිකරණයට ද අවමන් කර තිබිණි. “ශ්‍රී ලංකාවේදී මම විනිසුරුවකුට රුපියල් 50000 ක්‌ දෙනවා. ඔහු මගේ නිවසේදී රාත්‍රි භෝජන සංග්‍රහයකට ද සහභාගි වෙනවා”යෑයි රාජරත්නම් විසින් වහසි බස්‌ දොඩා තිබිණි.

ඇමරිකානු එµa.බී.අයි. පොලිසිය විසින් රාජරත්නම්ව අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීමෙන් පසු ඔහු සිය මිතුරකුව ශ්‍රී ලංකාවට එවා ශාස්‌ත්‍රකරුවකුගෙන් සාස්‌තරයක්‌ අසා ඇත.

“බිය වන්න එපා. ඔබ නිදහස්‌ වෙයි” යෑයි මෙරට ශාස්‌ත්‍රකාරයා කීවේය. එහෙත් කොටස්‌ වෙළෙඳපොළේ වංචාවක්‌ ගැන රා- රාජරත්නම් වරදකරු විය.

මේ ඇමරිකානු කොටියාව එµa.බී.අයි. පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරට සිටි ඔහුගේ සගයෝ ඉංගී්‍රසි පුවත්පතක මාධ්‍යවේදිනියකගේ සහාය පැතූහ. ඇය ලිපියක්‌ ලියමින් රාජරත්නම් කොටින්ගේ ආධාරකරුවකු නොවන බවට ඔහුගේ පියාගේ මිතුරන් පැවසූ බවත් කොටි බෝම්බවලින් මියගිය අයගේ ඥතීන් යෑයි කියා ගන්නා පිරිසක්‌ රාජරත්නම්ට එරෙහිව නඩුවක්‌ පවරා ඇති අතර ඔවුන් නැගූ චෝදනා ගැන ශ්‍රී ලංකාවේදී විමර්ශනයක්‌ කෙරී නැති බවත් දක්‌වනු ලැබීය.

රාජරත්නම් හා ඔහුගේ පියා වූ ෙ-ම්ස්‌ට එරෙහිව ඇමරිකානු අධිකරණය නඩුවේ නඩු පැවරුවේ නීතිවේදී මයිකල් එල්ස්‌නර්ය. මේ පිය පුතු දෙදෙනාගේ දැත්වල ලේ ගැවී තිබෙනවා යෑයි ඔහු අධිකරණය හවුවේ කියා සිටියේය.

එල්ස්‌නර් විසින් රාජරත්නම්ට එරෙහිව නඩු පවරන අවස්‌ථාවේ රුපියල් බිලියන 13 ක මුදල් තහනම් නොවූයේ ඉහළ තැන්වල සිටින මිතුරන් නිසාය.

මේ අතර වවුනියාවේ සිරගෙදර සිද්ධිය අවසන් වූයේ නැත. සිරගෙදර කැරැල්ල මෙහෙය වූ දෙවැනි කොටි ත්‍රස්‌තයා වූ නිමල රූබන් තුවාල ලැබ රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස්‌ ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ ලේකම් වූ කුමාරන් ගුරුපරන් නමැත්තා කළ ප්‍රකාශයක්‌ යුරෝපා කොටි වෙබ් අඩවියේ පල විය. නිමල රූබන්ගේ මරණයට රජය වගකිවයුතු යෑයි ඔහු කොළඹ සිට පවසා තිබිණි.

ඒ වන විට කොළඹ තවත් පිරිසක්‌ මහර සිරගෙදරට ගොස්‌ කොටි ත්‍රස්‌තයන්ගේ සුවදුක්‌ විමසීමට උත්සාහ කර ඇත. ඔවුන් අතර විද්යුත් නාලිකාවක මාධ්‍ය පාර්ශ්වයක්‌ ද විය.

මෙවන් තත්ත්වයක්‌ මැද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් වූ ශ්‍රීධරන් හා යෝගේශ්වරන් කැනඩාවට ගොස්‌ ප්‍රකාශයක්‌ කළහ. “ලොව පුරා සිටින ද්‍රවිඩයන් අපේ විමුක්‌ති අරගලයට සහාය දක්‌වනවා. ශ්‍රී ලංකා රජය විසින් කැනඩා රජය විවේචනයට ලක්‌ කරනවා. අපේ මව්බිමට ඇති බරපතළම ප්‍රශ්නය තමයි බෞද්ධ සංස්‌කෘතිය. මුල්ලිවයික්‌කාල් අපට නැති වුණා”යෑයි ශ්‍රීධරන් කියා සිටියේය.

යෝගේශ්වරන් නමැත්තා ප්‍රකාශයක්‌ කරමින් හමුදාව පනහකට අධික පිරිසක්‌ පැහැරගෙන ගියේ යෑයි පළ කළේය.

ශ්‍රීධරන් සහ යෝගන් සහභාගි වූ මෙම උත්සවයට කැනඩාවේ කොටි හිතවාදීන් ද පැමිණ සිටියහ.

මේ අතර වවුනියා සිරගෙදර සිටි ගනේෂන් නිමලරූබන් නමැති හිටපු කොටි ත්‍රස්‌තයා මියයැම සම්බන්ධව ද්‍රවිඩ දේශපාලකයන් දස දෙනෙක්‌ හා එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් දෙදෙනෙක්‌ ද විපක්‍ෂයේ ද්‍රවිඩ දේශපාලකයකු ද ජනාධිපතිවරයා වෙත සංදේශයක්‌ යවමින් යුක්‌තිය ඉල්ලා ඇත. එහෙත් නිමලරූබන් සිදු කළ ත්‍රස්‌ත ක්‍රියාවන් සම්බන්ධයෙන් යුක්‌තිය ඉටු වූයේද?

කීර්ති වර්ණකුලසූරිය