නුවරඑළිය මහරෝහලේ දැනට මසකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබාගනිමින් සිටි කදපල පදිංචි 52 හැවරිදි ජයරත්න මහතා තිදරු පියෙකි. ඔහුගේ පවුලේ රැකියාවක නියතුවූ එකම කෙනා වුයේ ඔහුය. ඔහු රෝගාතුරු වීමෙන් පවුලට එකම ආදායම් මාර්ගය බිඳ වැටි අසරණභාවයට පතිවී තිබුනේය. ඔහු රෝහල් ගතවීමෙන් පසු ඔහුට දිගටම ඒවනවිට ඔක්සිජන් ලබාදෙමින් තිබුණේය. ඒ අතර රෝහලෙන් පිටවිමටනම් [ OXYGEN CONCENTRTOR MACHINE ] ඔක්සිජන් සාන්ද්‍ර යන්ත්‍රයක දැඩි අවශ්‍යතාවයක් මතුවී පැවතුනත් එම උපකරණය ලබාගැනීම සදහා ලක්ෂ දෙකකට වඩා වැඩි මුදලක් වැයවන බැවින් මෙම අවස්ථාවේ ඔහුටත් ඔහුගේ බිරිඳටත් ඒ සදහා මුදල් නොමැති වීම නිසා ඉතා දැඩි කණගාටුවකින් ඉන්නා දැනගන්න ලැබිණි. ඉතින් එදිනම ඒ ජීවිතය අයදින හුස්ම පොදක් ලබාදීම පිණිස පිං කැමති අයගේ දායකත්වය ලබාදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටි අතර සති දෙකකට නොඅඩු කාලයකින් පින්බර දායකත්ව අපහට ලැබුණි.
රු:2,90500/= වැනි මුදලක් වැයකොට මෙම සත්ක්‍රියාව සාර්ථක කරගැනීමට මුදලින්,ශ්‍රමයෙන් කැපවී ලබාදුන් සහයෝගයට පිංවත් ඔබ සැමට නිවන පරිපූර්ණ කරගැනීමට උත්සාහ ගන්නා,මේ භයානක වූ සංසාර ගමන කෙලවර කරගැනීමට මේ කලාවූ සත් ක්‍රියාව ඔබ සැමට ආශිර්වාදයක් වේවා…කළණ මිත්‍ර ඇසුර ලැබේවා…!!!
සුවපත් වේවා…!!!
-මංජු