Fri. Oct 18th, 2024
Spread the News

එදා,

වරෙව් ……

වරෙව් , වරෙව් , වරෙව් ……

යමව් පෙරට…..

බලාපියව් ….මුන් වැටි බැඳ ඇති අන්දම.

කාගේ ගෙදරද ?

අපේ ගෙදරම.

කාට ගහන්නද ?

අපිටම ගහන්න.

සෙනවිවරුනි ……. ! අපේ බිම . අපේ උරුමය . අපේ ලේ. අපේ ක්‍රමය. අපේ ස්වර්ගය. අපේ නිදහස.

අපේ නැටුම අපිට ඕනෑ විදියට නැතිව මුන්ට ඕනෑ විදියට අපි නැටිය යුතුද ?

අපේ ගෙදර සිටම අපිට එදිරිවන මුන්. අපේ බිම සිට අපිට එදිරිවන්නට මුන්ට ඇති අයිතිය ?

මරණය සැපයි නිවටයන් වනු වෙනුවට.

වරෙව්…….

වරෙව් .. වරෙව් .. වරෙව් …

පට…පට…පට…. පට,පට,පට……

බලව් ඇහැර ඇත උන්.

අඩිය ගමුද පස්සට මෙපමණ දුරක් පැමිණ.

සිහිකරගනිව් … දුටු ගැමුණුන්. වලගම්බාවන්. විජයබා , ගජබා , රාජසිංහයන් පරපුර. නිතරම සිතව් ඒ නරපතීන් අදටත් සටනේ අප සමග බව. ගැලක් මෙන් වූ මේ උන්ගේ කොටු පවුර සුනු විසිනු කර මිස පසු බහිමුද අපි උන්වහන්සේලාගේ නාමයෙන්. කරමුද අප අගෞරව උන්වහන්සේලාගේ ශ්‍රී නාමයන්ට ? කැලලක් නොතබමු අපිද ඒ ද්වන්ධ වූ එඩියට.

වරෙව්….

වරෙව්… වරෙව් … වරෙව්…

යාළුවා උඹට මේ පැත්ත. කම්මුතු කරව එකෙක් නෑරම.

මිත්‍රයා .. මට තේරෙනවා උඹ ගැන. ඇඹේනිය විලි රුදාවෙන් නොවේද ? කොයින්ද උන්ට රටක් බොල අපි නොකලොත් මේ ටික ? යාළුවා .. උඹට මෙතනින්. ..

ඒයි…. උඹ මෙතනින්….

මිත්‍රයා … උඹ වෙනස්…. මම දන්නවා උඹේ තරම. ඉල්ලීමක් කරමි මම උඹෙන් අවසන් වරට. බේරපන් යටත්වුනු උන්ගේ ජිවිත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නාමයෙන්.

මම මෙතනින් ….

දිනෙක අපි හමුවෙමු සසර කෙදිනක කොහේ හෝ මේ ශ්‍රේෂ්ට දැයේ නාමයෙන්.

අද ,

එදා මම පැනපු පවුරේ අදට ඉතිරිව ඇති කොටහ. ගියා මට මතකයි අර රූස්සය තිබෙන තැන පමණ දක්වා…….

ආ  …. හ්………

එකා පිට එකා. මම නැතත් එතන.

එකා පිට එකා…….

සුනු විසිනු කරයි උන්ගේ කොටු පවුර.

සුන්නත්දුලි වෙයි උන්ගේ ආධිපත්‍යය.

අතන මෙතන කොතන ගියත් ජය අපටයි…….

ජයග්‍රහණයේ ප්‍රීතිය. රණ බෙර හඬ. රණ ගී නොනැවතීම.

පලයව් කාලකන්නි….. මව් බිමේ ඉපදී කහවනුවකට පරයන්ට දාසකම් කරනා තොපි……….

හාත්පස බැලුවෙමි මම

දැනට ඉන්නා තැන සිට….

කාගේද ඒ සුපුරුදු වූ හඬ\ඝර්ජනාව ?

අකුරටම ඉටුකරයි මාගේ උපදෙස මා මිත්‍ර වූ දඩබ්බරයානන් ….

සම්බුදු දහමේ නාමයෙන්.

බොලව් මිනිසුනි….!

අද වුවත් අප ඇත.

තොපි වැටෙන විට

තොපි රැවටෙන විට.

ප්‍රීතිවව් අප්‍රමාණව…..

අති උත්තම වූ සැනසුම පසෙකලා

දැයේ නමින්  

සසර සරනා මෙවන් වූ උතුමන් ගැන.

වැඳ වැටෙව් නිරන්තරව

මතක් වන ඇසිල්ලක් ගානේ ….  

නිරිඳු දුටු ගැමුණුන්ට , නිරිඳු වළගම්බාවන්ට , නිරිඳු ගජබාවන්ට , නිරිඳු විජයබාවන්ට

ඇතුළු මුළු සිංහ රාජ පරපුරටම

ඇයි ?

හැකිකම තිබියදීත්

උන්වහන්සේලා එදා නිවන් පසක් නොකලාට.

ස්තුතියි !

  • චායාරුපය – යංජන බණ්ඩාර.

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading