Spread the News

ෆොන්සේකාට රණවිරු සුබසාධන ඇමැති ධුරයක්‌

අකිත පෙරේරා

ලබන 9 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රණවිරු සුබසාධනයට අදාළ කැබිනට්‌ ඇමැති ධුරයක්‌ හිමිවනු ඇතැයි ආණ්‌ඩු පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී.

ඊට අමතරව ඔහුට පාර්ලිමේන්තුවේ ආණ්‌aඩු පක්‍ෂ ඉදිරිපෙළ අසුනක්‌ ලැබීමට නියමිත අතර විපක්‍ෂයේ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරියෙන් ඇති ආසනය ඒ මහතාට හිමිවනු ඇතැයි පැවසේ.

මේ අතර ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ ලෙස ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය නම් කෙරෙන අතර ඒ සම්බන්ධව ඉදිරියේදී අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් තැබෙනු ඇතැයි ඉහත ආරංචි මාර්ග පවසයි.

ඉඩම් ඇමැතිව සිටි එම්. කේ. ඒ. ඩී. එස්‌. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්‌ වූ පාර්ලිමේන්තු අසුන සඳහා ෆොන්සේකා මහතා පත්කෙරෙන අතර හෙතෙම 2010 වසරේ ද පාර්ලිමේන්තුවට තේරී පත් විය.