Spread the News

සමාජ පරිණාමය තුළ මිනිස්සු මුලින් කොළ අතුවලින් විළි වසාගෙන, පසුව රළු ගෝනි පඩංගු වැනි වස්ත්‍ර සකසා ගන්න කලින් සතුන්ගේ හම් වලින් ඇඳුම් තනා ගත්තා.

අතීතයේදී මිනිස්සු ඇඳුම වැනි දෙයක් හඳුනාගන්නේ විළි වසා ගැනීමට පමණක් නොවෙයි.

දේශගුණික විපර්ය්‍යාස මෙන්ම පරිණාමික ක්‍රියාවලිය තුළ ආදි කල්පික මානවයාගේ සිරුර වසා සිටි රෝමකූප ඉවත්වන විට ශීතයෙන් බේරී සිටීම සඳහා මිනිස්සු වස්ත්‍ර තනා ගත්තා.

කාර්මික විප්ලවයෙන් පසු මහා පරිමාණයෙන් වස්ත්‍ර නිපදවීම ඇරඹීමත් සමගම ඊට මෝස්තර කලාවත් ඇතුල් වුණා.

පන්ති සහෝදරවරුන් බාගෙට හෙළුවෙන් සිටියදී, පක්ෂ නායක සහෝදරවරුන් ලක්ෂ ගණන් වියදම් කරමින් පාවහන් හා විශේෂ ගණයේ කමිස අඳින්න පෙළඹෙන්නේ පංති සටනට වඩා ලස්සනට කාලා බීලා ඇඳලා ඉන්න කොයි මිනිහටත් තියෙන ආශාව වාමාංශිකයයි කියාගන්නා පක්ෂ වල නායකයින්ටත් ඇතිවීම ස්වභාවිකයි.

නමුත් මැත දොඩවන දේශපාලන දර්ශනය ඉදිරියේ නම් එය අදහගන්න බැරි තරම් පරස්පර විරෝධීයි.

ජනතා විමුක්ති පෙරමුණ වැනි ultra radical දේශපාලන ව්‍යාපාරයක පෑ ගුණ ජනතාව වෙනුවෙන් කියා උගුර ලේ රහ වන තුරු කෑගැසූ මහින්ද විජේසේකර
ඔහුගේ බිරිඳ සමග Las Vegas වල කැසිනෝ සෙල්ලම් කරන පින්තූර ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පළ වීම ලැජ්ජාවක සේයාවක්වත් කිසිදා නොදුටු මහින්ද විජේසේකරට ගාණක් වුනේ නැහැ.

පසු කාලයක ජවිපෙ නායකයා වී සිටි සෝමවංශ අමරසිංහටවත් ඔහුගෙන් පසු නායකයා වුණු අනුර කුමාර දිසානායකට වත් එය දැනුනේ නැහැ.

88-89 ජවිපෙ අපරාධ කළා නම් ජවිපෙ වෙනුවෙන් නන්දා මාලනී සින්දු කිව්වේ ඇයිද කියා අනුර කුමාර දිසානායක අහන ප්‍රශ්නය අමු අමුවේ ඔලමොට්ටල කතාවක්.

මෙතන තියෙන්නේ නන්දා මාලිනීගේ කටහඬ පමණයි.
පවන නිර්මාණය වන්නේ ශ්‍රී ලාංකික ගීත ලෝලයින්ගේ අවශ්‍යතාවයකට වඩා පල්ලියේත් අවශ්‍යතාවයක් ඉටු කරන්නයි.

“වැටට උඩින් පනින එවුන්ට මන්න පහර දෙන්න වෙනවා” කියා ලිව්වේ කතිකාචාර්ය සුනිල් ආර්යරත්න. නන්දා මාලනී කළේ ඒකට කටහඬ දෙන එක පමණයි.

කොහොම නමුත් සුනිල්- නන්දා සුසංයෝගය ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් දස දහස් ගණනාවකගේ ජීවිත නැති කිරීමට ඍජුව දායකත්වය දුන් බව අකමැත්තෙන් හෝ පවසන්න සිදුවෙනවා.

අනිත් අයට මන්න කැති අරගෙන පාරට බහින්න කනට මී පැණි වක්කරන විලාශයෙන් ප්‍රබල මාධ්‍යයක් වන ගීතය හරහා ඔවුන් දෙදෙනා තරුණ ජනතාව නොමග යැව්වා. නමුත් ඔවුන් දෙදෙනා අරගලයේ කොටස්කාරයන් නොවී පසුබිමේ සිට ගීත ගැයුවේ කාගේ අවශ්‍යතාවයක් ඉටුකරන්නද?

උතුරේ දෙමළ කොටි ත්‍රස්තවාදයට අත්තිවාරම් දැමූ කතෝලික පල්ලියට අවශ්‍ය වී තිබුණා උතුරේ ක්‍රිස්තියානි දෙමළ අය වෙනුවෙන් භූමියක් වෙන්කර ගැනීම සඳහා සමස්ත රාජ්‍යතන්ත්‍රයටම එරෙහිව යුද්ධයක් දියත් කරන්න. අනාගතයේදී එවැනි යුද්ධයක් ඇතිවුණහොත් සිංහල ප්‍රදේශවල තරුණ තරුණියන් දසදහස් ගණනින් හමුදාවට බැඳී කුමන අන්දමේ හෝ ත්‍රස්තවාදයකට එරෙහිව පෙරමුණට එන බව කොළඹ කතෝලික සභාව පමණක් නොව වතිකානුවත් ඇමරිකන් ඔත්තු සේවාවත් ඉන්දියාවේ රෝ සංවිධානයත් දැන සිටියා.

71 සිද්ධියේදී හා 88-89 සිද්ධියේදී සිංහල තරුණ තරුණියන් අවුස්සා දංගෙඩියට දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ලක්ෂයකට ආසන්න සිංහල තරුණ තරුණියන් වධ බන්ධන වලට හා ඝාතන වලට ලක්වුනා.

මේවා සිදුවන්න කලින් මෙහෙම ලිව්වොත් මෙහෙම ගැයුවොත් මෙහෙම වෙනවා කියා දැනගන්න සුනිල්ට හා නන්දා මාලිනිට හැකියාව තිබුණත් පල්ලියේ අවශ්‍යතාවය ඔවුන් දෙදෙනා විසින් මනාව ඉටු කළා.

“මේ සිංහල අපගේ රටයි” කියමින් 60 දශකයේ හෙළ ගීත ලෝලීන් කුල්මත් කළ නන්දා මාලනී දශක දෙකක් ඉකුත්වද්දී ඒ ගීතය ගැයීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කතෝලික පාසැලක ගුරු පදවියකින් පිදුම් ලැබුවා.

මම හිතනවා අනුර කුමාර ජනාධිපති කමට සුදුසුකම් ලබන්නේ මේ කියන යට ගියාව පිළිබඳ අල්පමාත්‍රයක දැනුමක් නොමැති නිසා කියා.

බංකොලොත් දේශපාලනයකට උගත්කම් අවශ්‍ය නොවන බව සනාථ කරමින් සජිත් ප්‍රේමදාසත් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් ලබා සිටින මොහොතක රටේ රාජ්‍ය නායකයා වීමට සිහින මවන අනුර කුමාර වැන්නකුත් දේශපාලන සාක්ෂරතාවයෙන් වඳ භාවයට පත්වීම ඇත්තෙන්ම ශෝචනීයයි.

දින දෙකකට ඉහතදී මවිසින් අන්තර්ජාලයට මුදා හැරි ලිපියක වර්තමාන ශ්‍රී ලංකා දේශපාලන සන්දර්භය තුළ ඇත්ත හා බොරුව ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරනු ලැබුවා.

වසර පහකට පමණ ඉහතදී මා විසින් (“ජවිපෙ”) ජනාධිපති අපේක්ෂකයෙකුට යෝජනා කරන ලද සංකල්පයක් වූ “විකල්පය වෙනුවට විසඳුම” කිසිම ලැජ්ජාවකින් හෝ හිරිකිතයකින් තොරව වත්මන් ජවිපය එය ඔවුන්ගේ කරගත්තා.

ඒ ලෙසින්ම ඔවුන් දින දෙකකට ඉහතදී මා විසින් නිර්වචනය කරන ලද ශ්‍රී ලංකා දේශපාලන සන්දර්භය තුළ බොරුව හා ඇත්ත ක්‍රියාත්මක වන ආකාරය හිරිකිතයකින් තොරව උදුරාගෙන තිබෙනවා

අතීතයේදී අපේ පැරැන්නන් කීවේ “ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි” කියා.

අද එය “ජනාධිපති අපේක්ෂක කමටත් වඩා ලොකුයි” කියා වෙනස් විය යුතුයි.

-තෙවැනි ඇස-

09.07.2024