ළමා නිවාසයකින් පැන ආ හයදෙනකු නිවෙසක රැඳී සිටියදී අල්ලයි
පල්ලව – අමිල බුද්ධික
විජය කටුපොත – ළමා නිවාසයක නේවාසිකව සිටි ගැහැණු ළමයින් හයදෙනකු එයින් පලාවිත් නිවසක රැඳී සිටියදී හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පෙරේදා (11 වැනිදා) රාත්‍රි 10.00 ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද දුරකථන ඇමතුමකට අනුව මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට පත් මෙම ගැහැණු ළමයින් අවුeරදු 5, 14, 15, සහ 16 යන වයසේ පසුවන අය වන අතර මෙම ළමයින් පවසා ඇත්තේ ළමා නිවාසය භාර දේවගැතිවරයාගේ දඬුවම් දරාගත නොහැකි නිසා එයින් මිදී පලා ආ බවයි. එම ළමයින් පිළිබඳ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමටත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව හලාවත පොලිසිය පැවසීය.
හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂිකා සුභාෂිණී හේරත් මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක් වැටලීම සිදු කළ අතර තවදුරටත් පරීක්‍ෂණ සිදු කරගෙන යනු ලැබේ.